අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අරූපාවචර කුසල් සිත් සතර

  1. ආකාශානඤ්චායතන කුසල් සිත (අනන්ත වූ ආකාශය අරමුණු කොට පවත්නා කුසල් සිත.)
  2. විඤ්ඤාණඤ්චායතන කුසල් සිත. (අනන්ත වූ විඤ්ඤාණය අරමුණු කොට පවත්නා කුසල් සිත.)
  3. ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත. (කිසිවක් නැති බව යන අභාව ප්‍රඥප්තිය අරමුණු කොට පවත්නා කුසල් සිත.)
  4. නෙව සඤ්ඤා නා සඤ්ඤායතන කුසල්සිත. (සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති කුසල් සිත.)

රූපාවචර පඤ්චමධ්‍යානයට පසුව උපදවා ගත් මේ අරූපාවචර සිත් සියල්ල ම උපෙක්ඛා එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙකින් යුක්තවන බැවින් පඤ්චමධ්‍යාන සඞ්ඛ්‍යාවට ම ගැනෙන්නේ ය.