කාමසොහන ක්‍රියා සිත් අටෙහි සංග්‍රහ නය.
රහතන්වහන්සේලාට නැවත භවයක් නැති හෙයින් ද, අකුසල් සියල්ලම ප්‍රහීණ කළ බැවින් ද, කාමාවචර කුසල් සිත් නූපදී. ඒ වෙනුවට ඇතිවන්නේ කාමසොහන ක්‍රියා සිත් අට පමණය විරති ධර්මයෝ ඒකාන්ත කුසල් බැවින් මේ ක්‍රියා සිත්හි නො යෙදෙන් නාහ. සුඛිත, දුක්ඛිත පුද්ගලයන් අරමුණුකොට අනුකම්පාව දක්වන කල්හි ඇති වන ක්‍රියා සිත්වල අප්‍රමාණ්‍යා ධර්ම අනියත වශයෙන් යෙදේ. මේ ක්‍රියා සිත්හි සංග්‍රහ නය දක්වන කල්හි දුක වශයෙන් සිත් සතර කොටසකට බෙද දක්වනු ලැබේ.
පළමුවෙනි දුකය (1)
සොමනස්ස ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ක්‍රියා සිත් දෙකෙහි අන්‍යසමාන තෙළෙසත්, විරතිත්‍රය හැර ඉතිරි සොභන චෛතසික දෙවිස්සත් යන පන්තිස් (35) චෛතසික යෙදෙන් නාහ. අකුසලයන් තුදුසත් විරතිත්‍රයත් යන සතළොස (17) නො ලැබේ.
දෙවෙනි දුකය (2)
සොමනස්ස ඤාණ විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ක්‍රියා දෙසිතෙහි අන්‍ය සමාන තෙළෙසත්, විරතිත්‍රයසහ පඤ්ඤින්‍ද්‍රිය හැර ඉතිරි සොභනයෝ එක්විස්සය යන සූතිසක් (34) චෛතසික යෙදෙන්නාහ. ඉතිරි අටළොස (18) නො ලැබේ.
තෙවැනි දුකය (3)
උපෙක්ඛා සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ක්‍රියා දෙසිතෙහි ප්‍රීතිය හැර ඉතිරි අන්‍යසමානයෝ දොළොසත් විරති ත්‍රය හැර සොභන දෙවිස්සත් යන සූතිස් (34) චෛතසිකයෝ ලැබෙති. ඉතිරි අටළොස නො ලැබේ.
සිව්වැනි දුකය (4)
උපෙක්ඛා සහගත ඤාණ විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ක්‍රියා සිත් දෙකෙහි ප්‍රීතිය හැර දොළොස් අන්‍ය සමානයෝ ද විරතිත්‍රය සහ පඤ්ඤින්ද්රිය හැර සොභනයෝ එක්විස්ස ද යන තෙතිස් (33) චෛතසිකයෝ ලැබෙති. ඉතිරි චෛතසික එකුන්විස්ස (19) නො ලැබේ.
කාමසොභන ක්‍රියා සිත් අටෙහි චෛතසිකයන්ගේ සංග්‍රහ නය සතර මෙසේ දත යුතු.
| නය | ක්‍රියා සිත් | යෙදෙන චෛතසික | නොයෙදෙන චෛතසික | ||||
|---|---|---|---|---|---|---|---|
| 1 | පළමුවෙනි දුකය | අන්‍යසමාන | 13 | 35 | අකුසල | 14 | 17 |
| විරති හැර සොභන (අප්‍රමාණ්‍යයෝ අනියතය) | 22 | විරති | 3 | ||||
| 2 | දෙවෙනි දුකය | අන්‍යසමාන | 13 | 34 | අකුසල | 14 | 18 |
| විරති සහ පඤ්ඤින්ද්රිය හැර සොභන | 21 | විරති | 3 | ||||
| පඤ්ඤින්ද්‍රිය | 1 | ||||||
| 3 | තෙවන දුකය | පීති හැර අන්‍යසමාන | 12 | 34 | අකුසල | 14 | 18 |
| විරති හැර සොභන | 22 | පීතිය | 1 | ||||
| විරති | 3 | ||||||
| 4 | සිව්වැනි දුකය | පීති හැර අන්‍යසමාන | 12 | 33 | අකුසල | 14 | 19 |
| විරති පඤ්ඤින්ද්‍රිය හැර සොභන | 21 | පීතිය | 1 | ||||
| විරති පඤ්ඤින්ද්‍රිය | 4 | ||||||