අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආහාර ප්‍රත්‍යය පිළිබඳ විසජ්ජනාවාර හෙවත් වීථි

සතකි.

1. වීථිය

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය කුසල ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

කුසල ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්:

සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන මොවුන් කෙරෙහි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන නාමාහාර තිදෙනාය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:

කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්ත ස්කන්‍ධයෝයි

මෙහිදී සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නාමාහාර තුනෙන් එක්වර සුදුසු පරිදි ලැබිය හැකි අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ආහාර, ඉන්‍ද්‍රිය, සම්ප්‍රයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දසය අතුරෙන් ආහාර ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්:

කුසලා ආහාරා සම්පයුත්තකානං ඛන්‍ධානං ආහාර පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන මේ කුසල ධර්මයන්හි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන කුසලාහාරයෝ තිදෙන, එම කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)

2. වීථිය

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්‍මයෝ නම්:

චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන මේ ධර්මයන් කෙරෙහි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන නාමාහාර තිදෙනාය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් කුසල චිත්තජ රූපයෝය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන අධිපති, සහජාත, නිස්සය, කම්ම, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් ආහාර ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්:

කුසලා ආහාරා චිත්ත සමුට්ඨානානං රූපානං ආහාර පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන කුසල ධර්මයන්හි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන කුසලාහාරයෝ තිදෙන, ඒ කුසල චිත්ත සමුට්ඨාන රූපයන්ට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති.

3. වීථිය

කුසලොධම්මො කුසලස්සච අබ්‍යාකතස්සච ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො.

(කුසල ධර්‍මය කුසලාව්‍යාකෘත ධර්‍මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.) මෙහි කුසලාව්‍යාකෘත ධර්‍මයට ආහාර ප්‍රත්‍යය ශක්ති යෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්:

සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන මේ ධර්මයන්ගේ ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන නාමාහාර තුනය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්‍මයෝ නම් කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝ යි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන අධිපති, සහජාත නිස්සය, කම්ම, ආහාර, අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් ආහාර ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්:

කුසලා ආහාරා සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං ආහාර පච්චයෙන පච්චයො.

(පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන මොවුන්ගේ ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන කුසලාහාරයෝ තුන් දෙන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට හා කුසල චිත්තජ රූපයන්ටද ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

4. වීථිය

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො.

(අකුසල ධර්‍මය අකුසල ධර්‍මයට ආහාර ප්‍රත්‍යය ශක්ති යෙන් උපකාර වේ.)

මෙහි අකුසල ධර්‍මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්‍මයෝ නම්:

සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අකුසල් සිත් දොළොස් චෛතසික සත්විස්ස යන මොවුන් කෙරෙහි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන නාමාහාරයෝ තිදෙනාය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:

අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්ස (27) යන සම්ප්‍රයුක්ත ස්කන්‍ධයෝය.

මෙහි අනුවාදය වශයෙන්:

අකුසලා ආහාරා සම්පයුත්තකානං ඛන්‍ධානං ආහාර පච්චයෙන පච්චයො.

(අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්සය (27) යන මොවුන් කෙරෙහි ඇති ඵස්ස, චේතනා, විඤ්ඤාණ යන අකුසල නාමාහාරයෝ තිදෙන, සම්ප්‍රයුක්ත අකුසල නාම ස්කන්‍ධයන්ට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)

5. වීථිය

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

මෙහි අව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්:

අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය (27) යන අකුසල නාමස්කන්‍ධයන්හි ඇති ඵස්ස, චේතනා, විඤ්ඤාණ යන අකුසල නාමාහාරයෝ තිදෙනාය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

අකුසල චිත්තජ රූපයෝ යි.

මෙහි අනුවාදය වශයෙන්:

අකුසලා ආහාරා චිත්තසමුට්ඨානානං රූපානං ආහාර පච්චයෙන පච්චයො.

(අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අකුසල නාමස්කන්‍ධයන්හි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ, යන අකුසල නාමාහාරයෝ තිදෙනා අකුසල චිත්තජ රූපයන්ට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

6. වීථිය

අකුසලො ධම්මො අකුසලස්සච අබ්‍යාකතස්සච ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අකුසලාව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අකුසලාව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්:

අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අකුසල නාමස්කන්‍ධයන්හි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන අකුසල නාමාහාරයෝ තිදෙනාය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:

අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා අකුසල චිත්තජ රූපයෝයි.

මෙහි අනුවාදය වශයෙන්:

අකුසලා ආහාරා සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං ආහාර පච්චයෙන පච්චයො.

(අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අකුසලස්කන්‍ධයන්හි ඇති ඵස්ස, චෙතනා, විඤ්ඤාණ යන ආහාරයෝ තිදෙන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට හා අකුසල චිත්තජ රූපයන්ටද ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)

8. වීථිය

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්මය, අව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

රූපාහාරයෙහි - අව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්‍මය නම්:

ඒක කලාපගතවූද, නානා කලාපගතවූද, චතුසමුට්ඨාන රූපයන්ට ප්‍රත්‍යය වන ඕජා රූපයයි.

ප්‍රත්‍යොත්පත්ත වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

චතුසමුට්ඨානික රූපයෝයි.

මෙහිදී එක්වර ලැබෙන ආහාර, අත්‍ථි, අවිගත, යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් ආහාර ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

නාමාහාරයෙහි -

ප්‍රවෘත්ති කාලයෙහි අව්‍යාකෘත ධර්‍මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ටද, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය (36), ක්‍රියාසිත් විස්සය, චෛතසික අටතිසය (38) යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන්හි ඇති ඵස්ස, චෛතනා, විඤ්ඤාණ යන නාමාහාරයෝ තිදෙනාය.

ප්‍රත්‍යොත්පත්ත වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

විපාක සිත්, සතිසය (36), ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය (38) යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් ආහාර ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

ප්‍රතිසන්ධි කාලයෙහි:

අව්‍යාකෘත ධර්මයට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ටද, සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා කර්මජ රූපයන්ටද ප්‍රත්‍යය වන ප්‍රතිසන්ධි සිත් එකුන් විස්සෙහි හා චෛතසික පන්තිසෙහි ඇති ඵස්ස, චේතනා, විඤ්ඤාණ, යන නාමාහාරයෝ තිදෙනාය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

ප්‍රතිසන්ධි සිත් එකුන්විස්සය, චෛතසික පන්තිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කර්මජ රූපයෝයි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති එකොළොස අතුරෙන් ආහාර ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්:

  1. විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ආහාරා සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං ආහාර පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අව්‍යාකෘත නාමස්කන්‍ධයන් කෙරෙහි ඇති ඵස්ස, චේතනා, විඤ්ඤාණ යන ආහාරයෝ තිදෙන සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද, ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  2. පටිසන්ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ආහාරා සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තාච රූපානං ආහාර පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, ප්‍රතිසන්‍ධි විපාක සිත් එකුන් විස්සය (19), චෛතසික පන්තිසය (35) යන අව්‍යාකෘත නාමස්කන්‍ධ යන්හි ඇති ඵස්ස, චේතනා, චිඤ්ඤාණ යන නාමාහාරයෝ තිදෙන සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ටද ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

3. කබලිංකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාර පච්චයෙන පච්චයො.

(එක කලාපගතවූ ද, නානා කලාපගතවූ ද, චතුසමුට්ඨානික රූපකලාපයන්හි ඕජා රූපය එයින් අන්‍යවූ චතුසමුට්ඨානික රූපයන්ට ආහාර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)