19. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
එකුප්පාද, එකනිරොධ, එකාලම්බන, එකවත්ථුක යන සතර ලක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධවීමෙන්, අන්‍යොන්‍ය මිශ්රත්වයෙන් උපදනා චිත්ත චෛතසික ධර්මයන්ගේ ඒ මිශ්රත්වයට පැමිණෙන ස්වභාවයට සම්ප්‍රයුක්තතාවය යයි කියනු ලැබේ. චිත්ත චෛතසික ධර්මයන් උපදනා කල්හි ධර්මයන් බොහෝ ගණනක් මෙසේ එකටම සම්ප්රයුක්තවම උපදී. එසේ උපදනා ධර්මයන් අතුරෙන් එක් එක් ධර්මයක් අන්‍ය ධර්මයන්ගේ ඉපදීමට සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර වේ. මෙසේ සම්ප්‍රයුක්ත භාවයෙන් ඔවුනොවුන්ගේ ඉපදීමට උපකාරවන ධර්මයන්ට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෝ යයි කියනු ලැබේ. එහෙයින් එක්ව උපදනා සියලු චිත්ත චෛතසික ධර්මයෝම සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්මයෝද වෙති. එසේම ඒ ධර්මයෝම ප්රත්යොත්පන්නයෝද වෙති.