මෙය මෙහි විමොක්ෂ භේදයයි
69. එහි වනාහි සොතාපත්ති මාර්ගය වඩා දිට්ඨිවිචිකිච්ඡාවන් පහකිරීමෙන් ප්රහීණවූ අපායගමන් ඇති ආර්ය්ය පුද්ගලතෙම සත්තක්ඛත්තුපරමවූ සොතාපන්න නම් වෙයි.
70. සකෘදාගාමි මාර්ගය වඩා රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් එක්වරක්ම මේ කාම ලොකයට එන හෙයින් සකෘදාගාමි නම් වෙයි.
71. අනාගාමි මාර්ගය වඩා කාමරාග ව්යාපාදයන් නිරවශේෂව පහකිරීමෙන් මේ කාමභූමියට නැවත නොඑන හෙයින් අනාගාමි නම් වෙයි.
72. අර්හත් මාර්ගය වඩා ඉතිරි නොකොට කෙලෙස් පහකිරීමෙන් ක්ෂීණවූ ආශ්රවයන් ඇති ලොකයෙහි අග්රදක්ෂිණාර්හවූ අර්හත් නම් වෙයි.