සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය
සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය වන ධර්මයෝ නම්-
ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන එකුන් අනූ (89) චිත්තය, චෛතසික දෙපනසය (52) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්-
ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන එකුන් අනූ (89) චිත්තය, චෛතසික දෙපනසය (52) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යනීක ධර්මයෝ නම්-
චිත්තජ රූප, ප්‍රතිසන්‍ධි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසංඥසත්ත්‍ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප යන රූප ධර්මයෝ ය.