අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස සම්පයුත්ත

පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අකුසල ධර්මයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අකුසල ධර්මයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්:

ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්ස (27) යන අවයව නාමස්කන්‍ධයෝ ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්-

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය, යන අවයව නාමස්කන්‍ධයෝ ය.

මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, අඤ්ඤමඤ්ඤ, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්:

  1. අකුසලො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො. (අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස සම්පයුත්ත පච්චයෙන පච්චයො. (අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො. අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. වීථිය

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සම්ප- යුත්ත පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

ප්‍රවෘත්ති කාලයෙහි

අව්‍යාකෘත ධර්මයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්-

ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය.

ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-

විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ යි.

මෙහිදී එක්වර සුදුසු පරිදි යෙදෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්ප්‍රයුක්ත, අත්‍ථි, යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

ප්‍රතිසන්‍ධි කාලයෙහි:

අව්‍යාකෘත ධර්මයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්-

ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්සය, චෛතසික පන්තිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන අවයව නාමස්කන්‍ධයෝය.

මෙහි අනුවාද වශයෙන්:

  1. විපාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො. (ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස සම්පයුත්ත පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  4. පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ප්‍රතිසන්‍ධි විපාක සිත් එකුන්විස්සය, චෛතසික පන්තිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

5. තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස සම්පයුත්ත පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්ධි විපාක සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

6. ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්ධානං සම්පයුත්ත පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්ධි විපාක සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)