අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ධ්‍යාන ප්‍රත්‍යය පිළිබඳ ත්‍රි රාශිය.

ධ්‍යාන ප්‍රත්‍යය වන ධර්මයෝ නම්:

විපඤ්ච විඥානයෙන් අන්‍යවූ එකුන් අසූ චිත්තයෙහි ඇත්තාවූ විතක්ක, විචාර, පීති, වෙදනා, එකග්ගතා යන ධර්මයෝ යි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්:

විපඤ්ච විඥානයෙන් අන්‍යවූ සිත් එකුන් අසුවය, චෛතසික දෙපනසය (52), චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝ ය යන ධර්මයෝ යි.

ප්‍රත්‍යනීක ධර්මයෝ නම්:

විපඤ්ච විඥානයෝ ය, සබ්බචිත්ත සාධාරණ චෛතසික සතය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥාසත්ත්‍ව කර්මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝ ය යන ධර්මයෝ යි.