කාමාවචර සිත්
එකොළොස් කාම භූමියෙහි නොහොත් කාමලෝකයෙහි බහුලව පවතින, කාමලෝකයටම අයත්, කාමයන් පිළිබඳවූ සිත් කාමාවචර සිත් නම්.
මේ කාමාවචර සිත් සියල්ල 54 කි. මෙයින් සිත් 30 ක් අසෝභනය 24 ක් සෝභනය. අසෝභන සිත් 30 න් සිත් 12 ක් අකුසල් සිත්ය. ඉතිරි සිත් 18 අහේතුක සිත්ය.
අකුසල් සිත් 12 න් සිත් 8 ක් ලෝභ මූල සිත්ය. සිත් 2 ක් දෝෂ මූල සිත් ය. සිත් 2 ක් මෝහ මූල සිත් ය.
අහේතුක සිත් 18 න්, සිත් 7 ක් අකුසල විපාක සිත්ය. සිත් 8 ක් කුසල විපාක සිත් ය, සිත් 3 ක් ක්රියා සිත්ය.
සෝභන සිත් 24 න් සිත් 8 ක් මහා කුසල් සිත්ය. සිත් 8 ක් මහා විපාක සිත්ය. ඉතිරි සිත් 8 මහා ක්රියා සිත්ය.