අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූපාවචර කුසල් සිත් පස

  1. වීතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත පඨමජ්ඣාන කුසල් සිත. (වීතක්ක, විචාර, පීති, සුඛ එකග්ගතා යන අඞ්ග පසින් යුත් පළමුවැනි ධ්‍යාන කුසල් සිත.)
  2. විචාර පීති සුඛ එකග්ගතා සහිත දුතියජ්ඣාන කුසල් සිත. (විචාර, පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග සතරින් යුත් දෙවැනි ධ්‍යාන කුසල් සිත.)
  3. පීති සුඛ එකග්ගතා සහිත තතියජ්ඣාන කුසල් සිත. (ප්‍රීති, සුඛ, එකග්ගතා යන අඞ්ග තුනෙන් යුත් තුන්වැනි ධ්‍යාන කුසල් සිත.)
  4. සුඛ, එකග්ගතා සහිත චතුත්ථජ්ඣාන කුසල් සිත. (සුඛ එකග්ගතා යන අඞ්ග දෙකෙන් යුත් සතර වැනි ධ්‍යාන කුසල් සිත.)
  5. උපෙක්ඛා එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන කුසල් සිත. (උපෙක්ඛා එකග්ගතා යන අඞ්ග දෙකින් යුත් පස්වැනි ධ්‍යාන කුසල් සිත.)