මාර්ග ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය
මාර්‍ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන ධර්‍මයෝ නම්:
සහේතුක සිත් එක්සැත්තෑවෙහි ඇති ප්‍රඥා, විතර්‍ක, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීර්‍ය, සති, එකග්ගතා, දිට්ඨි යන ධර්‍මයෝ නවදෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්:
සහේතුක සිත් එක්සැත්තෑවය, චෛතසික දෙපනසය (52), සහේතුක චිත්තජ රූපයෝය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය යන ධර්‍මයෝය.
ප්‍රත්‍යනීක ධර්මයෝ නම්:
අහේතුක සිත් අටළොසය, ඡන්‍දය හැර අන්‍ය සමාන චෛතසික දොළොසය, අහේතුක චිත්තජ රූපයෝය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය, බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, ඍතුජ රූපයෝය, අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන ධර්මයෝය.
මාර්ග ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනාවාර හෙවත් වීථි සතකි.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස මග්ග පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
කුසල ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්සෙහි ඇති ප්‍රඥා, විතර්‍ක, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, විරිය, සති, එකග්ගතා යන කුසල මාර්ගාඞ්ගයෝ අටදෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:
කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයෝ යි.
මෙහිදී එක්වර සුදුසු පරිදි යෙදෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති එකොළොස අතුරෙන් මග්ග ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්:
කුසලානි මග්ගඞ්ගානි සම්පයුත්තකානං ඛන්ධානං මග්ග පච්චයෙන පච්චයො.
(එක්විසි කුසල් චිත්තයන්හි ඇති ප්‍රඥා ආදී වූ කුසල මාර්ගාඞ්ගයෝ අටදෙන සම්ප්‍රයුක්ත වූ කුසල නාමස්කන්‍ධයන්ට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
2. වීථිය
කුසලො ධම්මො අබ්යාකතස්ස ධම්මස්ස මග්ග පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්:
චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන කුසල මාර්ගාඞ්ගයෝ අටදෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්- කුසල චිත්තජ රූපයෝ යි.
මෙහි එක්වර සුදුසු පරිදි ලැබෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති එකොළොස (11) අතුරෙන් මාර්ග ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්-
කුසලානි මග්ගඞ්ගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ග පච්චයෙන පච්චයො.
(එක්විසි කුසල චිත්තයන්හි ඇති කුසල මාර්ගාඞ්ගයෝ අටදෙන කුසල චිත්තජ රූපයන්ට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. වීථිය
කුසලො ධම්මො කුසලස්සව අබ්යාකතස්සව ධම්මස්ස මග්ග පච්චයෙන පච්චයො.
(කුසල ධර්‍මය කුසලාව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසලාව්‍යාකෘත ධර්මයන්ට මාර්‍ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන කුසල මාර්ගාඞ්ගයෝ අටදෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසලාව්‍යාකෘත ධර්‍මයෝ නම්:
සම්ප්‍රයුක්ත කුසල නාමස්කන්‍ධයන් හා කුසල චිත්තජ රූපයෝයි.
මෙහි අනුවාදය වශයෙන්-
කුසලානි මග්ගඞ්ගානි සම්පයුත්තකානං බන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං මග්ග පච්චයෙන පච්චයො.
(එක්විසි කුසල් සිත්හි ඇති කුසල මාර්ගාඞ්ගයෝ අටදෙන සම්ප්‍රයුක්ත කුසල නාමස්කන්‍ධයන්ට හා කුසල චිත්තජ රූපයන්ටද මාර්‍ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
4. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස මග්ග පච්චයෙන පච්චයො
(අකුසල ධර්මය අකුසල ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්‍මයෝ නම්:
දොළොස් අකුසල් සිත්හි ඇති විතක්ක, විරිය, ඒකග්ගතා, දිට්ඨි, යන මාර්‍ගාඞ්ගයෝ සතරදෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්‍මයෝ නම්:
(අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයෝයි.
මෙහි අනුවාදය වශයෙන්-
අකුසලානි මග්ගඞ්ගානි සම්පයුත්තකානං ඛන්ධානං මග්ග පච්චයෙන පච්චයො.
(දොළොස් අකුසල් සිත්හි ඇති අකුසල මාර්‍ගඞ්ගයෝ සතර දෙන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)
5. වීථිය
අකුසලො ධම්මො අබ්යාකතස්ස ධම්මස්ස මග්ග පච්චයෙන පච්චයො.
(අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
මෙහි අව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්‍මයෝ නම්:
දොළොස් අකුසල් සිත්හි ඇති අකුසල මාර්‍ගඞ්ගයෝ සතරදෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් අකුසල චිත්තජ රූපයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්-
අකුසලානි මග්ගඞ්ගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ග පච්චයෙන පච්චයො.
(දොළොස් අකුසල් සිත්හි ඇති අකුසල මාර්‍ගඞ්ගයෝ සතර දෙන අකුසල චිත්තජ රූපයන්ට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
6. වීථිය
අකුසලො ධම්මො අකුසලස්සච අබ්යාකතස්සච ධම්මස්ස මග්ග පච්චයෙන පච්චයො.
(අකුසල ධර්‍මය අකුසලාව්‍යාකෘත ධර්‍මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසලාව්‍යාකෘත ධර්‍මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්‍මයෝ නම්:
දොළොස් අකුසල් සිත්හි ඇති අකුසල මාර්‍ගාඞ්ගයෝ සතරදෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්‍මයෝ නම්:
සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන් හා අකුසල චිත්තජ රූපයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්:
අකුසලානි මග්ගඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං මග්ග පච්චයෙන පච්චයො.
(අකුසල් සිත් දොළොසෙහි ඇති අකුසල මාර්‍ගාඞ්ගයෝ සතරදෙන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට හා අකුසල චිත්තජ රූපයන්ටද මාර්‍ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
7. වීථිය
අබ්යාකතො ධම්මො අබ්යාකතස්ස ධම්මස්ස මග්ග පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි ප්‍රවෘත්ති කාලයෙහි
අව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයට ද, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන, සහේතුක විපාක එක් විස්සෙහි හා සහේතුක ක්‍රියා සතළොසෙහි (17) ඇති කුසල මාර්‍ගඞ්ගයෝ අටදෙනය.
ප්‍රත්‍යාත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සහේතුක විපාක එක්විස්සය, සහේතුක ක්‍රියා සතළොසය (17), චෛතසික අටතිසය (38) යන සම්ප්‍රයුක්ත ධර්මයන් හා චිත්තජ රූපයෝය.
මෙහිදී එක්වර යෙදෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස (12) අතුරෙන් මාර්ග ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
ප්‍රතිසන්‍ධි කාලයෙහි
අව්‍යාකෘත ධර්මයට මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද, සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන සහේතුක ප්‍රතිසන්‍ධි සතළොසෙහි (17) ඇති ප්‍රඥා, විතක්ක, විරිය, සති, එකග්ගතා යන මාර්‍ගඞ්ග ධර්‍ම පසය.
ප්‍රත්‍යාත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සහේතුක ප්‍රතිසන්‍ධි සතළොසය (17), චෛතසික පන්තිසය (35) යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කර්‍මජ රූපයෝ යි. මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස (12) අතුරෙන් මාර්ග ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්:
- විපාකාබ්‍යාකතානි කිරියාබ්‍යාකතානි මග්ගඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං මග්ග පච්චයෙන පච්චයො. (සහේතුක විපාක එක්විස්සෙහි (21) හා සහේතුක ක්‍රියා සතළොසෙහි (17) ඇති කුසල මාර්ගාඞ්ගයෝ අටදෙන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද මාර්‍ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතානි මග්ගඞ්ගානි සම්පයුත්තකානාං ඛන්‍ධානං කටත්තාව රූපානං මග්ග පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සහේතුක ප්‍රතිසන්‍ධි සතළොසෙහි (17) ප්‍රඥා, විතක්ක, විරිය, සති, එකග්ගතා යන මාර්‍ගාඞ්ගයෝ පස්දෙන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට හා කර්‍මජ රූපයන්ටද මාර්‍ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)