සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනා වාර හෙවත්
වීථි තුනෙකි.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස සම්පයුත්ත පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්මයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්මයෝ නම්-
ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්සය (21), චෛතසික අටතිසය (38) යන අවයව නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොන්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්-
ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය.
මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, අඤ්ඤ- මඤ්ඤ, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තිය ලැබේ
මෙහි අනුවාදය වශයෙන්-
- කුසලො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො. (කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස සම්පයුත්ත පච්ච- යෙන පච්චයො. (කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො. (කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)