මෙය මෙහි විසුද්ධි භේදයයි
61. එහි අනත්තානුපස්සනාව ආත්මයක් ඇතැයි දැඩිව ගැනීම මුදාහරින බැවින් සුඤ්ඤතානුපස්සනා නම් විමොක්ෂ මුඛය වෙයි
62. අනිච්චානුපස්සනාව විපර්‍ය්‍යාස නිමිත්ත මුදාහරින බැවින් අනිමිත්තානුපස්සනා නම් විමොක්ෂ මුඛය වෙයි
63. දුක්ඛානුපස්සනාව තෘෂ්ණා ප්‍රණිධිය මුදාහරින බැවින් අප්පණිහිතානුපස්සනා නම් විමොක්ෂ මුඛය වෙයි.
64. එහෙයින් ඉදින් වුට්ඨාන ගාමිනී විපස්සනාව අනාත්ම වශයෙන් විදර්ශනා කරයිද එකල්හි මාර්ගය සුඤ්ඤත විමොක්ෂ නම් වෙයි
65. ඉදින් අනිත්‍යය වශයෙන් විදර්ශනා කරයිද, එකල්හි මාර්ගය අනිමිත්ත විමොක්ෂ නම් වෙයි
66. ඉදින් දුක් වශයෙන් විදර්ශනා කරයිද, එකල්හි මාර්ගය අප්පණිහිත විමොක්ෂ නම් වෙයි. මෙසේ මාර්ගය විපස්සනා ගමන වශයෙන් නම් තුනක් ලබයි. එසේම ඵලයද මාර්ගවීථියෙහිදී මාර්ගාගමන වශයෙන් නම් ලබයි.
67. ඵල සමාපත්ති වීථියෙහි වනාහි යථොක්ත නයින් විදර්ශනා වඩන්නාහට තමන් අයත් ඵලය උපදින්නේ නමුදු විපස්සනා ගමන වශයෙන් සුඤ්ඤතාදි විමොක්ෂය යයිද කියනු ලැබේ.
68. අරමුණු කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නම් තුන සියලු තන්හි සියලු පුද්ගලයන්ටම සමවන්නේ යයි දතුයුතු.