ධ්‍යාන ප්‍රත්‍යය පිළිබඳ විසර්ජනාවාර හෙවත් විසි
සතකි.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ඣාන පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය (38), යන මොවුන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන කුසල ධ්‍යානාඞ්ග ධර්මයෝ යි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:
කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්ත කුසල නාමස්කන්‍ධයෝ ය.
මෙහි එක්වර ලැබෙන සභජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, ධ්‍යාන, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් ධ්‍යාන ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්:
කුසලානි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං ඣානපච්චයෙන පච්චයො.
(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන මේ කුසල නාමස්කන්‍ධයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන ධ්‍යානඞ්ගයෝ සම්ප්‍රයුක්ත කුසල නාමස්කන්‍ධයන්ට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
2. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ඣාන පච්චයෙන පච්චයො.
(කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහිදී අව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්මයෝ නම්:
චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහිවූ කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන මේ ධර්‍මයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන ධ්‍යානාඞ්ග පසය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් කුසල චිත්තජ රූපයෝ යි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, විප්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් ධ්‍යාන ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්:
කුසලානි ඣානඞ්ගානි චිත්ත සමුට්ඨානානං රූපානං ඣානපච්චයෙන පච්චයො.
(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන කුසල නාමස්කන්‍ධයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන කුසල ධ්‍යානාඞ්ගයෝ පස්දෙන කුසල චිත්තජ රූපයන්ට ඣාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. වීථිය
කුසලො ධම්මො කුසලස්සව අබ්‍යාකතස්සව ධම්මස්ස ඣාන පච්චයෙන පච්චයො.
(කුසල ධර්‍මය කුසලාව්‍යාකෘත ධර්‍මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසලාව්‍යාකෘත ධර්‍මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහිවූ කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන ධර්මයන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන ධ්‍යානාඞ්ග පසය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසලාව්‍යාකෘත ධර්‍මයෝ නම්:
කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන් හා කුසල චිත්තජ රූපයෝ යි.
මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් ධ්‍යාන ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්:
කුසලානි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං ඣාන පච්චයෙන පච්චයො.
(කුසල් සිත් එක්විස්සය (21), චෛතසික අටතිසය (38) යන මොවුන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන කුසලධ්‍යානාංගයන් පස්දෙන සම්ප්‍රයුක්ත කුසල නාමස්කන්‍ධයන්ට හා කුසල චිත්තජ රූපයන්ටද ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.
4. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ඣාන පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසල ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්ස (27) යන අකුසල ධර්මයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන අකුසල ධ්‍යානාංගයෝ පස්දෙනාය.
ප්‍රත්‍යොත්පත්ත වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
(අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය (27) යන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්:
අකුසලානි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං ඣාන පච්චයෙන පච්චයො.
(අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සයන ධර්මයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන ධ්‍යානාඞ්ගයෝ පස්දෙන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
5. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ඣාන පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
දොළොස් අකුසල් සිත්ය, සත්විසි චෛතසිකය යන ධර්මයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන අකුසල ධ්‍යානාඞ්ගයෝ පස්දෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් අකුසල චිත්තජ රූපයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්:
අකුසලානිඣානඞ්ගානි චිත්තසමුට්ඨානානං රූපානං ඣාන පච්චයෙන පච්චයො.
(දොළොස් අකුසල් සිත්ය, චෛතසික සත්විස්සය යන අකුසල ධර්මයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන අකුසල ධ්‍යානාඞ්ගයෝ පස්දෙන අකුසල චිත්තජ රූපයන්ට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
6. වීථිය
අකුසලො ධම්මො අකුසලස්සච අබ්‍යාකතස්සච ධම්මස්ස ඣාන පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසලාව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසලාව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අකුසල ධර්මයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන අකුසල ධ්‍යානාඞ්ගයෝ පස්දෙනය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන් හා අකුසල චිත්තජ රූපයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්:
අකුසලානි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං ඣාන පච්චයෙන පච්චයො.
(අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අකුසල ධර්මයන්හි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන අකුසල ධ්‍යානාඞ්ගයෝ පස්දෙන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට හා අකුසල චිත්තජ රූපයන්ටද ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
7. වීථිය
අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ඣාන පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි ප්‍රවෘත්ති කාලයෙහි
අව්‍යාකෘත ධර්මයට ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ටද, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වන ද්විපඤ්ච විඥානයන් හැර විපාක සිත් සවිස්සය, ක්‍රියාසිත් විස්සය, චෛතසික අටතිසය යන මොවුන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන ධ්‍යානාඞ්ග පසය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
විපඤ්ච විඥානයන් හැර විපාක සිත් සවිස්සය, ක්‍රියාසිත් විස්සය, චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්තනාමස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝද වෙත්.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දසය අතුරෙන් ඣාන ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
ප්‍රතිසන්‍ධි කාලයෙහි
අව්‍යාකෘත ධර්මයට ඣාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ටද, සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කර්මජ රූපයන්ටද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන මේ ධර්මයන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන ධ්‍යානාඞ්ග පසය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්සය, චෛතසික පන්තිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කර්‍මජ රූපද වෙත්.
මෙහි අනුවාදය වශයෙන්:
- විපාකාබ්‍යාකතානි කිරියාබ්‍යාකතානි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං ඣාන පච්චයෙන පච්චයො.
(ද්විපඤ්ච විඥානයන් හැර විපාක සිත් සවිස්සය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන මොවුන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන අව්‍යාකෘත ධ්‍යානාඞ්ග ධර්ම පස සම්ප්‍රයුක්ත අව්‍යාකෘත නාමස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)
2. පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතානි ඣානංගානි සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තාව රූපානං ඣාන පච්චයෙන පච්චයො.
(ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහිදී එකුන්විසි ප්‍රතිසන්‍ධි විපාක සිත්ය, චෛතසික පන්තිසය යන මේ ධර්මයන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, එකග්ගතා, වෙදනා යන ධ්‍යානාඞ්ග පස සම්ප්‍රයුක්ත අව්‍යාකෘත නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ටද ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)