කාමසොභන විපාක සිත් අටෙහි සංග්‍රහ නය
කාමසොභන මහා විපාක සිත් අටෙහි විරතිත්‍රයත් අප්‍රමාණ්‍යයෝත් නො ලැබෙන්නාහ. එබැවින් මේ විපාක සිත්හි යෙදෙන චෛතසිකයන් සෙවීමේ දී අන්‍යසමානයන් සහ විරති අප්පමඤ්ඤා හැර ඉතිරි සොභන විසි චෛතසිකයන්ගෙන්ද සෙවිය යුතුයි. මේ විපාක සිත් අටද දුක වශයෙන් සතරකට බෙදා සංග්‍රහ නය දක්වනු ලැබේ.
පළමුවෙනි දුකය (1)
සොමනස්ස ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික දෙ සිතෙහි අන්‍යසමාන තෙළෙසත්, විරති අප්පමඤ්ඤා හැර ඉතිරි සොභන විස්සත් යන තෙතිසක් (33) චෛතසිකයෝ ලැබෙන්නාහ. ඉතිරි එකුන් විසි (19) චෛතසිකයෝ නො ලැබේ.
දෙවෙනි දුකය (2)
සොමනස්ස ඤාණ විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික දෙ සිතෙහි අන්‍යසමානයෝ තෙළෙසත්, විරති අප්පමඤ්ඤා, පඤ්ඤින්ද්‍රිය හැර ඉතිරි සොභන එකුන්විස්ස (19) යන දෙතිස ලැබෙන්නාහ. ඉතිරි විසිදෙනා නොලැබේ.
තෙවැනි දුකය (3)
උපෙක්ඛා සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික දෙ සිතෙහි ප්‍රීතිය හැර අන්‍යසමාන දොළොසත්, විරති අප්පමඤ්ඤා හැර සොභන විස්සත් යන දෙතිස ලැබෙන්නාහ. ඉතිරි විස්ස නො ලැබේ.
සිව්වැනි දුකය (4)
උපෙක්ඛා සහගත ඤාණ විප්පයුක්ත අසංඛාරික සසංඛාරික දෙ සිතෙහි ප්‍රීතිය හැර ඉතිරි අන්‍යසමාන දොළොස ද, විරති අප්පමඤ්ඤා, පඤ්ඤින්ද්‍රිය හැර සොභන එකුන්විස්ස ද යන එක්තිසක් (31) ලැබේ. ඉතිරි එක්විසි දෙනා නො ලැබේ.
කාමසොභන මහා විපාක සිත් අටෙහි සතර සංග්‍රහ නය මෙසේ දත යුතුයි.
| නය | විපාක සිත් | යෙදෙන චෛතසික | නොයෙදෙන චෛතසික | ||||
|---|---|---|---|---|---|---|---|
| 1 | පළමුවෙනි දුකය | අන්‍යසමානයෝ | 13 | 33 | අකුසල් | 14 | 19 |
| විරති අප්පමඤ්ඤා හැර සොභන | 20 | විරති අප්පමඤ්ඤා | 5 | ||||
| 2 | දෙවෙනි දුකය | අන්‍යසමානයෝ | 13 | 32 | අකුසල් | 14 | 20 |
| විරති අප්පමඤ්ඤා පඤ්ඤින්ද්‍රිය හැර සොභන | 19 | විරති අප්පමඤ්ඤා පඤ්ඤින්ද්‍රිය | 6 | ||||
| 3 | තෙවෙනි දුකය | පීති හැර අන්‍යසමාන | 12 | 32 | අකුසල් | 14 | 20 |
| විරති අප්පමඤ්ඤා හැර සොභන | 20 | විරති අප්පමඤ්ඤා | 5 | ||||
| පීතිය | 1 | ||||||
| 4 | සිව්වැනි දුකය | පීති හැර අන්‍යසමාන | 12 | 31 | අකුසල | 14 | 21 |
| විරති, අප්පමඤ්ඤා පඤ්ඤින්ද්‍රිය හැර සොභන | 19 | පීති, විරති, අප්පමඤ්ඤා, පඤ්ඤින්ද්‍රිය | 7 | ||||