8. බුද්ධ නම් වූ ගුණය
භාග්‍යවතුන් වහන්සේ -
- චතුස්සත්‍යය තමන්වහන්සේම අවබෝධ කළ හෙයින් ද,
- අන්‍යයන්හට අවබෝධ කරවූ හෙයින් ද,
- සියල්ල දන්නා බැවින් ද,
- සියල්ල දක්නා බැවින් ද,
- අනිකකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් ද,
- ක්ලේශ නිද්‍රායෙන් පිබිදී හෙයින් ද,
- ආශ්රවක්ෂය කළ බැවින් ද,
- ක්ලේශ ලේප නැති බැවින් ද,
- ඒකාන්තයෙන් වීතරාග, වීතදෝෂ, වීතමෝහ බැවින් ද,
- ඒකාන්ත නික්ලේශී බැවින් ද,
- ඒකාන්ත මාර්ගයට ගිය බැවින් ද,
- හුදකලාව අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ බැවින් ද,
- අබුද්ධිය නැසූ බැවින් ද,
- බුද්ධිය ලැබූ බැවින් ද, බුද්ධ නම් වන සේක.
භාග්‍යවතුන් වහන්සේට බුද්ධ යන නාමය මව්පිය සහෝදර සහෝදරියන් විසින් හෝ මිත්‍රාමාත්‍යයන් විසින් හෝ සහලේ නෑයන් විසින් හෝ මහණ බමුණන් විසින් හෝ දෙවිබඹුන් විසින් හෝ තබන ලද්දක් නොව බෝධිමූලයේදී සර්වඥතාඥානය ලැබීම සමගම විමොක්ෂාන්තික වශයෙන් ලැබුනු ප්රඥප්ති නාමයකි. රහත් ඵලය ලැබීමත් සමගම ලැබූ ඥානය විමොක්ෂාන්තික ඥාන නම්.