3. පකතූපනිශ්රය ප්‍රත්‍යය
ප්‍රත්‍යය ධර්ම
බලවත්වූ එකුන් අනූ චිත්තය
චෛතසික දෙපනසය (52)
රූප අට විස්සය
ඇතැම් ප්රඥප්තීහුය
යන මොව්හු ප්රකෘතූපනිශ්රය වන ධර්මයෝයි.
ප්රත්යොත්පන්න ධර්ම
ප්රවෘත්ති ප්රතිසන්ධි වශයෙන් සියලු එකුන් අනූ චිත්තය චෛතසික දෙපනසය (52).
යන මොව්හු පකතූපනිශ්රය ප්‍රත්‍යයාගේ ප්රත්යොත්පන්නයෝය.
ප්‍රත්‍යනීක ධර්ම
චිත්තජ රූපයෝය.
ප්රතිසන්ධි කර්මජ රූපයෝය.
බාහිර රූපයෝය.
ආහාරජ රූපයෝය.
සෘතුජ රූපයෝය.
අසංඥසත්ත්ව කර්මජ රූපයෝය.
ප්රවෘත්ති කර්මජ රූපයෝය.
යන මොව්හු පකතූපනිශ්රය ප්‍රත්‍යයාගේ ප්රත්යනීකයෝය.
උපනිශ්‍රය ප්‍රත්‍යයාගේ විසර්ජනාචාර හෙවත් වීථි නවයකි.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො ආරම්මණූපනිස්සයො, අනන්තරූප නිස්සයො, පකතූපනිස්සයො.
(කුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණූපනිශ්රය අනන්තර රූපනිශ්රය, පකතූපනිශ්රය යත උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ.)
මෙහි අනුවාද වශයෙන්
ආරම්මණූපනිස්සය ප්‍රත්‍යය
1. දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා තං ගරුං කත්වා පච්චවෙක්ඛති.
(දන් දී සිල් සමාදන්ව පෙහෙවස් රැක, ඒ පුණ්‍යකර්මය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවෙක්ෂා කරන කල්හි ප්රත්යවෙක්ෂා කුසල ජවනයන්ට ඒ දාන චේතනාදිය ප්‍රධාන කොට ඇති කුසල චිත්තය ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
දන්දීම, පෙහෙවස් රැකීම, සිල් සමාදන්වීම යනාදිය ගරුකොට සැලකිය යුතු කුසල ධර්මයෝයි. එකී පින්කම් කොට නැවත ඒ පින්කම් ගරුකොට මෙනෙහි කරන කල්හි, භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡෙද යන චිත්තයන්ට අනතුරුව ඒ දානාදි කුසල කර්මයක් අරමුණුකොට මනොද්වාරාවජ්ජන චිත්තයද එයට අනතුරුව ඒ පුණ්‍යකර්මය අරමුණු කොට කාමාවචර මහා කුසල් සිත් අටෙන් එක් සිතක් ප්රත්යවෙක්ෂා ජවන කෘත්‍යයෙන් සත් වරක් ඉපිද නිරුද්ධවූ පසු තදාරම්මණ භවාඞ්ගයෝ වෙත්. මෙහිදී පළමු කළ කුසලය එය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවෙක්ෂා කරන කුසල ජවනයන්ට ආරම්මණූපනිස්සය ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණූපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම”යයි කියනු ලැබේ.
2. පුබ්බෙ සුචිණ්ණානි ගරුං කත්වා පච්චවෙක්ඛති.
(පෙර මනාකොට කරනලද දාන සීලාදි පින්කම් ගරු කොට ප්රත්යයවෙක්ෂා කරන කල්හි, ඒ ප්රත්යවෙක්ෂා ජවනයන්ට පෙර පවත්වන ලද කුසලය ආරම්මණූප නිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
3. ඣානා වුට්ඨහිත්වා ඣානං ගරුංකත්වා පච්චවෙක්ඛති.
(ප්‍රථම ධ්‍යානාදී වූ මහද්ගත ධ්‍යාන උපදවා, ඒ ධ්‍යානයට සමවැද එයින් නැගී, එම ධ්‍යානය ගරුකොට මෙනෙහි කරන කල්හි උපදනා කාමාවචර මහාකුසල ප්රත්යවෙක්ෂා ජවනයන්ට ඒ ධ්‍යානමය මහද්ගත කුසලය ආරම්මණූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ)
4. සෙක්ඛා ගොත්රභුං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති.
(සෝවාන් ඵලයට පැමිණි ආර්‍ය්‍යයෝ සෝවාන් මාර්ගචිත්තයට පූර්වයෙහි එම චිත්ත වීථියෙහි උපන්නා වූ ගොත්රභූ චිත්තය ගරුකොට අරමුණු කරමින් ප්‍රත්‍යය වෙක්ෂා කරන කල්හි උපදනාවූ කාමාවචර කුසල ජවනයන්ට ඒ ගොත්රභූ චිත්තය ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
සෝවාන් මාර්ග චිත්තය උපදනා චිත්ත වීථියෙහි භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව සංස්කාර ධර්මයන් අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනයද, එයට අනතුරුව පරිකර්ම, උපචාර, අනුලොම වශයෙන් කාමාවචර මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සිත ඉපිද නිරුද්ධ වූ පසු එම මහා කුසල චිත්තයම නිර්වාණය අරමුණු කරමින් ගොත්රභූ නමින් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව නිර්වාණය අරමුණු කරමින් සෝවාන් මාර්ග චිත්තයද සෝවාන් ඵල සිත් දෙකක්ද පිළිවෙලින් ඉපිද නිරුද්ධ වීමෙන් ඉක්බිති භවාඞ්ගය වේ. මෙසේ සෝවාන් ඵලයට පැමිණි ආර්‍ය්‍ය පුද්ගල තෙමේ එයට අනතුරුව මාර්ගයද, ඵලයද, නිර්වාණයද ප්‍රහිණ ක්ලේශයන්ද; ඉතිරි ක්ලේශයන්ද යන මේ අරමුණු ගෙන ප්රත්යවේක්ෂා කරන්නේය. එයට අනතුරු ගොත්රභූ චිත්තය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවේක්ෂා කරන කල්හි උපදනා කාමාවචර ඥානසම්ප්‍රයුක්ත මහා කුසල ජවනයට එම ගොත්රභූ චිත්තය ආරම්මණුපනිශ්රය ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
- සෙක්ඛා වොදානං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති.
(සකෘදාගාමි, අනාගාමි ආර්‍ය්‍ය පුද්ගලයෝ තම තමන්ගේ මාර්ග චිත්තයන්ට පූර්වයෙහි උපදනා වොදාන චිත්තය ගරු කොට අරමුණු කරමින් ප්රත්යවේක්ෂා කරන කල්හි, ඒ වොදාන චිත්තය ප්රත්යවේක්ෂා කරන කාමාවචර කුසල ජවනයන්ට ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සෙක්ඛා මග්ගා වුට්ඨහිත්වා මග්ගං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති.
(සොවාන් සකෘදාගාමි අනාගාමි ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගලයෝ තම තමන් පැමිණි මාර්ගය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවේක්ෂා කරන කල්හි ඒ ලොකොත්තර කුසලය ප්රත්යවේක්ෂා කරන ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර මහා කුසල ජවනයන්ට ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
මෙසේ පෘථග්ජන වූද ශෛක්ෂවූද පුද්ගලයෝ දානාදී පින්කම් කොට, ධ්‍යාන වඩා, ලොකොත්තර මාර්ග උපදවා, ඒවා ගරුකොට අරමුණු කරමින් ප්රත්යවේක්ෂා කරන කල්හි උපදනා කාමාවචර මහා කුසල ප්රත්යවේක්ෂා ජවනයන්ට එකී ලෞකික ලොකොත්තර කුසලයන් ආරම්මණුපනිස්සය ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
අනන්තරූප නිස්සය ප්‍රත්‍යය
- පුරිමා පුරිමා කුසලාඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්ධානං උපනිස්සය පච්චයෙන පච්චයො. (පූර්ව පූර්ව වූ කුසල නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ කුසල නාමස්කන්‍ධයන්ට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.) කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන කුසල නාමස්කන්ධයන් අතුරෙන් යම් කුසල චිත්තයක් කාමාවචර ජවන කෘත්‍යයෙන් උපදනා කල්හි පළමුවන දෙවන, තුන්වන, සතරවන, පස්වන, සවන, කුසල ජවනයෝ අනතුරුව උපදනා දෙවන, තුන්වන සතරවන පස්වන, සවන, සත්වන ජවනයන්ට අනන්තරූප නිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම “කුසල ධර්මය කුසල ධර්මයට අනන්තරූප නිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම යයි කියනු ලැබේ.
- අනුලොමං ගොත්‍රභූස්ස අනන්තරූප නිස්සය පච්චයෙන පච්චයො. (අනුලොම චිත්තය, එයට අනතුරුව උපදනා ගොත්රභූ චිත්තයට අනන්තරූප නිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
- අනුලොමං වොදානස්ස අනන්තරූප නිස්සය පච්චයෙන පච්චයො. (අනුලොම චිත්තය එයට අනතුරුව උපදනා වොදාන චිත්තයට අනන්තරූපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
- ගොත්රභූ මග්ගස්ස අනන්තරූප නිස්සය පච්චයෙන පච්චයො. (සොවාන් මාර්ගය උපදනා චිත්ත වීථියෙහි ගොත්රභූ චිත්තය, එයට අනතුරුව උපදනා සොවාන් මාර්ග චිත්තයට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- වොදානං මග්ගස්ස අනන්තරූපනිස්සය පච්ච- යෙන පච්චයො.
(සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ග චිත්තයන් උපදනා චිත්ත වීථින්හි වොදාන චිත්තය එයට අනතුරුව උපදනා මාර්ග චිත්තයට අනන්තරූප නිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුලෝම, ගෝත්‍රභූ වොදාන චිත්තයෝ ලෞකික කුසලයෝ වෙති. මාර්ග චිත්තයෝ ලෝකෝත්තර කුසලයෝ වෙති. මෙසේ ලෞකික කුසල ධර්මයෝ ලෞකික කුසල ධර්මයන්ට හා ලෝකෝත්තර කුසල ධර්මයන්ටද අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම ‘කුසල ධර්මය කුසල ධර්මයට අනන්තරූපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
පකතූපනිස්සය ප්‍රත්‍යය
- සද්ධං උපනිස්සාය දානං දෙති.
(ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය දාන චේතනා ප්‍රධාන කාමාවචර කුසලයට ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
දන් දීමෙන් භවභෝග සම්පත් ලැබිය හැකි බව දැන, දන්දෙනු කැමති කල්හි භවාඞ්ග චලන භවාඞ්ගු පච්ඡේදයන්ට අනතුරුව ආහාරපාන පරිෂ්කාරාදි දාන වස්තූන් අරමුණුකොට මනෝද්වාරාවජ්ජනයද, එයට අනතුරුව මහා කුසල් සිත් අටෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් සත් වරක්ද ඉපිද නිරුද්ධ වූ පසු විභූතාරම්මණ වීථියක් නම් තදාරම්මණ දෙසිත ඉපිද අනතුරුව කාම භවාඞ්ගයෝ වෙත්. අවිභූතාරම්මණ වීථියක් නම් ජවනයට අනතුරුව භවාඞ්ගයෝ වෙත්. දන් දීමෙන් පසු ශ්‍රද්ධාව ප්‍රධාන ඒ කාමාවචර කුසලය ප්රත්යවේක්ෂා කරන කල්හි, ඒ ප්රත්යවේක්ෂා ජවනයන්ට ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
- සද්ධං උපනිස්සාය සීලං සමාදියති. (ශ්‍රද්ධාවෙන් සිල් සමාදන් වන කල්හි ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය පඤ්චාඞ්ගශීල දශාඞ්ගශීල චේතනා ප්‍රධාන කාමාවචර කුසලයට ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්ධං උපනිස්සාය උපොසථ කම්මං කරොති. (ශ්‍රද්ධාවෙන් පෙහෙවස් රක්නා කල්හි ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය අෂ්ටාඞ්ග පෞෂථ ශීල චේතනා ප්‍රධාන කාමාවචර කුසලයට ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්ධං උපනිස්සාය ඣානං උප්පාදෙති. (ශ්‍රද්ධාවෙන් ධ්‍යානය උපදවන කල්හි ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය මහද්ගත ධ්‍යාන කුසලයට ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්ධං උපනිස්සාය විපස්සනං උප්පාදෙති. (ශ්‍රද්ධාවෙන් විදර්ශනා වඩනා කල්හි ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය විදර්ශනා කරන කාමාවචර කුසලයට ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්ධං උපනිස්සාය මග්ගං උප්පාදෙති. (ශ්‍රද්ධාවෙන් මාර්ගය උපදවන කල්හි ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය ලොකොත්තර මාර්ග කුසලයට ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්ධං උපනිස්සාය අභිඤ්ඤං උප්පාදෙති. (ශ්‍රද්ධාවෙන් අභිඤ්ඤා උපදවන කල්හි ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය කුසලාභිඥා සිත් පසට ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්ධං උපනිස්සාය සමාපත්තිං උප්පාදෙති.
(ශ්‍රද්ධාවෙන් සමාපත්ති උපදවන කල්හි ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලය, කුසල සමාපත්ති අටට ප්‍රකෘතෝප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
දන්දීම, සිල් සමාදන්වීම, පෙහෙවස් රැකීම, ධ්‍යාන උපදවා ගැනීම, විදර්ශනා වැඩීම, ලෝකෝත්තර මාර්ග උපදවා ගැනීම අභිඥා උපදවා ගැනීම ධ්‍යාන සමාපත්තීන්ට සමවැදීම යනාදි කුසල ධර්මයන් කිරීමට දියුණු කරගත් ශ්‍රද්ධාව බලවත් උපකාරයෙකි. ශ්‍රද්ධාව නැති කල්හි දන්දීම් ආදි කුසල ක්‍රියාවන් කළ නොහැකි වේ. එසේ හෙයින් පූර්වයෙහි උපදවා ගත් ශ්‍රද්ධාව ප්‍රධාන කුසලය මෙකී කුසල චිත්තයන්ගේ උත්පාදයට බලවත් උපකාරයක් වේ යයි කියනු ලැබේ.
තවද,
9. සීලං උපනිස්සාය දානං දෙති. සීලං සමාදියති, උපෝසථකම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති.
පඤ්චාඞ්ග ශීල, දශාඞ්ග ශීල ප්‍රධාන කාමාවචර කුසලය, දාන චේතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, පඤ්චාඞ්ග ශීල දශාඞ්ගශීල ප්‍රධාන කාමාවචර කුසලයටද, අෂ්ටාඞ්ගෝපෝසථ ශීල චේතනා ප්‍රධාන කාමාවචර කුසලයටද මහද්ගත ධ්‍යාන කුසලයටද, විදර්ශනා කරන කාමාවචර කුසලයටද ලෝකෝත්තර මාර්ග කුසලයටද, කුසලාභිඥා සිත් පසට ද, කුසල සමාපත්ති අටටද ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
පිරිසිදු ශීලයෙහි පිහිටි පුද්ගල තෙමේ එම ශීලමය කුසලය බලවත් උපකාරයක් කොට ගෙන, දන්දීම, සිල් සමාදන් වීම, පෙහෙවස් රැකීම, ධ්‍යාන උපදවා ගැනීම, විදර්ශනා වැඩීම, ලෝකෝත්තර මාර්ග උපදවා ගැනීම, අභිඥා උපදවා ගැනීම, ධ්‍යාන සමාපත්තියට සමවැදීම යනාදි කුසලයන් කරන්නේය.
- සුතං උපනිස්සාය දානං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති. (ශ්රැතමය ප්‍රඥාව ප්‍රධාන කාමාවචර කුසලය, දානචෙතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, අෂ්ටාඞ්ග පොෂ්ඵ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, මහද්ගත ධ්‍යාන කුසලයටද, විදර්ශනා කරන කාමාවචර කුසලයටද, ලෝකෝත්තර මාර්ග කුසලයටද, කුසලාභිඥා සිත් පසටද, කුසලසමාපත්ති අටටද ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
- චාගං උපනිස්සාය දානං දෙති, සීලං සමාදියති, උපොසථ කම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති. (අලෝභය ප්‍රධාන කාමාවචර කුසලය, දාන චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, පඤ්චාඞ්ග ශීල, දශාඞ්ග ශීල ප්‍රධාන කාමාවචර කුසලයටද, අෂ්ටාඞ්ග පොෂ්ඵ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, මහද්ගත ධ්‍යාන කුසලයටද, විදර්ශනා කරන කාමාවචර කුසලයටද, ලෝකෝත්තර මාර්ග කුසලයටද, කුසලාභිඥා සිත් පසටද, කුසල සමාපත්ති අටටද, ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පඤ්ඤං උපනිස්සාය දානං දෙති, සීලං සමාදියති උපොසථ කම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති. (ප්‍රඥාව ප්‍රධාන ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතර දාන චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, පඤ්චාඞ්ග ශීල දශාඞ්ග ශීල ප්‍රධාන කාමාවචර කුසලයටද, අෂ්ටාඞ්ග පොෂ්ඵ ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, මහද්ගත ධ්‍යාන කුසලයටද, විදර්ශනා කරන කාමාවචර කුසලයටද, ලොකොත්තර මාර්ග කුසලයටද කුසලාභිඥා සිත් පසටද, කුසල සමාපත්ති අටටද ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්ධා, සීලං, සුතං, චාගො, පඤ්ඤා, සද්ධාය, සීලස්ස, සුතස්ස, චාගස්ස, පඤ්ඤාය, උපනිස්සය පච්චයෙන පච්චයො.
(ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලයද, පඤ්චාඞ්ග ශීල, දශාඞ්ගශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයද, ශ්රැතමය ප්‍රඥාව ප්‍රධාන කාමාවචර කුසලයද, අලොභය ප්‍රධාන කාමාවචර කුසලයද, ප්‍රඥාව ප්‍රධාන ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතරද, ශ්‍රද්ධාව ප්‍රධාන කාමාවචර කුසලයටද, පඤ්චාඞ්ග ශීල, දශාඞ්ග ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයටද, ශ්රැතමය ප්‍රඥාව ප්‍රධාන කාමාවචර කුසලයටද, අලොභය ප්‍රධාන කාමාවචර කුසලයටද, ප්‍රඥාව ප්‍රධාන ඥානස්සම්ප්රයුත්ත කාමාවචර කුසල් සිත් සතරටද ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙසේ කුසල ධර්මය කුසල ධර්මයට ප්රකෘතෝපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
නැවතද,
- පඨමස්ස ඣානස්ස පරිකම්මං පඨමස්ස ඣානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ප්‍රථම ධ්‍යානය ලබනු සඳහා පඨවිකසිණාදී භාවනා කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට ප්‍රථම ධ්‍යානයට උපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- දුතියස්ස ඣානස්ස පරිකම්මං දුතියස්ස ඣානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ද්විතීයධ්‍යානය ලබනු සඳහා භාවනා කිරීමේදී උපදනා මහාකුසල් සිත් අට දුතිය ධ්‍යානයට උපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තතියස්ස ඣානස්ස පරිකම්මං තතියස්ස ඣානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(තෘතීය ධ්‍යානය ලබනු සඳහා භාවනා කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට තෘතිය ධ්‍යානයට උපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- චතුත්ථස්ස ඣානස්ස පරිකම්මං චතුත්ථස්ස ඣානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(චතුර්ථධ්යානය ලබනු සඳහා භාවනා කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට චතුත්ථ ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ආකාසානඤ්චායතනස්ස පරිකම්මං ආකාසානඤ්චායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ආකාසානඤ්චායතන ධ්‍යාන ලබනු සඳහා භාවනා කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට ආකාසානඤ්චායතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- විඤ්ඤාණඤ්චායතනස්ස පරිකම්මං විඤ්ඤාණඤ්චායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ලබනු සඳහා භාවනා කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ආකිඤ්චඤ්ඤායතනස්ස පරිකම්මං ආකිඤ්චඤ්ඤායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ලබනු සඳහා භාවනා කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට ආකිඤ්චඤ්ඤයතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- නෙවසඤ්ඤා නාසඤ්ඤායතනස්ස පරිකම්මං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය සඳහා භාවනා කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පඨමං ඣානං දුතියස්ස ඣානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (ප්‍රථම ධ්‍යාන කුසල චිත්තය ද්විතීය ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- දුතියං ඣානං තතියස්ස ඣානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (ද්විතීයධ්‍යාන කුසල චිත්තය තෘතීය ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තතියං ඣානං චතුත්ථස්ස ඣානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (තෘතීයධ්‍යාන කුසල චිත්තය චතුර්ථ ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- චතුත්ථං ඣානං ආකාසානඤ්චායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (රූපාවචර චතුර්ථධ්යාන කුසල චිත්තය ආකාසානඤ්චායතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ආකාසානඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ආකාසානඤ්චායතන කුසල චිත්තය විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
14. විඤ්ඤාණඤ්චායතනං ආකිඤ්චඤ්ඤායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(විඤ්ඤාණඤ්චායතන කුසල චිත්තය ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
15. ආකිඤ්චඤ්ඤායතනං නේවසඤ්ඤානාසඤ්ඤායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්තය නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙයින් රූපාවචර ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානයටද, ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානයටද, තෘතීය ධ්‍යානය චතුර්ත්ථධ්යානයටද, රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය අරූපාවචරවූ ආකාසානඤ්චායතනයටද, ආකාසානඤ්චායතන ධ්‍යානය විඤ්ඤාණඤ්චායතනයටද, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයටද, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන බව දක්වන ලදී. මෙයද “කුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
තවද,
1. දිබ්බස්ස චක්ඛුස්ස පරිකම්මං දිබ්බස්ස චක්ඛුස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(දිවැස් හෙවත් දිව්යවක්ෂුරභිඥානය ලබනු සඳහා භාවනා හෙවත් පරිකර්ම කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට, දිව්‍ය චක්ෂුරභිඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- දිබ්බාය සොත ධාතුයා පරිකම්මං දිබ්බාය සොත ධාතුයා උපනිස්සය පච්චයෙන පච්චයො.
(දිබ්බසොත අභිඥාව ලබනු සඳහා පරිකර්ම කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට දිබ්බසොත අභිඥාවට උප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
- ඉද්ධිවිධඥාණස්ස පරිකම්මං ඉද්ධිවිධඥාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ඉද්ධිවිධඥානය ලබනු සඳහා පරිකර්ම කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට ඉද්ධිවිධඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- චෙතො පරියඥාණස්ස පරිකම්මං චෙතො පරියඥාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(පරසිත් දන්නා නුවණ හෙවත් චෙතොපරිය ඥානය ලබනු සඳහා පරිකර්ම කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට චෙතොපරිය ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පුබ්බෙනිවාසානුස්සති ඥාණස්ස පරිකම්මං පුබ්බෙනිවාසානුස්සති ඥාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(පූර්වෙනිවාසානුස්මෘති ඥානය ලබනු සඳහා පරිකර්ම කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට පූර්වෙනිවාසානුස්සති ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- යථා කම්මූපගඥාණස්ස පරිකම්මං යථා කම්මූ- පග ඥාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(යථා කම්මූපග කුසලාභිඥාව ලබනු සඳහා පරිකර්ම කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට යථා කම්මූපග කුසලාභිඥාවට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අනාගතංසඥාණස්ස පරිකම්මං අනාගතංසඥාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (අනාගතංස කුසලාභිඥාව ලබනු සඳහා පරිකර්ම කිරීමේදී උපදනා මහා කුසල් සිත් අට අනාගතංස කුසලාභිඥාවට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙයින් දිව්‍ය චක්‍ෂුරභිඥානය, දිව්‍ය ශ්රෝතඥානය, ඉද්ධි විධඥානය, චේතොපරිය ඥානය, පූර්වෙනිවාසානුස්සති ඥානය, යථා කම්මූපගඥානය, අනාගතංසඥානය යන අභිඥාවන් උපදවා ගැනීමේදී ඒ සඳහා පරිකර්ම වශයෙන් භාවනා කරන කල්හි උපදනා මහා කුසල චිත්තයෝ එකී අභිඥාවන් උපදවා ගැනීමට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව දක්වන ලදි.
මෙයද “කුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
තවද,
- දිබ්බචක්ඛු දිබ්බාය සොත ධාතුයා උපනිස්සය පච්චයෙන පච්චයො. (දිව්යචක්ෂුරභිඥානය, දිව්‍යශ්‍රෝත අභිඥාව උපදවා ගැනීමට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- දිබ්බසොත ධාතු ඉද්ධිවිධඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (දිව්‍යශ්‍රෝත ඥානය, ඉද්ධිවිධ ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ඉද්ධිවිධ ඤාණං චේතොපරිය ඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (ඉද්ධිවිධඥානය චේතොපරිය ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- චේතොපරිය ඤාණං පුබ්බෙනිවාසානුස්සති ඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(චෙතොපරිය ඥානය, පූර්වෙනිවාසානුස්සති ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පුබ්බෙනිවාසානුස්සති ඤාණං යථා කම්මූපග ඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (පූර්වෙනිවාසානුස්මෘති ඥානය යථාකම්මූපග ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- යථා කම්මූපග ඤාණං අනාගතංස ඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (යථා කම්මූපග ඥානය අනාගතංස ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙයින් දිව්යවක්ෂුරභිඥානය උපනිශ්‍රය කොට ගෙන දිව්යශ්රොතඥානය ඇතිවන සැටිත්, දිව්යශ්රොතඥානය උපනිශ්‍රය කොට ගෙන ඉද්ධිවිධඥානය ඇතිවන සැටිත්, ඉද්ධි විධඥානය උපනිශ්‍රය කොට ගෙන චෙතොපරිය ඥානය ඇතිවන සැටිත්, චෙතොපරිය ඥානය උපනිශ්‍රය කොට ගෙන පූර්වෙනිවාසානුස්සති ඥානය ඇතිවන සැටිත්, පූර්වෙනිවාසානුස්සති ඥානය උපනිශ්‍රය කොට ගෙන යථා කම්මූපගඥානය ඇතිවන සැටිත්, යථා කම්මූපගඥානය උපනිශ්‍රය කොට ගෙන අනාගතංස ඥානය ඇතිවන සැටිත් දක්වන ලදි.
මෙයද “කුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
තවද,
- පඨමස්ස මග්ගස්ස පරිකම්මං පඨමස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (ප්‍රථම මාර්ගය වූ සෝවාන් මාර්ග ඥානය ලබනු සඳහා පරිකර්ම වශයෙන් සමථ විදර්ශනා භාවනා කරන කල්හි උපදනා මහා කුසල් සිත් සොවාන් මාර්ග ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- දුතියස්ස මග්ගස්ස පරිකම්මං දුතියස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(දුතිය මාර්ගය වූ සකෘදාගාමි මාර්ග ඥානය ලබනු සඳහා පරිකර්ම වශයෙන් සමථ විදර්ශනා භාවනා කරන කල්හි උපදනා මහ කුසල් සිත් සකෘදාගාමි මාර්ග ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- තතියස්ස මග්ගස්ස පරිකම්මං තතියස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(තෘතීය මාර්ගය වූ අනාගාමි මාර්ග ඥානය ලබනු සඳහා පරිකර්ම වශයෙන් සමථ විදර්ශනා භාවනා කරන කල්හි උපදනා මහා කුසල් සිත් අනාගාමි මාර්ග ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- චතුත්ථස්ස මග්ගස්ස පරිකම්මං චතුත්ථස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(චතුත්ථ මාර්ගය වූ අර්හත් මාර්ග ඥානය ලබනු සඳහා පරිකර්ම වශයෙන් සමථ විදර්ශනා භාවනා කරන කල්හි උපදනා මහා කුසල් සිත් අර්හත් මාර්ග ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
මෙයින් සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්ග ඥානයන් ලබනු සඳහා පරිකර්ම වශයෙන් සමථ විදර්ශනා භාවනා කිරීමේදී උපදනා මහ කුසල් සිත් අට එකී සතර මාර්ග ඥානයන් ලැබීමට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව දක්වන ලදි.
මෙයද “කුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
තවද,
- පඨමො මග්ගො දුතියස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ප්‍රථම මාර්ගය වූ සෝවාන් මාර්ග ඥානය, දුතිය මාර්ගය වූ සකෘදාගාමි මාර්ග ඥානය ලැබීමට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- දුතියො මග්ගො තතියස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(දුතිය මාර්ගය වූ සකෘදාගාමි මාර්ග ඥානය, තෘතීය මාර්ගය වූ අනාගාමි මාර්ග ඥානය ලැබීමට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තතියො මග්ගො චතුත්ථස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(තෘතීය මාර්ගය වූ අනාගාමි මාර්ග ඥානය චතුත්ථ මාර්ගය වූ අර්හත් මාර්ග ඥානයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙයින් සොවාන් මාර්ග ඥානය, සකෘදාගාමි මාර්ග ඥානයටද, සකෘදාගාමි මාර්ග ඥානය, අනාගාමි මාර්ග ඥානයටද, අනාගාමි මාර්ග ඥානය, අර්හත් මාර්ගඥානයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව දක්වන ලදි.
මෙයද “කුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
තවද,
- සෙක්ඛා මග්ගං උපනිස්සාය අනුප්පන්නං සමාපත්තිං උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජන්ති, සඞ්ඛාරෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති.
(ශෛක්ෂ වූ සොවාන්, සකෘදාගාමි, අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේලා තම තමන්ගේ මාර්ගය උපනිශ්‍රය කොට ගෙන පෙර නූපදවන ලද ධ්‍යාන සමාපත්තින් උපදවත්. උපදවා ගත් සමාපත්තින්ට නැවත නැවත සමවදිත්. සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්ද, දුක්ඛ වශයෙන්ද, අනාත්ම වශයෙන්ද විදර්ශනා කරත්.)
ශෛක්ෂයන් වහන්සේලා තම තමන්ගේ මාර්ගයෙන් නසන ලද කෙලෙස් ඇති හෙයින්, විවේක සුවය සඳහා රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවත්. මෙයින් ඒ ආර්‍ය්‍යයන් වහන්සේලා විසින් මාර්ගය ලැබීමට පෙර කිසිම ධ්‍යාන සමාපත්තියක් උපදවාගෙන නැතැයි අදහස් නොකරන ලදි. රූපාවචර අරූපාවචර අෂ්ට සමාපත්තීන් අතුරෙන් යම් කිසි සමාපත්තියක් එයට පෙර නොලැබුනේ නම්, ඒ සමාපත්තින් උපදවා ගැනීමේදී මාර්ග කුසලය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව මේ අනුවාදයෙන් පළවේ. මෙසේ ලෝකෝත්තර කුසලයන් රූපාවචර අරූපාවචර කුසලයන් උපදවා ගැනීමට බලවත් උපකාරයක් වන බව දක්වන ලදි. මෙසේද “කුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව දත යුතු.
2. මග්ගො සෙක්ඛානං අත්ථපටිසම්භිදාය, ධම්ම පටිසම්භිදාය, නිරුත්ති පටිසම්භිදාය, පටිභාන පටිසම්භිදාය, ඨානාඨාන කොසල්ලස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(මාර්ග ඥානය, ශෛක්ෂ පුද්ගලයන්ට අර්ථ ප්‍රතිසම්භිදාව, ධර්‍මප්‍රතිසම්භිදාව, නිරුත්ති ප්‍රතිසම්භිදාව, ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව යන සතර ප්‍රතිසම්භිදා ඥානයටද, ඨානාඨාන කොසල්ල නම් වූ ඤාණයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ )
මෙහි ප්‍රත්‍යයයෙන් හටගත් දෙය, නිවණ, කියන ලද දෙයෙහි අර්ථය, විපාකය, ක්‍රියාය යන මේ පඤ්චවිධ කරුණු පිළිබඳ අර්ථයන්ගේ ප්‍රභේදයට ගිය ඥානය අර්ථ ප්‍රතිසම්භිදා නමි.
ප්‍රත්‍යය ධර්ම, ආර්‍ය්‍ය මාර්ගය, කියන ලද්ද, කුසල්, අකුසල් යන කරුණු පසෙහි ප්රභේදගත ඥානය ධර්ම ප්‍රතිසම්භිදා නමි.
එම අර්ථ, ධර්මයන් දෙසන ලද භාෂාවන්හි ප්රභේදගත ඥානය නිරුත්ති ප්‍රතිසම්භිදා නම්.
අර්ථ, ධර්ම, නිරුත්ති යන ත්‍රිවිධ ප්රතිසම්භිදාවන්හි ප්‍රභේද ගත ඥානය ප්‍රතිභාන ප්‍රතිසම්භිදා නම්.
ස්ථාන අස්ථානයන්හි දක්ෂ බව ලක්‍ෂණකොට ඇති ඥානය ඨානාඨාන කොසල්ලඥාන නම්.
ලොකොත්තර වූ මාර්ගඥාන ඇතිකල්හිම ප්‍රතිසම්භිදා ඥාන ඇතිවන බැවින් ලොකොත්තර මාර්ග නම්වූ කුසල ධර්මය ප්‍රතිසම්භිදා ඥානාදීවූ කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව දතයුතු.
මෙසේ නොයෙක් ආකාරයෙන් කුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
2. වීථිය
කුසලොධම්මො අකුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො - ආරම්මණුපනිස්සයො, පකතුප- නිස්සයො.
(කුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණුපනිශ්රය, පකතුපනිශ්රය යන උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම් ලෞකික කුසල් සතළොසය (17).
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:-
අකුසල් සිත් දොළොසය.
චෛතසික සත්විස්සය (27).
යන අකුසල ධර්මයෝ යි.
ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය-
1. දානං දත්වා, සීලං සමාදියිත්වා, උපොසථ කම්මං- කත්වා තං ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති, තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.
(දන්දී, සිල්සමාදන්ව, පෙහෙවස් රැක, ඒ කුසල කර්මය ගරුකොට ලෝභ මූල සොම්නස් සිතින් ආස්වාදනය කරන කල්හිද, ප්‍රීතිය ප්‍රධාන ලෝභ මූල සිතින් එයට සතුටුවන කල්හිද, උපදනා රාගය ප්‍රධාන ලෝභ මූල සිත් අටටද, දෘෂ්ටිය ප්‍රධාන ලෝභ මූල සිත් සතරටද ඒ කුසලකර්මය ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
දානාදී වූ පින්කම් කොට මා විසින් මෙබඳු උසස් පින්කමක් කරගන්නා ලද්දේය යි ඒ කාමාවචර කුසලය ලෝභ සිතින් ආස්වාදනය කරන කල්හි ලෝභ මූල සොමනස්සසහගත සිත් සතරෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන් උපදී. එපරිද්දෙන්ම මගේ පින ඉතා හොඳයයි ඒ පින ගැන සතුටුවන කල්හි ප්‍රීතිසහගත වූ ලෝභ මූල සිතක් ජවන කෘත්‍යයෙන් උපදී. ඒ පිනට ඇලුම් කරන කල්හි රාගය ප්‍රධාන ලෝභ මූල සිත් අටෙන් එකක් ජවන කෘත්‍යයෙන් උපදී. මම පිනක් කෙළෙමියි වරදවා ගන්නා කල්හි ලෝභ මූල දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතරෙන් එකක් ජවන කෘත්‍යයෙන් උපදී.
මෙසේ දානාදී කුසල් රැස්කොට පසුව ඒ කුසලය ආවජ්ජනා කරමින් නැවත නැවතත් එම කුසල් චිත්තයන් තම සන්තානයෙහි උපදවාගෙන අපරවෙතනා වශයෙන් බහුල කර නොගෙන, ඒ කුසලය අරමුණු කරමින් ගරුකොට සළකමින් ලෝභ සිතින් ආස්වාදනය අභිනන්දනාදිය කොට රාග දිට්ඨි යනාදී අකුසලයන් උපදවා ගැනීමේදී “කුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන්නේ ය”යි කියනු ලැබේ.
- පුබ්බෙසුචිණ්ණානි ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.
(පෙර මනාකොට පවත්වන ලද දාන, සීල, අෂ්ටාඞ්ගසීල වෙතනා ප්‍රධාන කාමාවචර කුසලය ගරුකොට අරමුණු කරමින් ලෝභ මූල සොම්නස් සිතින් ආස්වාදනය කරන කල්හිද, ඒ කුසලය ගරුකොට අරමුණු කරන කල්හි උපදනා රාගය ප්‍රධාන ලෝභ මූල සිත් අටටද දෘෂ්ටිය ප්‍රධාන ලෝභ මූල සිත් සතරටද ඒ කුසලය ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ඣානා වුට්ඨහිත්වා ඣානං ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති, තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.
(රූපාවචර ධ්‍යාන පසය, අරූපාවචර ධ්‍යාන සතරය යන නවවිධ වූ මහද්ගත ධ්‍යාන කුසලයන් උපදවා එයින් නැගී එම ධ්‍යාන චිත්තය ගරුකොට අරමුණු කරමින් ලෝභ මූල සොම්නස් සිතින් ආස්වාදනය කරන කල්හිද, ප්‍රීතිය ප්‍රධාන ලෝභ මූල සිතින් එයට සතුටුවන කල්හිද, ඒ මහද්ගත කුසලය ගරුකොට අරමුණු කරන කල්හි උපදනා රාගය ප්‍රධාන ලෝභ මූල සිත් අටටද, දෘෂ්ටිය ප්‍රධාන ලෝභ මූල සිත් සතරටද, ඒ මහද්ගත කුසලය ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
පකතුපනිශ්රය ප්‍රත්‍යය.
- සද්ධං උපනිස්සාය මානං ජප්පෙති, දිට්ඨිං ගණ්හාති.
(ශ්‍රද්ධාව නිසා මානය පවත්වන කල්හිද, දෘෂ්ටිය උපදවන කල්හිද, එම ශ්‍රද්ධාව, මාන දිට්ඨි ආදී අකුසල ධර්මයන්ට ප්‍රකෘතොපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
“මට ශ්‍රද්ධාව ඇත, මට මෙන් අන්‍යයන්ට මේ ශ්‍රද්ධාව නැත” යනාදි වශයෙන් තමා උසස් කොට ගැනීම් වශයෙන් ශ්‍රද්ධාව නිසා මානය උපදී. ශ්‍රද්ධාව, අර්ථ වශයෙන් මනාකොට තේරුම් නොගෙන, එම කුසලය කරන්නාවූ ද, එහි විපාක විඳින්නාවූ ද, පුද්ගලයෙකු ඇතැයි යනාදි වශයෙන් වැරදි අදහස් උපදනා කල්හි දෘෂ්ටිය උපදී. මෙසේ ඇති කල්හි ශ්‍රද්ධාව නම් වූ කුසල ධර්මය, මාන දිට්ඨි ආදී වූ අකුසලයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- සීලං උපනිස්සාය මානං ජප්පෙති, දිට්ඨිං ගණ්හාති. (ශීලය නිසා මානය පවත්වන කල්හිද, දෘෂ්ටිය උපදවන කල්හිද, එම ශීලය, මාන දිට්ඨි ආදී වූ අකුසල ධර්මයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- සුතං උපනිස්සාය මානං ජප්පෙති දිට්ඨිං ගණ්හාති. (ශ්‍රැතය නිසා මානය පවත්වන කල්හිද, දෘෂ්ටිය උපදවන කල්හිද, එම ශ්රැතමය කුසලය මාන දිට්ඨි ආදී වූ අකුසල ධර්මයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- චාගං උපනිස්සාය මානං ජප්පෙති දිට්ඨිං ගණ්හාති. (ත්‍යාගය නිසා මානය පවත්වන කල්හිද, දෘෂ්ටිය උපදවන කල්හිද, එම ත්‍යාගමය කුසලය, මාන දිට්ඨි ආදී වූ අකුසල ධර්මයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පඤ්ඤං උපනිස්සාය මානං ජප්පෙති දිට්ඨිං ගණ්හාති. (ප්‍රඥාව නිසා මානය පවත්වන කල්හිද, දෘෂ්ටිය උපදවන කල්හිද, එම ප්‍රඥාමය කුසලය, මාන දිට්ඨි ආදී වූ අකුසල ධර්මයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.) මෙසේ මම සිල්වතෙක්මි යයි ද, උගතෙක්මි යයි ද, දෙන කෙනෙක්මි යයි ද, නුවණ ඇත්තෙක්මි යයි ද මානය උපදී. මම සිල් රකින්නෙමි යනාදි වශයෙන් වරදවා ගැනීමේදී දෘෂ්ටිය උපදී.
6. සද්ධා, සීලං, සුතං, චාගො, පඤ්ඤා, රාගස්ස, දෝසස්ස, මොහස්ස, මානස්ස, දිට්ඨියා, පත්ථනාය උපනිස්සය පච්චයෙන පච්චයො.
(ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව, යන මේ කුසල ධර්මයෝ රාගයටද, ද්වේෂයටද, මෝහයටද, මානයටද, දිට්ඨියටද, භවභෝග සම්පත්හි පවත්නා වූ ලෝභයටද යන අකුසල ධර්මයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
ශ්‍රද්ධාදිය නිසා තමා උසස් කොට ගන්නා කල්හි ලෝභය හෙවත් රාගය උපදී. අනුන් පහත්කොට සළකන කල්හි ද්වේෂය උපදී. මේ දෙකම ඇතිකල්හි මෝහය උපදී. තමන්ට මෙන් අන්‍යයන්ට ශ්‍රද්ධාදිය නැතැයි සිතන කල්හි මානය උපදී. එම කුසලයෝ පුද්ගලයන්ගේ වශයෙන් ගන්නා කල්හි දිට්ඨිය උපදී. ඒ කුසලයන් නිසා භවභෝග සම්පත් ප්‍රාර්ථනා කිරීමේදී ප්‍රාර්ථනා සඞ්ඛ්‍යාත වූ ලෝභය උපදී. මෙසේ ශ්‍රද්ධාදී වූ කුසල ධර්මයෝ රාගාදී වූ අකුසල ධර්මයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අකුසල ධර්මයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම් ලෞකික කුසලයෝ පමණෙකි. ලෝකෝත්තර වූ කුසලය, ශාන්ත බැවින් ද ප්‍රණීත බැවින් ද, උත්තම බැවින් ද, අකුසල් නසන හෙයින් ද, අකුසල ධර්මයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය නොවේ.
නිවන් පැතීම මෙකී ප්‍රාර්ථනාවට ඇතුළත් නොවේ. නිවනට පැමිණීමේදී තෘෂ්ණාව සහමුලින්ම නැතිවේ. එහි ඇත්තේ නිර්වාණ ධාතුවට පැමිණීමේ කැමැත්ත නම් වූ ඡන්දයයි. එයට ඡන්ද පත්ථනායයි ද කියනු ලැබේ.
3. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො, ආරම්මණූපනිස්සයො-අනන්තරූපනිස්සයො-පකතූපනිස්සයො.
(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණූපනිශ්රය, අනන්තරූපනිශ්රය, පකතූපනිශ්රය යන උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්ති තුනෙන්ම උපකාර වේ.)
ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය.
අරහා මග්ගා වුට්ඨහිත්වා මග්ගං ගරුංකත්වා පච්ච වෙක්ඛති.
(රහතන් වහන්සේ අර්හත් මාර්ගය උපදවාගෙන එය ගරුකොට ප්රත්යවෙක්ෂා කරන කල්හි, ඒ ප්රත්යවෙක්ෂා ක්‍රියා ජවනයන්ට අර්හත් මාර්ග කුසලය ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
රහතන්වහන්සේ නමක් උපදවාගත් අර්හත් මාර්ග කුසලය ප්රත්යවෙක්ෂා කරන කල්හි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව අර්හත් මාර්ග කුසලය අරමුණු කරමින් මනොචාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව කාමාවචර මහා ක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිතක් ප්රත්යවෙක්ෂා ජවන කෘත්‍යයෙන් අර්හත් මාර්ග කුසලය අරමුණු කරමින් සත්වරක් ඉපිද නිරුද්ධ වේ. එයට පසු භවාඞ්ගය වේ. මෙහිදී උපදනා කාමාවචර ක්‍රියා ජවනයන්ට අර්හත් මාර්ග කුසලය ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
මෙහි ප්‍රත්‍යය ධර්මය වශයෙන් අර්හත් මාර්ග චිත්තයද, ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් කාමාවචර ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියා ජවනයෝද දතයුතු.
අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය.
- කුසලං වුට්ඨානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(සතළොස් ලෞකික කුසලයන්ගේ අන්තිම ජවනය, එයට අනතුරුව උපදනා තදාරම්මණයට හෝ භවාඞ්ගයට අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
2. මග්ගො ඵලස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ලොකොත්තර මාර්ග සිත් සතර එයට අනතුරුව උපදනා ලොකොත්තර ඵල චිත්තයට අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
3. අනුලොමං සෙක්ඛාය ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(සංස්කාර ධර්මයන් අරමුණු කරමින් අනුලොම කෘත්‍යයෙන් උපදනා මහා කුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ශෛක්ෂවූ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ඵල සමාපත්තියට අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(නිරොධ සමාපත්තියෙන් නගින්නාවූ අනාගාමි පුද්ගලයාගේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලය අනාගාමි ඵල සමාපත්තියට අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මේ අනුවාදයන්ගෙන් දක්වන ලද පරිදි අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය වන කුසල ධර්මයෝ නම්—
සතළොස් ලෞකික කුසලයන්ගේ අන්තිම ජවනයෝය ලොකොත්තර මාර්ග ජවන් සතරය
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්—
සන්තීරණ සිත් තුනය.
මහා විපාක අටය.
ඵල සිත් සතරය
යන අව්‍යාකෘත ධර්මයෝය.
පකතුපනිශ්රය ප්‍රත්‍යය
1. සද්ධං උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතාපෙති, පරියිට්ඨිමූලකං දුක්ඛං පච්චනුභොති.
(ශ්‍රද්ධාව නිසා තමා තවයි. හාත්පසින් තවයි, ප්‍රත්‍යය සෙවීම මුල්කොට ඇති දුක් විඳී.)
බලවත් ශ්‍රද්ධා ගුණයෙන් යුක්ත වූ පුද්ගලතෙමේ, ඒ ශ්‍රද්ධාව නිසා ශීතොෂණාදිය නොසළකා වත් පිළිවෙත් ආදිය කිරීමෙන් තමා තවයි. ශ්‍රද්ධාදියෙන් දානාදී පින්කම් කිරීම සඳහා වස්තු සැපයීම පිණිස නොයෙක් දුක් විඳී.
මෙහිදී ශ්‍රද්ධාව ප්‍රධාන කුසලය දුක්ඛසහගත කායවිඤ්ඤාණ නම් වූ අව්‍යාකෘත ධර්මයට පකතුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
2. සීලං උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතාපෙති, පරියිට්ඨිමූලකං දුක්ඛං පච්චනුභොති.
(සීලය නිසා තමා තවයි, හාත් පසින් තවයි, ප්‍රත්‍යය සෙවීම මුල්කොට ඇති දුක් විඳී.)
සිල් රකිනු කැමති පුද්ගලතෙමේ හොඳින් සිල් රැකීම පිණිස අභ්‍යවකාශ, වෘක්ෂමූල ආදී තන්හි වාසය කරන්නේ බොහෝ වූ හිරිහැර විඳිමින් තමා තවයි. ඒ සඳහාම ප්‍රත්‍යය සෙවීම පිණිසද නොයෙක් දුක් විඳී.
3. සුතං උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතාපෙති, පරියිට්ඨිමූලකං දුක්ඛං පච්චනුභොති.
(බහුශ්‍රැත භාවය නිසා තමා තවයි, හාත්පසින් තවයි, ප්‍රත්‍යය සෙවීම මුල්කොට ඇති දුක් විඳී.)
බහුශ්‍රැත පුද්ගල තෙමේ තමාගේ බහුශ්‍රැත භාවයෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා බොහෝ වෙහෙස දරා උගැන් වීම්, දහම් දෙසීම් ආදියෙන් තමා තවයි. තමා දැනගත් ධර්මයට අනුව පිළිවෙත් පිරීම සඳහා පිණ්ඩචරණාදියෙන් ජීවත්වෙමින් නොයෙක් දුක් විඳී.
4. චාගං උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතා- පෙති, පරියිට්ඨිමූලකං දුක්ඛං පච්චනුහොති.
(ත්‍යාගවත් භාවය නිසා තමා තවයි, හාත්පසින් තවයි. ප්‍රත්‍යය සෙවීම මුල්කොට ඇති දුක් විඳී.)
ත්‍යාගවත් තැනැත්තේ තමාගේ ත්‍යාගවත් භාවය නිසා දිවිරැකීම පිණිසද ප්‍රත්‍යය ඉතිරිකර නොගෙන දන් දීමෙන්ද, අඞ්ගප්රත්යඞ්ගයන් පරිත්‍යාග කිරීමෙන්ද තමා තවයි. දන්දීම් සඳහා වස්තු සෙවීම් වශයෙන්ද නොයෙක් දුක් විඳී.
5. පඤ්ඤං උපනිස්සාය අත්තානං ආතාපෙති. පරිතාපෙති පරියිට්ඨිමූලකං දුක්ඛං පච්චනුහොති.
(ප්‍රඥාව නිසා තමා තවයි. හාත්පසින් තවයි. ප්‍රත්‍යය සෙවීම මුල් කොට ඇති දුක් විඳී.)
ප්‍රඥාවත් තැනැත්තේද තමාගේ ප්‍රඥාව වඩාත් දියුණු කරගතයුතු යයි ශීතෝෂ්ණාදිය ගණන් නොගෙන සජ්ඣායන මනස්කාර ආදියෙන් තමා තවයි. මිථ්‍යා ජීවයෙහි ආදීනව හා සම්යග්ආජීවයෙහි අනුසස් දැක දැහැමින් දිවිපැවැත්ම සඳහා ප්‍රත්‍යය සෙවීම පිණිස නොයෙක් දුක් විඳී.
6. සද්ධා සීලං සුතං චාගො පඤ්ඤා කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵල සමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යනාදි කුසල ධර්මයෝ ඇති කල්හි එයින් උපදවන ප්‍රණීත රූපයන්ගේ ස්පර්ශයෙන් ඇතිවන කායික සුඛයටද, ඒ ධර්මයන් නිසා තමා තැවීම්, හාත්පස තැවීම්, ප්‍රත්‍යය සෙවීම් ආදියෙන් ඇතිවන කායික දුක්ඛයටද, ඵලසමාපත්තියට සමවැදීමේදී ඵලචිත්තයන්ටද ශ්‍රද්ධාදී කුසල ධර්මයෝ පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- කුසලං කම්මං විපාකස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(කුසල කර්මය එහි විපාකයට උපනිශ්‍රය ප්රත්යශක්තියෙන් උපකාර වේ.)
බලවත් වූ කුසල චෙතනා සඞ්ඛ්‍යාත කුසල කර්මය එහි විපාකයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව මෙයින් දැක්වේ. මෙහි කර්මය නම් චතුභූමික කර්මයයි,
- අරහා මග්ගං උපනිස්සාය අනුප්පන්නං කිරිය සමාපත්තිං උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති, සඞ්ඛාරෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති.
(රහතන් වහන්සේ අර්හත් මාර්ග ඥානය උපනිශ්‍රය කොට ගෙන නූපන් ලෞකික ක්‍රියා සමාපත්තීන් උපදවයි. උපන් ක්‍රියා සමාපත්තීන්ට සමවැදෙයි. සංස්කාර ධර්මයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, වශයෙන් මහා ක්‍රියා සිතින් විදර්ශනා කරයි.)
රහතන් වහන්සේ විවේක සුව විඳිනු පිණිසද මේ අත් බැව්හිම නිවන් සුව විඳිනු පිණිසද නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති වී නම්, රූපාවචර, අරූපාවචර ක්‍රියා ධ්‍යාන හෙවත් ක්‍රියා අෂ්ට සමාපත්තීන් උපදවා ගතයුතු. එබැවින් අර්හත්වය ලබාගැනීමට පෙර ක්‍රියා අෂ්ට සමාපත්තීන් උපදවා නොගත් බැවින් ඒ අර්හත් මාර්ග කුසලය උපනිශ්‍රය කොට ගෙන ක්‍රියා අෂ්ටසමාපත්තීන් උපදවාගනී. එහෙයින් අර්හත් මාර්ග කුසලය, රහත්මග නුවණ ලැබීමට පෙර නූපන් රූපාවචර අරූපාවචර ක්‍රියා සමාපත්තීන් උපදවාගැනීමට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ යයි කියනු ලැබේ. තවද, රහතන්වහන්සේ ඒ අර්හත් මාර්ග කුසලය උපනිශ්‍රය කොට ගෙන උපදවනලද ක්‍රියා අෂ්ටසමාපත්තීන්ට නැවත නැවතත් සමවදී. සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කාමාවචර මහා ක්‍රියා සිතින් විදර්ශනා කරයි. මෙයින් රහතන් වහන්සේ අර්හත්වයට පැමිණීමට පෙර රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවාගෙන නැතැයි නිශ්චය නොකට යුතුයි. උපදවා නොගත්තේ ක්‍රියා සමාපත්තීන් පමණය. එය අර්හත් මග නුවණ ලබාගත් පසුවම මිස එයට පූර්වයෙහි උපදවාගත නොහැකි වේ.
තවද, රහතන්වහන්සේ අර්හත් මාර්ගය උපනිශ්‍රය කොට ගෙන උපදවා ගත් ක්‍රියා සමාපත්තීන්ට නැවත නැවතත් සමවදී. සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරන කල්හි ඥානසම්ප්රයුත්ත කාමාවචර මහා ක්‍රියා සිත් සතරෙන් එකක් විදර්ශනා ජවන් වශයෙන් උපදී. ඒ විදර්ශනා ක්‍රියා ජවනයන්ගේ පහළ වීමට අර්හත් මාර්ග ඥානය පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- මග්ගො අරහතො අත්ථ පටිසම්භිදාය, ධම්ම- පටිසම්භිදාය, නිරුත්ති පටිසම්භිදාය, පටිභාණ පටි- සම්භිදාය, ඨානාඨාන කොසල්ලස්ස, උපනිස්සය පච්ච- යෙන පච්චයො.
(මාර්ග කුසලය, රහතන්වහන්සේගේ අර්ත්ථ ප්‍රතිසම්භිදා ධර්‍මප්‍රතිසම්භිදා, නිරුත්තිප්රතිසම්භිදා, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා යන සිව් පිළිසිඹියාවන්ට හා ඨානාඨාන කොසල්ල ඥානයටද පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- මග්ගො ඵල සමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(මාර්ග කුසලය ඵල සමාපත්තියට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
සියලුම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන ආර්‍ය්‍යයන් වහන්සේලාට තමන් වහන්සේලා පැමිණී ලොකොත්තර ඵලයට සමවැදීමට ශක්තිය තිබේ. එසේ ඵලසමාපත්තියට සමවදීනු හැකි වන්නේ මාර්ග කුසලය පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන හෙයිනි. ඵලසමාපත්තියට සමවදින කල්හි භවාඞ්ග චලන භවාඞ්ග උපච්ඡේදයන්ට අනතුරුව මනොද්වාරාවජ්ජන චිත්තයද එයට පසු අනුලොම් සිත් සතරක් හෝ තුනක් පිළිවෙලින් ඉපිද නිරුද්ධ වේ. අනුලොම් චිත්තයට අනතුරුව තමන් ගේ ඵලසිත් බොහෝ ගණනක් කැමති තාක් කල් සන්තති වශයෙන් උපදී. මෙයද අර්පණා චිත්ත වීථියකි.
මෙසේ බලවත් වූ කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන ධර්මයෝ විපාකසිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන ප්රත්යොත්පන්න ධර්මයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට උපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
4. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. ආරම්මණුපනිස්සයො අනන්තරූප නිස්සයො, පකතූපනිස්සයො.
(අකුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණුපනිස්සය, අනන්තරූප නිස්සය, පකතූපනිස්සය යන උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ.)
- මෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන් ලැබෙන අකුසලයෝ නම් අකුසල් සිත් දොළොසය. චෛතසික සත්විස්සය. යන අකුසල ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන්නේත් මේ අකුසල් සිත් දොළොස හා චෛතසික සත් විස්සය.
ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය,
- රාගං ගරුං කත්වා අස්සාදෙති, අභිනන්දති. තං ගරුං කත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති,
(රාගය ගරුකොට ලෝභසහගත සිතින් ආස්වාදනය කරන කල්හිද, ප්‍රීතිසහගත සිතින් එයට සතුටුවන කල්හිද, රාගය ප්‍රධාන ලෝභමූල අකුසල් සිත්වලටද, වරදවා ගන්නා කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරටද ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
2. දිට්ඨිං ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.
(දිට්ඨිය ගරුකොට ආස්වාදනය කරන කල්හිද, ප්‍රීතිසහගත සිතින් එයට සතුටුවන කල්හිද රාගය ප්‍රධාන ලෝභමූල අකුසල සිත්වලටද, වරදවා ගන්නා කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරටද, ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙයින් රාගයත් දෘෂ්ටියත් අරමුණු කරමින් ආස්වාදන අභිනන්දනාදිය කරන කල්හි රාගයත් දෘෂ්ටියත් උපදනා බවත් පසුව උපදනා රාග, දෘෂ්ටි ආදීන්ට පළමු රාගයත් දෘෂ්ටියත් ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බවත් දක්වන ලදී. මෙය “අකුසල ධර්මය අකුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය
පුරිමා පුරිමා අකුසලාඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ඛන්ධානං උපනිස්සය පච්චයෙන පච්චයො.
(පූර්ව පූර්ව වූ අකුසල නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ නාමස්කන්‍ධයන්ට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
අකුසල ජවනයෝ උපදනා කල්හි එය චිත්ත වීථින්හි පළමුවන, දෙවන, තෙවන, සතරවන, පස්වන අකුසල ජවනයෝ දෙවන, තෙවන, සතරවන, පස්වන, සවන, සත්වන අකුසල ජවනයන්ට පිළිවෙලින් අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. මෙය ද, “අකුසල ධර්මය අකුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
මෙහි ප්‍රත්‍යය ධර්මයෝ නම් දොළොස් අකුසල් සිත් සහ සත්විසි චෛතසික ධර්මයෝ යි. ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන්නේත් ඒ දොළොස් අකුසල් සිත් සහ චෛතසික සත්විස්සමය.
පකතූපනිශ්රය ප්‍රත්‍යය
1. රාගං උපනිස්සාය පාණං හනති, අදින්නං ආදියති, මුසා භණති, පිසුණං භණති, ඵරුසං භණති, සම්ඵං පලපති, සන්ධිං ඡින්දති, නිල්ලොපං භරති, එකාගාරිකං කරොති, පරිපන්ථෙ තිට්ඨති, පරදාරං ගච්ඡති, ගාමඝාතං කරොති, නිගම ඝාතං කරොති, මාතරං ජීවිතාචොරොපෙති, පිතරං ජීවිතා චොරොපෙති, අරහන්තං ජීවිතා චොරොපෙති, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙති, සංඝං හින්දති.
(රාගය උපනිශ්රයකොට අන්‍යයන්ගේ ප්‍රාණය නසයි, හිමියන් විසින් නුදුන් දෙය පැහැර ගනී, බොරු කියයි, කේලාම් කියයි, රළු වචන කියයි, නිරර්ථක කථා කරයි, ගෙවල් බිඳී, සැඟවී සිට පැහැරගනී, බොහෝදෙනා එක්ව එක් ගෙයක් වටකොට වස්තුව පැහැරගනී, මග රැක සිට අනුන්ගේ වස්තුව උදුරා ගනී, පර භාර්ය්යාවන් කරා යෙයි, ගම් කොල්ල කයි, නියම් ගම් කොල්ලකයි, මව ජීවිතයෙන් තොර කරයි, පියා ජීවිතයෙන් තොරකරයි, රහතුන් ජීවිතයෙන් තොර කරයි, දුෂ්ට සිතින් තථාගත ශරීරයෙහි ලේ උපදවයි, සංඝයා බිඳී.)
රාගයෙන් මත්වූ පෘථග්ජනතෙම මෝහයෙන් ද මුළාවූයේ පරපණ නසයි. එකල්හි උපදනා ප්‍රාණඝාතක ද්වේෂමූල චිත්තයට රාගය ප්‍රධාන ලොභමූල චිත්තය පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එපරද්දෙන්ම රාගය නිසා අදත්තාදානය හෙවත් හිමියන් විසින් නුදුන් දෙය පැහැර ගන්නා කල්හිද මුසාවාදය හෙවත් බොරු කියන කල්හිද, පිසුණාවාචය හෙවත් කේලාම් කීම කරන කල්හිද දොළොස් අකුසල චිත්තයන්ටද; පරුෂවචන හෙවත් රළු වචන කියන කල්හි, ද්වේෂමූල චිත්තයටද, සම්ඵප්‍රලාප හෙවත් හිස් වචන කියන කල්හි දොළොස් අකුසල චිත්තයන්ටද, ගෙවල් බිඳින කල්හිද, සැඟවී සිට අන්සතු වස්තුව පැහැර ගැනීමේදීද බොහෝ දෙන එක්ව එක් ගෙයක් වටකොට වස්තුව පැහැර ගැනීමේදීද, මගරැක සිට අනුන්ගේ වස්තුව උදුරා ගැනීමේදී ද අදත්තාදාන වශයෙන් දොළොස් අකුසල චිත්තයන්ටද, පර භාර්ය්යාවන් කරා යාමෙහිදී කාමමිථ්‍යාචාර වශයෙන් උපදනා ලොභමූල මොහමූල චිත්තයන්ටද, ගම් කොල්ල කෑම නියම් ගම් කොල්ල කෑම යනාදිය කරන කල්හි දොළොස් අකුසල චිත්තයන්ටද, මව ජීවිතයෙන් තොර කිරීම හෙවත් මාතෘ ඝාතක කර්මය කරන කල්හිද, පියා ජීවිතයෙන් තොර කිරීම හෙවත් පිතෘ ඝාතක කර්මය කරන කල්හිද, රහතුන් ජීවිතයෙන් තොර කිරීම නම් වූ අරහන්තඝාතක කර්මය කරන කල්හිද, දුෂ්ට සිතින් තථාගත ශරීරයෙහි ලේ උපදවීම නම් වූ ලොහිතුප්පාදක කර්මය කරන කල්හිද, සංඝභෙද කර්මය කරන කල්හිද, ද්වේෂමූල අකුසල චිත්තයටද ඒ රාගය ප්‍රධාන ලොභමූල චිත්තය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම “අකුසල ධර්මය අකුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
2. දොසං උපනිස්සාය, මොහං උපනිස්සාය, මානං උපනිස්සාය දිට්ඨිං උපනිස්සාය, පත්ථනං උපනිස්සාය පාණං හනති, අදින්නං ආදියති, මුසා භණති, පිසුණං භණති, ඵරුසං භණති, සම්ඵං පලපති, සන්ධිං ඡින්දති, නිල්ලොපං හරති, එකාගාරිකං කරොති, පරිපන්තෙ තිට්ඨති, පරදාරං ගච්ඡති, ගාමඝාතං කරොති, නිගමඝාතං කරොති, මාතරං ජීවිතා වොරොපෙති, පිතරං ජීවිතා වොරොපෙති, අරහන්තං ජීවිතා වොරොපෙති, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙති, සංඝං භින්දති.
(ද්වේෂය, මොහය, මානය, දිට්ඨිය, ප්‍රාර්ථනාව යන අකුසල ධර්මයන් උපනිශ්‍රය කොට ගෙන ප්‍රාණඝාතය, අදත්තාදානය, මුසාවාදය, පිසුණාවාචය ඵරුෂා වාචය, සම්ඵප්‍රලාපය, ගෙවල් බිඳීමය, සැඟවී සිට පැහැර ගැනීමය, බොහෝ දෙනා එක්ව එක් ගෙයක් වටකොට වස්තු පැහැර ගැනීමය, මග රැක වස්තු පැහැර ගැනීමය, පරදාර කර්මය, ගාමඝාතක කර්මය, මාතෘඝාතක කර්මය, පිතෘඝාතක කර්මය, අරහන්තඝාතක කර්මය, ලොහිතුප්පාදක කර්මය, සංඝභෙද කර්මය යන අකුසල කර්මයන් කරන කල්හි එකී දොස, මොහ, මාන, දිට්ඨි, පත්ථනා යන අකුසල ධර්මයෝ පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි ද්වේෂය යන්නෙන් ද්වේෂය ප්‍රධාන දොෂමූල දෙසිතද, මොහය යන්නෙන් මොහය ප්‍රධාන අකුසල් දොළොසද, මානය යන්නෙන් මානය ප්‍රධාන දිට්ඨි විප්‍රයුක්ත සිත් සතරද; දිට්ඨිය යන්නෙන් මිථ්‍යා දෘෂ්ටිය ප්‍රධාන දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් සතරද, ප්‍රාර්ථනා යන්නෙන් භවභොග සම්පත් පිළිබඳ වූ ලොහමූල සිත් අටද ගතයුතු.
3. රාගො, දොසො, මොහො, මානො, දිට්ඨි, පත්ථනා රාගස්ස දොසස්ස, මොහස්ස මානස්ස, දිට්ඨියා, පත්ථනාය, උපනිස්සය පච්චයෙන පච්චයො.
(රාගය, ද්වේෂය, මොහය, මානය, දිට්ඨිය, ප්‍රාර්ථනාව යන මේ අකුසල ධර්මයෝ රාගයටද, ද්වේෂයටද, මොහයටද, මානයටද, දිට්ඨියටද, ප්රාර්ථනාවටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
4. පාණාතිපාතො පාණාතිපාතස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ප්‍රාණඝාතක අකුසල කර්මය, ප්‍රාණඝාතක අකුසල කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අන්‍ය සත්ත්වයෙකු පිළිබඳ වූ ජීවිතෙන්ද්රිය හෙලීම හෙවත් නැතිකර දැමීම පාණාතිපාත නම්. මේ අකුසල කර්මය ද්වේෂමූල දෙසිතින් සිදු වේ. වරක් ප්‍රාණඝාත අකුසලය සිදුකරගත් කල්හි ඔහුගේ චිත්තසන්තානය බොහෝ සෙයින් අශාන්ත වේ. අසංවර වේ. ප්‍රාණඝාත අකුසල කර්මයාගේ මේ අසංවර භාවය නැවත නැවතත් ප්‍රාණඝාත අකුසල කර්මය සිදුකිරීමට බලවත් උපකාරයක් වන බැවින් ප්‍රාණඝාතක කර්මය ප්‍රාණඝාතක කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන බව කියන ලදි.
5. පාණාතිපාතො, අදින්නාදානස්ස, කාමෙසු මිච්ඡාචාරස්ස, මුසාවාදස්ස, පිසුණාය වාචාය, ඵරුසාය වාචාය, සම්ඵප්පලාපස්ස, අභිජ්ඣාය, බ්යාපාදස්ස, මිච්ඡා- දිට්ඨියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(ප්‍රාණඝාතක අකුසල කර්මය, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාච අකුසල කර්මයටද, ඵරුසාවාච අකුසල කර්මයටද, සම්ඵප්පලාප අකුසල කර්මයටද, අභිධ්යාවටද, ව්යාපාදයටද, මිථ්යාදෘෂ්ටියටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
ප්‍රාණඝාතක කර්මය කළ තැනැත්තාගේ අසංවර භාවය ප්‍රාණඝාත, අදත්තාදානාදී දස අකුසල කර්මයන් කිරීමට බලවත් උපකාරයෙකි. නොභික්මුණු චිත්තසන්තානයක් ඇති කල්හි තමාට නුදුන්, අන්සතු වස්තුව පැහැර ගැනීම ඉතා පහසුය. එමෙන්ම කාමමිච්ඡාචාරයෙහි හැසිරීමද බොරු කීමද, කේලාම් බස් කීමද, ඵරුෂවචන කීමද, හිස් වචන කීමද, දැඩි ලෝභයද, ව්‍යාපාදයද මිසදිටු ගැනීම ද ඉතා පහසුය. මෙසේ ප්‍රාණඝාතක කර්මය, අදත්තාදානාදී අකුසල කර්මයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. මෙහිදී ප්‍රත්‍යය ධර්ම වශයෙන් ප්‍රාණඝාතක චේතනා ප්‍රධාන ද්වේෂ මූල දෙසිතද, ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් දොළොස් අකුසල චිත්තයන්ද ගතයුතු:
6. අදින්නාදානං, අදින්නාදානස්ස, කාමෙසුමිච්ඡාචාරස්ස, මුසාවාදස්ස, පිසුණාය වාචාය, ඵරුසාය වාචාය, සම්ඵප්පලාපස්ස, අභිජ්ඣාය, බ්යාපාදස්ස, මිච්ඡාදිට්ඨියා පාණාතිපාතස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(අදත්තාදාන අකුසල කර්මය, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාච අකුසල කර්මයටද, ඵරුසාවාච අකුසල කර්මයටද, සම්ඵප්‍රලාප අකුසල කර්මයටද, අභිද්යාවටද, ව්යාපාදයටද, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහිදී ප්‍රත්‍යය ධර්ම වශයෙන් අදත්තාදාන චේතනා ප්‍රධාන දොළොස් අකුසල චිත්තයන්ද ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් ඒ ඒ අකුසලයන් ප්‍රධාන දොළොස් අකුසල චිත්තයන්ද ගතයුතු.
7. කාමෙසු මිච්ඡාචාරො, කාමෙසු මිච්ඡාචාරස්ස, මුසාවාදස්ස, පිසුණාය වාචාය, ඵරුසාය වාචාය, සම්ඵප්පලාපස්ස, අභිජ්ඣාය, බ්යාපාදස්ස, මිච්ඡාදිට්ඨියා, පාණාතිපාතස්ස, අදින්නාදානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(කාම මිථ්‍යාචාර අකුසල කර්මය, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාචා අකුසල කර්මයටද, ඵරුසාවාචා අකුසල කර්මයටද, සම්ඵප්‍රලාප අකුසල කර්මයටද, අභිද්යාවටද, ව්යාපාදයටද, මිථ්‍යා දෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- මුසාවාදො, මුසාවාදස්ස, පිසුණාය වාචාය, ඵරුසාය වාචාය, සම්ඵප්පලාපස්ස, අභිජ්ඣාය, බ්යාපාදස්ස, මිච්ඡාදිට්ඨියා, පාණාතිපාතස්ස, අදින්නාදානස්ස, කාමෙසුමිච්ඡාචාරස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(මුසාවාද අකුසල කර්මය, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාචා අකුසල කර්මයටද, ඵරුසාවාචා අකුසල කර්මයටද සම්ඵප්පලාප අකුසල කර්මයටද, අභිද්යාවටද, ව්යාපායටද, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
- පිසුණාවාචා, පිසුණාය වාචාය, ඵරුසාය වාචාය, සම්ඵප්පලාපස්ස, අභිජ්ඣාය, බ්යාපාදස්ස, මිච්ඡා දිට්ඨියා, පාණාතිපාතස්ස, අදින්නාදානස්ස, කාමෙසු මිච්ඡාචාරස්ස මුසාවාදස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(පිසුණු බස් බිණීම හෙවත් පිසුණා වාචා අකුසල කර්මය, පිසුණාවාචා අකුසල කර්මයටද, ඵරුසාවාචා අකුසල කර්මයටද, සම්ඵප්පලාප අකුසල කර්මයටද, අභිද්යාවටද, ව්යාපාදයටද, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ඵරුසාවාචා, ඵරුසායවාචාය, සම්ඵප්පලාපස්ස අභිජ්ඣාය, ව්යාපාදස්ස, මිච්ඡාදිට්ඨියා, පාණාතිපාතස්ස, අදින්නාදානස්ස, කාමෙසුමිච්ඡාචාරස්ස, මුසාවාදස්ස, පිසුණායවාචාය, උපනිස්සය පච්චයෙන පච්චයො.
(ඵරුසාවාචා අකුසල කර්මය, ඵරුසාවාචා අකුසල කර්මයටද, සම්ඵප්පලාප අකුසල කර්මයටද, අභිද්යාවටද, ව්යාපාදයටද, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල
කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාච, අකුසල කර්මයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
11. සම්ඵප්පලාපො, සම්ඵප්පලාපස්ස, අභිජ්ඣාය, බ්යාපාදස්ස, මිච්ඡාදිට්ඨියා, පාණාතිපාතස්ස, අදින්නාදානස්ස, කාමෙසු මිච්ඡාචාරස්ස, මුසාවාදස්ස, පිසුණාය වාචාය, ඵරුසාය වාචාය, උපනිස්සය පච්චයෙන පච්චයො.
(සම්ඵප්‍රලාප අකුසල කර්මය, සම්ඵප්‍රලාප අකුසල කර්මයටද, අභිද්යාවටද, ව්යාපාදයටද, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාචා අකුසල කර්මයටද, ඵරුසාවාචා අකුසල කර්මයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
12. අභිජ්ඣා, අභිජ්ඣාය, බ්යාපාදස්ස, මිච්ඡාදිට්ඨියා, පාණාතිපාතස්ස, අදින්නාදානස්ස, කාමෙසුමිච්ඡාචාරස්ස, මුසාවාදස්ස, පිසුණායවාචාය, ඵරුසාය වාචාය, සම්ඵප්ප- ලාපස්ස, උපනිස්සය පච්චයෙන පච්චයො.
(අභිද්‍යාව, අභිද්යාවටද, ව්යාපාදයටද, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාචා අකුසල කර්මයටද, ඵරුසාවාචා අකුසල කර්මයටද, සම්ඵප්‍රලාප අකුසල කර්මයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
13. බ්යාපාදො, බ්යාපාදස්ස, මිච්ඡාදිට්ඨියා, පාණාති- පාතස්ස, අදින්නාදානස්ස, කාමෙසුමිච්ඡාචාරස්ස, මුසා වාදස්ස, පිසුණායවාචාය, ඵරුසායවාචාය, සම්ඵප්ප- ලාපස්ස, අභිජ්ඣාය උපනිස්සය පච්චයෙන පච්චයො.
(ව්‍යාපාදය, ව්යාපාදයටද, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාචා අකුසල කර්මයටද, ඵරුසාවාචා අකුසල කර්මයටද, සම්ඵප්‍රලාප අකුසල කර්මයටද, අභිද්යාවටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
14. මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨියා, පාණාතිපාතස්ස, අදින්නාදානස්ස, කාමෙසුමිච්ඡාචාරස්ස, මුසාවාදස්ස, පිසුණායවාචාය, ඵරුසායවාචාය, සම්ඵප්පලාපස්ස, අභිජ්ඣාය, බ්යාපාදස්ස, උපනිස්සය පච්චයෙන පච්චයො.
(මිථ්‍යාදෘෂ්ටිය, මිථ්යාදෘෂ්ටියටද, ප්‍රාණඝාත අකුසල කර්මයටද, අදත්තාදාන අකුසල කර්මයටද, කාමමිථ්‍යාචාර අකුසල කර්මයටද, මුසාවාද අකුසල කර්මයටද, පිසුණාවාචා අකුසල කර්මයටද, ඵරුසාවාචා අකුසල කර්මයටද, සම්ඵප්‍රලාප අකුසල කර්මයටද, අභිද්යාවටද, ව්යාපාදයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙසේ දස මහා අකුසලයෝ ඒ දස අකුසලයන්ගේ පහළවීමට බලවත් උපකාරයක් වන බැව් දක්වනලදි.
මෙහිදී පකතුපනිශ්රය ප්‍රත්‍යය වන අකුසල ධර්මයෝ නම් දොළොස් අකුසල් සිත් සහ චෛතසික සත්විස්සය, ප්රත්යොත්පන්න වන්නේත් ඒ ධර්මයෝ මැයි.
15. මාතුඝාතිකම්මං මාතුඝාතිකම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(මාතෘඝාතක අකුසල කර්මය, මාතෘඝාතක අකුසල කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මාතෘඝාතක කර්මය, මාතෘඝාතක කර්මයට සතරාකාරයකින් උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එනම්:-
- අනිකෙකු විසින් ඔහුගේ මව මරනු දැක හෝ අසා හෝ එසේ කිරීම නිවැරැදිය, එසේ කරන්නට වටනේය යනාදී වශයෙන් වරදවාගෙන එපරිද්දෙන්ම තමන්ගේ මව් මරණු ලබන කල්හි, තමාගේ මාතෘඝාතක කර්මයට අනුන්ගේ මාතෘඝාතක කර්මය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- එක් භවයකදී මාතෘඝාතක කර්මය කළ තැනැත්තාට නැවත භවයකදී එසේම මාතෘඝාතක කර්මය කිරීමට අතීත මාතෘඝාතක කර්මය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- නැවත නැවත අණකිරීම් වශයෙන් මව මරන්නා වූ තැනැත්තාහට පළමු පළමු අණකිරීම් වූ මාතෘඝාතක කර්මය පසුව අණකිරීම වූ මාතෘඝාතක කර්මයට උපනිශ්‍රය වේ.
- දෙපහරකින් මැරෙන්නා වූ මවට පළමු පහරදීම වූ මාතෘඝාතක කර්මය දෙවන පහරදීම වූ මාතෘඝාතක කර්මයට උපනිශ්‍රය වේ. මෙසේ මාතෘඝාතක කර්මය මාතෘඝාතක කර්මයට සතරාකාරයකින් උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- මාතුඝාතිකම්මං පිතුඝාතිකම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (මාතෘඝාතක කර්මය පිතෘඝාතක කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- මාතුඝාතිකම්මං අරහන්තඝාතිකම්මස්ස උප- නිස්සය පච්චයෙන පච්චයො. (මාතෘඝාතක කර්මය අර්හන්තඝාතක කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- මාතුඝාතිකම්මං ලොහිතුප්පාදකම්මස්ස උප- නිස්සය පච්චයෙන පච්චයො. (මාතෘඝාතක කර්මය බුදු සිරුරින් ලේ සෙලවීම නම් වූ ලොහිතුප්පාදක කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- මාතුඝාතිකම්මං සංඝභෙද කම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (මාතෘඝාතික කර්මය සංඝ භෙද කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- මාතුඝාතිකම්මං නියත මිච්ඡාදිට්ඨියා උපනිස්සය පච්චයෙන පච්චයො. (මාතෘඝාතික කර්මය නියත මිථ්‍යාදෘෂ්ටි කර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පිතුඝාතිකම්මං පිතුඝාතිකම්මස්ස, අරහන්තඝාතිකම්මස්ස, රුහිතුප්පාද කම්මස්ස, සංඝභෙද කම්මස්ස, නියත මිච්ඡාදිට්ඨියා, මාතුඝාතිකම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (පිතෘඝාතක කර්මය, පිතෘඝාතක කර්මයටද, අරහන්තඝාතක කර්මයටද, ලොහිතුප්පාද කර්මයටද, සංඝභෙද කර්මයටද, නියත මිථ්යාදෘෂ්ටියටද, මාතෘඝාතක කර්මයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අරහන්තඝාතිකම්මං අරහන්තඝාතිකම්මස්ස, රුහිතුප්පාදකම්මස්ස, සංඝභෙදකම්මස්ස, නියත මිච්ඡාදිට්ඨියා, මාතුඝාතිකම්මස්ස, පිතුඝාතිකම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (අරහන්තඝාතක කර්මය, අරහන්තඝාතක කර්මයටද, ලොහිතුප්පාද කර්මයටද, සංඝ භෙද කර්මයටද, නියත මිථ්යාදෘෂ්ටියටද, මාතෘඝාතක කර්මයටද, පිතෘඝාතක කර්මයටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- රුහිතුප්පාදකම්මං රුහිතුප්පාදකම්මස්ස, සඞ්ඝභෙදකම්මස්ස, නියත මිච්ඡාදිට්ඨියා, මාතුඝාතිකම්මස්ස, පිතුඝාතිකම්මස්ස, අරහන්තඝාතිකම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ලෝභිතුප්පාදක කර්මය, ලෝභිතුප්පාදක කර්මයට ද, සංඝභෙද කර්මයටද, නියත මිථ්‍යා දෘෂ්ටියටද, මාතෘඝාතක කර්මයටද, පිතෘඝාතක කර්මයටද, අරහන්තඝාතක කර්මයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
24. සඞ්ඝභෙද කම්මං සංඝභෙද කම්මස්ස, නියතමිච්ඡාදිට්ඨියා, මාතුඝාතිකම්මස්ස, පිතුඝාතිකම්මස්ස, අරහන්තඝාතිකම්මස්ස, රුහිතුප්පාද කම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(සංඝභෙද කර්මය, සංඝභෙද කර්මයටද, නියත මිථ්‍යා දෘෂ්ටියටද, මාතෘඝාතක කර්මයටද, පිතෘඝාතක කර්මයටද, අරහන්තඝාතක කර්මයටද, ලෝභිතුප්පාද කර්මයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
25. නියත මිච්ඡාදිට්ඨි නියත මිච්ඡාදිට්ඨියා, මාතුඝාතිකම්මස්ස, පිතුඝාතිකම්මස්ස, අරහන්තඝාතිකම්මස්ස රුහිතුප්පාද කම්මස්ස, සංඝභෙද කම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(නියත මිථ්‍යාදෘෂ්ටිය, නියත මිථ්යාදෘෂ්ටියටද, මාතෘඝාතක කර්මයටද, පිතෘඝාතක කර්මයටද, අරහන්තඝාතක කර්මයටද, ලෝභිතුප්පාද කර්මයටද, සංඝභෙද කර්මයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මාතෘඝාතක කර්මය, පිතෘඝාතක කර්මය, අරහන්තඝාතක කර්මය, ලෝභිතුප්පාදක කර්මය, සංඝභෙදය, යන මේ පස් මහා අකුසලයන්ට පඤ්චානන්තරිය අකුසල කර්මයෝ යයි කියනු ලැබේ. මේ කර්ම සිදුකිරීමේදී ඇතිවන මහා අකුසල ජවනයන් අතුරෙන් සත්වන ජවනයාගේ විපාකය මරණින් මතු ඒකාන්තයෙන්ම දෙවන භවයෙහි නිරයොත්පත්තිය පිණිස උපකාර වෙත්.
නියත මිථ්‍යාදෘෂ්ටිය යයි කියන ලද අහේතුක වාදය, අකිරිය වාදය, නාස්තික වාදය යනාදී වූ අකුසලය පඤ්චානන්තරිය කර්මයන්ට වඩා බලවත් වූ අකුසලයකි. නියත මිථ්‍යා දෘෂ්ටියෙන් නොමිදී කාලක්‍රියා කළේ වී නම් මරණින් මතු එකාන්තයෙන්ම දෙවන ආත්ම භාවය නිරයෙහි වන්නේය.
මෙසේ මේ දස අකුසල, ආනන්තරිය කර්ම, නියත මිථ්‍යාදෘෂ්ටි ආදීහු බවුනොවූන්ටම උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම “අකුසල ධර්මය අකුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ. මෙහි දී ලැබෙන ප්‍රත්‍යය ධර්මයෝ නම් දොළොස් අකුසල් සිත් හා චෛතසික සත් විස්සය. ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් ලැබෙන්නේත් එම අකුසල ධර්මයෝ මැයි.
- විපියඅකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. පකතූපනිස්සයො.
(අකුසල ධර්මය, කුසල ධර්මයට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්මයට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම් අකුසල් සිත් දොළොසය චෛතසික සත් විස්සය යන අකුසල ධර්මයෝ ය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්: එක්විසි කුසල චිත්තයෝය චෛතසික අටතිසය, යන කුසල ධර්මයෝයි.
මෙහි අනුවාද වශයෙන්-
- රාගං උපනිස්සාය දානං දෙති, සිලං සමාදියති, උපොසථ කම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති.
(රාගය ප්‍රධාන ලොභමූල චිත්තය උපනිශ්‍රය ප්‍රත්‍යය කොට ගෙන, දන්දෙයි, සිල් සමාදන් වෙයි, පෙහෙවස් රකියි, ධ්‍යාන උපදවයි, විදර්ශනා උපදවයි, මාර්ග උපදවයි, අභිඥා උපදවයි, සමාපත්ති උපදවයි.)
(රාගයෙන් මත්වූ පුද්ගල තෙමේ, වඩවඩාත්, කම්සැප විඳිනු කැමතිව, දන්දීම්, සිල් සමාදන් වීම්, පෙහෙවස් රැකීම් ආදි පුණ්යකර්මයන්ගේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි මහත්වූ භවභෝග සම්පත් ආදිය ලැබෙන්නේ යයි අසා, ඒ භවභෝග සම්පත් ලබනු සඳහා දානාදී සුගතිගාමි කුසල කර්මයන් කරන කල්හි, ඒ කාමාවචර කුසලයන්ට රාගය ප්‍රධාන අකුසලය පකතූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
එමෙන්ම, රාගය, සත්ත්වයා කාම භවයෙහි බැඳ තබන අකුසලයක, එයින් මිදී බ්රහ්මලෝකාදීන්හි උත්පත්ති ලබන්නේ නම් යෙහෙකැයි සිතා, ඒ රාගය විෂ්කම්භනය කරනු සඳහා ධ්‍යාන උපදවත්. එකල්හි මහද්ගත කුසලයන්ට රාගය ප්‍රධාන අකුසලය පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. රාගය ප්රහාණය කරනු පිණිස විදර්ශනා වඩන කල්හි ඒ විදර්ශනා කරන ඥානසම්ප්‍රයුක්ත කාමාවචර මහා කුසලයන්ට රාගය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. තවද රාගය නසනු පිණිස මාර්ගයන් උපදනා කල්හි ලොකොත්තර මාර්ග කුසලයන්ටද, අභිඥා උපදවන කල්හි අභිඥා චිත්තයන්ටද ධ්‍යාන සමාපත්තින්ට සමවදනා කල්හි ඒ සමාපත්ති චිත්තයන්ටද ඒ රාගය ප්‍රධාන ලොභමූල චිත්තය පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- 2 දොසං, මොහං, මානං, දිට්ඨිං, පත්ථනං උපනිස්සාය දානං දෙති, සිලං සමාදියති, උපොසථ කම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති
(ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, ප්‍රාර්ථනාව උපනිශ්‍රය කොට ගෙන දන් දෙයි, සිල් සමාදන් වෙයි, පෙහෙවස් රකියි, ධ්‍යාන උපදවයි, විදර්ශනා උපදවයි, මාර්ගය උපදවයි, අභිඥා උපදවයි, සමාපත්ති උපදවයි.)
ද්වේෂය බහුලකොට ඇති පුද්ගලතෙමේ එය නපුරකැයි දැන එය දුරුකර ගැනීමේ උපායක් වශයෙන් දන්දෙයි, සිල් රකියි, පෙහෙවස් රකියි, ධ්‍යාන උපදවයි, විදර්ශනා වඩා මාර්ගය උපදවයි, අභිඥා සහ සමාපත්ති උපදවයි. එමෙන් ම මෝහය දුරු කිරීම පිණිසද, මානය දුරුකිරීම පිණිසද. දිට්ඨිය දුරු කිරීම පිණිසද, භවභෝග සම්පත් ප්‍රාර්ථනා කිරීම් වශයෙන්ද දානාදි කුසලයන් රැස් කරයි. මෙහිදී රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, ප්රාර්ථනාදී අකුසල ධර්මයෝ දානාදී කුසල ධර්මයන් කිරීමේදී එක්විසි කුසල චිත්තයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
3. රාගො, දොසො, මොහො, මානො, දිට්ඨි, පත්ථනා, සද්ධාය, සීලස්ස, සුතස්ස, චාගස්ස, පඤ්ඤාය උපනිස්සය පච්චයෙන පච්චයො.
(රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, ප්‍රාර්ථනාව, යන අකුසල ධර්මයෝ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන කුසල ධර්මයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, ප්‍රාර්ථනා නම් වූ අකුසලයන් දුරු කිරීම පිණිස කුසල ධර්මයන් කරන කල්හි උපදනා ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥාදී කුසල ධර්මයන්ට ඒ අකුසල ධර්මයෝ උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
4. පාණං හන්ත්වා තස්ස පටිඝාතත්ථාය දානං දෙති, සීලං සමාදියති, උපොසථ කම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති.
(ප්‍රාණය නසා ඒ පව නැසීම පිණිස දන් දෙයි; සිල් සමාදන් වෙයි, පෙහෙවස් රකී, ධ්‍යාන උපදවයි, විදර්ශනා උපදවයි, මාර්ගය උපදවයි, අභිඥා උපදවයි, සමාපත්ති උපදවයි.
ප්‍රාණඝාතය කළ තැනැත්තේ, ඒ අකුසලයෙන් මතු සතර අපා දුක්ඛාදිය විඳින්නට සිදුවන්නේ යයි අසා ඒ අකුසල විපාක මගහරවා ගැනීම පිණිස දානාදී කුසල කර්මයන් කරන කල්හි, ඒ එක්විසි කුසල චිත්තයන්ට ප්‍රාණඝාත අකුසල කර්මය පක්තූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
5. අදින්නං ආදියිත්වා, මුසා භණිත්වා, පිසුණං භණිත්වා, ඵරුසං භණිත්වා, සම්ඵං පලපිත්වා, සන්ධිං ඡින්දිත්වා, නිල්ලොපං හරිත්වා, ඒකාගාරිකං කරිත්වා, පරිපන්ථෙ ඨත්වා, පරදාරං ගන්ත්වා, ගාමඝාතං කරිත්වා, නිගමඝාතං කරිත්වා, තස්සපටිඝාතත්ථාය දානං දෙති. සීලං සමාදියති, උපොසථකම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති.
(හිමියන් විසින් නුදුන් දෙය පැහැරගෙන, බොරු කියා, කේලාම් කියා, රළු වචන කියා, නිරර්‍ත්‍ථක කථාකර, ගෙවල්බිඳ, සැඟවී සිට පැහැරගෙන, බොහෝ දෙනා එක්ව එක් ගෙයක් වටකොට වස්තුව පැහැරගෙන, මග රැක සිට අනුන්ගේ වස්තුව උදුරාගෙන, පරභාර්ය්යාවන් කරා ගොස්, ගම් කොල්ලකා, නියම්ගම් කොල්ලකා, ඒ පව් නසනු පිණිස දන් දෙයි, සිල් සමාදන් වෙයි, පෙහෙවස් රකී, ධ්‍යාන උපදවයි, විදර්ශනා උපදවයි, මාර්ගය උපදවයි, අභිඥා උපදවයි, සමාපත්ති උපදවයි.)
මෙකී අදත්තාදානාදී අකුසල කර්මයන් කළ තැනැත්තේ, ඒ පවින් මිදෙනු කැමතිව, දානාදී කුසල කර්මයන් කරන කල්හි ඒ දොළොස් අකුසල චිත්තයෝ එක්විසි කුසල චිත්තයන්ට පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම “අකුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
6. මාතරං ජීවිතා චොරොපෙත්වා, තස්ස පටිඝාතත්ථාය දානංදෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති.
(මව ජීවිතයෙන් තොරකොට, ඒ අකුසලය නසනු පිණිස දන් දෙයි. සිල් සමාදන් වෙයි, පෙහෙවස් රකියි.)
7. පිතරං ජීවිතා චොරොපෙත්වා, අරහන්තං ජීවිතා චොරොපෙත්වා, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙත්වා, සංඝං භින්දිත්වා, තස්සපටිඝාතත්ථාය දානං දෙති, සීලංසමාදියති, උපොසථ කම්මං කරොති.
(පියා ජීවිතයෙන් තොරකොට, රහතන්වහන්සේ ජීවිතයෙන් තොරකොට, දූෂ්‍යවූ සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි රුධිරය උපදවා, සංඝයා භෙදකොට, ඒ අකුසල කර්මයන්ගේ විපාකයන්ගෙන් බේරීම පිණිස දන් දෙයි, සිල්සමාදන් වෙයි, පෙහෙවස් රකියි.)
මව මැරීම, පියා මැරීම, රහතන්වහන්සේ මැරීම, බුදු සිරුරින් ලේ සෙලවීම, සංඝ භෙදය යන පඤ්චානන්තරිය කර්මයන් කළ තැනැත්තාට, දන් දීම, සිල්සමාදන් වීම, පෙහෙවස් රැකීම යන පින්කම් හැර, ධ්‍යාන උපදවා ගැනීම, මාර්ගය උපදවා ගැනීම, අභිඥා උපදවා ගැනීම, සමාපත්ති උපදවා ගැනීම ආදි උසස් කුසල කර්මයන් ඒ භවයේදී කළ නොහැකි වේ. කර්මාවරණය හෙවත් ආනන්තරිය කර්මයෙන් වළක්වනු ලබන හෙයිනි. එබැවින් පඤ්චානන්තරිය කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් කළ තැනැත්තේ, මතු කාලයේදී එයින් බේරීම සඳහා දන් දීම, සිල්සමාදන්වීම, පෙහෙවස් රැකීම යන පින්කම් කිරීමේදී ඒ කාමාවචර කුසලයන්ට ආනන්තරිය කර්මය පකතූපනිශ්රය ප්‍රත්‍යයයෙන් උපකාරවීම “අකුසල ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
6. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො, අනන්තරූප නිස්සයො, පකතූපනිස්සයො.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට අනන්තරූප නිශ්‍රය, පකතූපනිශ්රය යන උපනිශ්‍රය ශක්ති දෙකෙන් ප්‍රත්‍යය වේ.)
මෙහි අව්‍යාකෘත ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය
චෛතසික සත්විස්සය (27) යන ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
විපාක සිත් සතිසය (36)
ක්‍රියා සිත් විස්සය
චෛතසික අටතිසය (38) යන ධර්මයෝ යි.
අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය
අකුසලංවුට්ඨානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(දොළොස් අකුසල ජවනයන් අතුරෙන් අන්තිම ජවනය, එයට අනතුරුව උපදනා තදාරම්මණයට හෝ භවාඞ්ගයට අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අකුසල ජවනයන් උපදනා චිත්ත වීථියේ සත්වන අකුසල ජවනයට අනතුරුව තදාරම්මණ උපදනා කල්හි, එකොළොස් තදාරම්මණයටද, තදාරම්මණ නොයෙදෙන කල්හි එකුන් විසි (19) භවාඞ්ගයටද; ඒ අකුසලය අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
පකතුපනිශ්රය ප්‍රත්‍යය.
- රාගං උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතාපෙති, පරියිට්ඨිමූලකං දුක්ඛං පච්චනුහොති. (රාගය උපනිශ්‍රය කොට තමා තවයි, හාත්පසින් තවයි, ප්‍රත්‍යය සෙවීම මුල්කොට ඇති දුක් විඳී.) රාගය ප්‍රධාන ලෝභමූල සිත උපනිශ්‍රය කොට ගෙන කායික දුක්ඛාදිය ඇතිවන සැටි මෙයින් දැක්වේ. ශාස්වත දෘෂ්ටි සඞ්ඛ්‍යාත වූ භවරාගයද, උච්ඡෙද දෘෂ්ටි සංඛ්‍යාත වූ විභවරාගයද මෙයට ඇතුළත් වේ. මේ රාගය නිසා තමා තවන කල්හිද, හාත්පසින් තවන කල්හිද, භව සම්පත් ආදිය පිණිස ප්‍රත්‍යය සෙවීමේදී ද දුක්ඛ විපාකයෝ ඇතිවෙත්.
- දොසං, මොහං, මානං, දිට්ඨිං, පත්ථනං උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතාපෙති, පරියිට්ඨි මූලකං දුක්ඛං පච්චනුහොති. (ද්වේෂය, මොහය, මානය, දිට්ඨිය, ප්‍රාර්ථනාව උපනිශ්‍රය කොට ගෙන තමා තවයි, හාත්පසින් තවයි, ප්‍රත්‍යය සෙවීම මුල්කොට ඇති දුක් විඳී.) නව ආඝාත වස්තු ආදිය කරණ කොට ගෙන ද්වේෂය ඇති කල්හි ද, මුළාවීම නම් වූ මොහය ඇති කල්හි ද, මානය ඇති කල්හිද, විපරීත දර්ශන සංඛ්‍යාත වූ මිථ්‍යා දෘෂ්ටිය ඇති කල්හිද, භව සම්පත් ආදිය පැතීම ඇති කල්හිද, තමා තවයි, හාත්පසින් තවයි. ඒ සඳහා ප්‍රත්‍යය සෙවීමේදී වැඩියක් තවයි. මෙහිදී ඇතිවන දුක්ඛ විපාකයට ද්වේෂාදී වූ අකුසලයෝ උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- රාගො, දොසො, මොහො, මානො, දිට්ඨි, පත්ථනා, කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස, ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො. (රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, ප්‍රාර්ථනාව කායික සුඛයටද, කායික දුක්ඛයටද, ඵලසමාපත්තියටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
රාගය ඇති කල්හි ප්‍රීති සහගත සිතින් උපදනා ප්‍රණීත රූපයන්ගේ ස්පර්ශයෙන් කායික සුඛය ඇතිවේ. තැවීම ඇති කල්හි කායික දුක්ඛය ඇතිවේ. රාගාදියෙන් මිදී වාසය කිරීම පිණිස ඵලයට සමවදී. මෙසේ රාගය ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, ප්‍රාර්ථනාව යනාදී අකුසල ධර්මයන් උපනිශ්‍රය කොට ගෙන, කායික සුඛය, කායික දුක්ඛය, ඵලසමාපත්තිය උපදනා කල්හි අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
4. අකුසලං කම්මං විපාකස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(අකුසල චේතනා සංඛ්‍යාත අකුසල කර්මය අකුසල විපාක සතට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි ප්‍රත්‍යය වශයෙන් දොළොස් අකුසල් සිත්ද ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් අකුසල විපාක සිත් සතද ගතයුතු.
මෙසේ අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
7. වීථිය
අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. ආරම්මණූපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණූප නිශ්‍රය අනන්තරූප නිශ්‍රය පකතූපනිශ්රය යන උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ.)
මෙම අව්‍යාකෘත ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්: විපාක සිත් සතිසය (36)
ක්‍රියා සිත් විස්සය
චෛතසික අටතිසය (38) යන ප්‍රත්‍යය ධර්මයෝයි
ප්රත්යොත්පත්ත වශයෙන් ලැබෙන්නේත් එම ධර්මයෝ මැයි.
ආරම්මණුපනිස්සයො
- අරහා ඵලං ගරුංකත්වා පච්චවෙක්ඛති. (රහතන් වහන්සේ අර්හත් ඵල චිත්තය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවෙක්ෂා කරන කල්හි ඒ ප්රත්යවෙක්ෂා කාමාවචර මහා ක්‍රියා ජවනයන්ට අර්හත් ඵල චිත්තය ආරම්මණුපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අරහා නිබ්බාණං ගරුංකත්වා පච්චවෙක්ඛති. (රහතන් වහන්සේ නිර්වාණය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවෙක්ෂා කරන කල්හි ඒ ප්රත්යවෙක්ෂා කාමාවචර මහා ක්‍රියා ජවනයන්ට නිර්වාණය ආරම්මණුප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
- නිබ්බානං ඵලස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. (නිර්වාණය අරමුණු කරමින් ලොකොත්තර ඵල චිත්තය උපදනා කල්හි ඒ ඵලසිතට නිර්වාණය ආරම්මණුප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
මෙහිදී අර්හත් ඵලචිත්තයත්, නිර්වාණයත් ගරුකොට අරමුණු කරන රහතන්වහන්සේගේ කාමාවචර වූ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතරට අර්හත් ඵල චිත්තයත් නිවණත් ආරම්මණුපනිස්සය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්. සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත්ඵල චිත්තයන් විසින් අරමුණු කරනු ලබන්නේ නිර්වාණය යි. ඵල චිත්තයත් නිර්වාණ ධර්මයත් අව්‍යාකෘත ධර්මයෝයි.
මෙසේ අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
අනන්තරූප නිස්සයො.
1. පුරිමා පුරිමා විපාකාබ්‍යාකතා, කිරියාබ්යාකතා ඛන්ධා, පච්ඡිමානං පච්ඡිමානං විපාකාබ්‍යාකතානං කිරියාබ්යාකතානං ඛන්ධානං උපනිස්සය පච්චයෙන පච්චයො.
(අර්හත් චුති චිත්තය හැර පූර්‍වපූර්‍ව විපාක ක්‍රියා නාමස්කන්‍ධයෝ අර්හත් චුති චිත්තය සහිත වූ පශ්චිම විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
2. භවඞ්ගං ආවජ්ජනාය උපනිස්සය පච්චයෙන පච්චයො.
(පඤ්චවොකාර භවාඞ්ගුපච්ඡෙද පසළොස, ආවජ්ජනා දෙසිතටද අරූප භවාඞ්ගුපච්ඡෙද සතර මනොද්වාරාවජ්ජනයටද, අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
3. කිරියං වුට්ඨානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ආවර්ජන චිත්තද්වය හැර ඉතිරි ක්‍රියා සිත් අටළොසෙහි අන්තිම ජවනය හා ව්‍යවස්ථාපන චිත්තය එයට අනතුරුව උපදනා තදාරම්මණයට හෝ භවාඞ්ගයට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
4. අරහතො අනුලොමං ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(රහතන් වහන්සේගේ අනුලොම කෘත්යයවත් මහාක්රිය ප්‍රථමද්වය හා තෘතීයද්වය, අර්හත් ඵල චිත්තයට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතන කිරියං ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(නිරොධ සමාපත්තියෙන් නැගීමේදී රහතන් වහන්සේගේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන අන්තිම ක්‍රියා ජවනය අර්හත් ඵලචිත්තයට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.
මෙසේ අව්‍යාකෘත ධර්මයෝ අව්‍යාකෘත ධර්මයට අනන්ත රූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
පකතූපනිස්සයො.
- කායිකං සුඛං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(කායික සුඛය, කායික සුඛයටද, කායික දුක්ඛයටද ඵල සමාපත්තියටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
කායික සුඛය විඳීමේදී කුසලවිපාක සුඛ සහගත කාය විඥානය උපදී. ඒ කායික සුඛය නැවත නැවතත් කායික සුඛය විඳීමට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එසේම ඒ කායික සුඛය නැතිව යාමෙන් හෝ කායික සුඛය විඳිනු සඳහා තැවීම් ආදිය ඇතිවන කල්හි කායික සුඛය, කායික දුක්ඛයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ. එකල්හි කායික දුක්ඛය වශයෙන් අකුසල විපාක කාය විඥානය උපදී. ආර්‍ය්‍යයන්වහන්සේ කායික සුඛය නිසා ඵලසමාපත්තියට සමවදනා කල්හි ඒ කායික සුඛය, ඵලචිත්තයට ද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.
- කායිකං දුක්ඛං කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(කායික දුක්ඛය කායික සුඛයටද, කායික දුක්ඛයටද, ඵලසමාපත්තියටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
කායික දුක්ඛය ඇතිකල්හි එය දුරුකර ගැනීමට උපකාර වන ඉරියව් වෙනස් කිරීම් ආදි ක්‍රියාවන් නිසා කායික සුඛය ඇතිවන කල්හිද, සිරුර තැවීම් ආදියෙන් නැවත නැවත දුක් ඇතිවන කල්හිද, කායික දුක්ඛය නැතිකර ගැනීම සඳහා ආර්‍ය්‍යයන්වහන්සේ ඵලසමාපත්තියට සමවදනා කල්හිද, කායික දුක්ඛය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
3. උතු, කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස, ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(සෘතු ගුණය, කායික සුඛයටද, කායික දුක්ඛයටද, ඵලසමාපත්තියටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
සැපවත් සෘතු ගුණය ඇතිකල්හි කායික සුඛයටද කටුකවූ සෘතු ගුණය ඇතිකල්හි කායික දුක්ඛයටද, සෘතු ගුණයෙන් වන්නා වූ ශරීර පිඬාදීය වළක්වා ගැනීම සඳහා ඵලසමාපත්තියට සමවදනා කල්හි, ඒ ඵලසමාපත්තියටද සෘතු ගුණය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.
4. භෝජනං, කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(භෝජනය නම් වූ ආහාරය කායික සුඛයටද, කායික දුක්ඛයටද ඵලසමාපත්තියටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
හිතවත් භෝජනය ලැබුනු කල්හි කායික සුඛයටද, නොසැප භෝජනය ඇතිකල්හි කායික දුක්ඛයටද භෝජනයෙන් විඩා සන්හිඳුවා ඵලසමාපත්තියට සමවදනා කල්හි ඒ ඵලචිත්තයටද භෝජනය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
5. සෙනාසනං කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(සෙනාසනය, කායික සුඛයටද, කායික දුක්ඛයටද, ඵලසමාපත්තියටද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
සැපවත් සෙනසුන් ලද කල්හි කායික සුඛයටද, නොසැප සෙනසුන් ලද කල්හි කායික දුක්ඛයටද, සුදුසු සෙනසුන් ලැබ ඵලසමාපත්තියට සමවදනා කල්හි ඵල චිත්තයට ද, සේනාසනය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
6. කායිකං සුඛං, කායිකං දුක්ඛං, උතු, භෝජනං, සෙනාසනං, කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස, ඵලසමාපත්තියා උපනිස්සය පච්චයෙන පච්චයො.
(කායික සුඛය, කායික දුක්ඛය, ඍතු ගුණය, භෝජනය සෙනාසනය යන මේ අව්‍යාකෘත ධර්මයෝ කායික සුඛයටද, කායික දුක්ඛයටද, ඵලසමාපත්තියටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
7. ඵලසමාපත්ති, කායිකස්ස සුඛස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(ඵලසමාපත්ති කායික සුඛයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
ඵල සමාපත්තියට සමවදනා ආර්ය පුද්ගලයාහට කායික සුඛය මිස කායික දුක්ඛයක් ඇති නොවේ.
8. අරහා කායිකං සුඛං උපනිස්සාය අනුප්පන්නං කිරිය සමාපත්තිං උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති, සඞ්ඛාරෙ අනිච්චතො, දුක්ඛතො අනත්තතො විපස්සති.
(රහතන් වහන්සේ කායික සුඛය උපනිශ්‍රය කොට පූර්වයෙහි නූපදවන ලද ක්‍රියා සමාපත්ති උපදවියි. උපදවා ගත් ක්‍රියා සමාපත්තියට සමවදියි. සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් කාමාවචර ඥානසම්ප්ර යුක්ත මහා ක්‍රියා සිතින් විදර්ශනා කරයි.)
ක්‍රියා සමාපත්ති උපදවාගත හැකිවන්නේ අර්හත්ඵලයට පැමිණීමෙන් පසුවය. එසේ ක්‍රියා සමාපත්ති උපදවා ගැනීමේදී කායික සුඛය එයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. එපරිද්දෙන්ම උපදවාගත් සමාපත්තීන්ට සමවැදීමේදී ද කායික සුඛය එයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා කිරීමේදී ද රහතන් වහන්සේට කායික සුඛය උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
9. කායිකං දුක්ඛං, උතු, භොජනං, සෙනාසනං, උපනිස්සාය අනුප්පන්නං කිරිය සමාපත්තිං උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති, සංඛාරෙ අනිච්චතො දුක්ඛතො, අනත්තතො විපස්සති.
(රහතන් වහන්සේ, කායික දුක්ඛයද, ඍතු ගුණයද, භොජනයද, සෙනාසනයද උපනිශ්‍රය කොට පෙර නූපදවන ලද ක්‍රියා සමාපත්තීන් උපදවයි, උපදවන ලද ක්‍රියා සමාපත්තීන්ට සමවදියි, සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා කරයි.)
කායික සුඛය මෙන්ම, කායික දුක්ඛයද, ඍතු ගුණයද, භොජනයද, සෙනාසනයද රහතන් වහන්සේට පෙර උපදවා නොගත් ක්‍රියා සමාපත්තීන් උපදවා ගැනීමටද, උපදවාගත් ක්‍රියා සමාපත්තීන්ට සමවැදීමටද සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා කිරීමටද පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
මෙසේ අව්‍යාකෘත ධර්මය, අව්‍යාකෘත ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
8. වීථිය
අබ්යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. ආරම්මණූපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො.
(අව්‍යාකෘත ධර්මය, කුසලධර්මයට ආරම්මණූපනිශ්රය, අනන්තරූපනිශ්රය, පකතූපනිශ්රය යන උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ.)
මෙහි කුසලධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්-
අර්හත් ඵලයෙන් අන්‍ය වූ විපාකසිත් පන්තිසය (35),
ක්‍රියා සිත් විස්සය,
වෛතසික අටතිසය (38),
රූප අටවිස්සය යන ප්‍රත්‍යය ධර්මයෝ යි.
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන කුසලධර්මයෝ නම්-
කුසල් සිත් එක් විස්සය
වෛතසික අටතිසය (38)
යන කුසල ධර්මයෝයි
මෙහි අනුවාද වශයෙන්,
ආරම්මණූපනිස්සයො
- සෙක්ඛා ඵලං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති.
(සොවාන්, සකෘදාගාමි, අනාගාමි යන ආර්‍ය්‍යයන් වහන්සේලා තම තමන්ගේ ඵල සිත ගරුකොට අරමුණු කරමින් ප්රත්යවෙක්ෂා කරන කල්හි ඒ කාමාවචර ඥානසම්ප්‍රයුක්ත මහා කුසල ප්රත්යවෙක්ෂා ජවනයන්ට ලොකොත්තරවූ ඵලසිත ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
මෙහිදී අව්‍යාකෘත ධර්මයන් වූ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ලොකොත්තර ඵල සිත් කාමාවචර ප්රත්යවෙක්ෂා කුසල ජවනයන්ට ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
- සෙක්ඛා නිබ්බාණං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති.
(ශෛක්ෂයන් වහන්සේලා නිර්වාණය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවෙක්ෂා කරත්.)
මෙහි නිර්වාණය අව්‍යාකෘත ධර්මයකි. නිර්වාණය ගරුකොට අරමුණු කරමින් ප්රත්යවෙක්ෂා කරන ශෛක්ෂයන් වහන්සේගේ ඥානසම්ප්‍රයුක්ත මහා කුසල් සිත කුසල ධර්මයකි:
3. නිබ්බානං ගොත්රභුස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(නිර්වාණය ගෝත්‍රභූ චිත්තයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
ගෝත්‍රභූ චිත්තයට අරමුණු වන්නේ නිර්වාණයයි. නිර්වාණය සෑම කල්හිම ගරුකොට අරමුණු කළයුතු අව්‍යාකෘත ධර්මයකි. ගෝත්‍රභූ සිත, සෝවාන් මාර්ග සිතට පූර්වයෙහි නිර්වාණය අරමුණු කරමින් උපදනා කාමාවචර ඥානසම්ප්‍රයුක්ත මහා කුසල චිත්තයකි.
4. නිබ්බානං වොදානස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.
(නිර්වාණ ධර්මය, සකෘදාගාමි, අනාගාමි අර්හත් යන මාර්ග සිත් තුනට පූර්වයෙහි නිවණ ගරුකොට අරමුණු කරමින් උපදනා ඥානසම්ප්‍රයුක්ත කාමාවචර මහා කුසල චිත්තය වූ වොදාන චිත්තයට ආරම්මණ උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙය “අව්‍යකෘත ධර්මය, කුසල ධර්මයට ආරම්මණුප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
අනන්තරූප නිස්සයො.
ආවජ්ජනා කුසලානං ඛන්ධානං උපනිස්සය පච්චයෙන පච්චයො.
(ආවර්ජනා චිත්තය කුසල නාමස්කන්‍ධයන්ට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
කුසල් ජවන් උපදනා පඤ්චද්වාරික චිත්ත වීථින්හි අව්‍යාකෘත ධර්මයක් වූ වොට්ඨපන චිත්තය, එයට අනතුරුව උපදනා ප්‍රථම කුසල ජවනයට අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. මනොද්වාරික වීථින්හි මනොද්වාරා වජ්ජන චිත්තය, එයට අනතුරුව උපදනා ප්‍රථම කුසල ජවනයට අනන්තරූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
පකතුපනිස්සයො.
- කායිකං සුඛං උපනිස්සාය දානංදෙති, සීලං සමාදියති, උපොසථ කම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති. (කායික සුඛය උපනිශ්‍රය කොටගෙන දන් දෙයි, සිල් සමාදන් වෙයි, පෙහෙවස් රකී, ධ්‍යාන උපදවයි, විදර්ශනා උපදවයි, මාර්ග උපදවයි, අභිඥා උපදවයි, සමාපත්ති උපදවයි.)
- කායිකං දුක්ඛං, උතු, භොජනං, සෙනාසනං උපනිස්සාය දානංදෙති, සීලං සමාදියති, උපොසථ කම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං, උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති. (කායික දුක්ඛය, සෘතු ගුණය, භොජනය, සෙනාසනය උපනිශ්‍රය කොටගෙන දන් දෙයි, සිල්සමාදන් වෙයි, පෙහෙවස් රකී, ධ්‍යාන උපදවයි, මාර්ගය උපදවයි, අභිඥා උපදවයි.)
මේ අනුවාද දෙකෙන් කායික සුඛය, කායික දුක්ඛය, සෘතු ගුණය, භොජනය, සෙනාසනය යන මේ අව්‍යාකෘත ධර්මයන් උපනිශ්‍රය ප්‍රත්‍යය වීමෙන් දන් දෙන කල්හි දාන චෙතනා ප්‍රධාන කාමාවචර මහ කුසල් සිත්ද, සිල් සමාදන් වන කල්හිද, පෙහෙවස් රකින කල්හිද, ශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසල් සිත්ද, ධ්‍යාන උපදනා කල්හි මහග්ගත ධ්‍යාන කුසල් සිත්ද, විදර්ශනා වඩන කල්හි කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල චිත්තයෝද, මාර්ගය ලබන කල්හි ලොකොත්තර මාර්ග කුසල චිත්තයෝද, අභිඥා උපදවන කල්හි කුසල අභිඥා චිත්තයෝද, සමාපත්ති උපදවන කල්හි කුසල සමාපත්ති චිත්තයෝද ඇතිවෙත්
මෙයද “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
8. කායිකං සුඛං, කායිකං දුක්ඛං, උතු, භෝජනං, සෙනාසනං, සද්ධාය, සීලස්ස, සුතස්ස, චාගස්ස, පඤ්ඤාය, උපනිස්සය පච්චයෙන පච්චයො.
(කායික සුඛය, කායික දුක්ඛය, සෘතු ගුණය, භෝජනය, සෙනාසනය යන මේ අව්‍යාකෘත ධර්මයෝ ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව යන කුසල ධර්මයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
කායික සුඛය, ශ්‍රද්ධාදී කුසල ධර්මයන්ගේ වැඩීමට බලවත් උපකාරයෙකි. කායික දුකින් මිදෙනු කැමති පුද්ගලතෙම එයින් මිදෙනු සඳහා කුසල ධර්මයන් කිරීමේදී ශ්‍රද්ධාදී ධර්මයෝ වැඩෙත්. එමෙන්ම සැපවත් සෘතු, භෝජන, සෙනාසනාදිය ලත් කල්හිද, ශ්‍රද්ධා ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන කුසල ධර්මයන්ගේ වර්ධනයට ඒ අව්‍යාකෘත ධර්මයෝ බලවත්ව උපකාර වෙත්. මෙසේ අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
9. වීථිය
අබ්යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො, ආරම්මණුපනිස්සයො, අනන්තරුපනිස්සයො, පකතුපනිස්සයො,
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණූපනිශ්රය අනන්තරූපනිශ්රය, පකතූපනිශ්රය යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ.
මෙහි අකුසල ධර්මයට උපකාරවන අව්‍යාකෘත ප්‍රත්‍යය ධර්මයෝ නම්:
ලෞකික විපාක දෙතිසය (32),
ක්‍රියා සිත් විස්සය,
චෛතසික පන්තිසය (35),
රූප අටවිස්සය (28) යන ප්‍රත්‍යය ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම් අකුසල් සිත් දොළොසය,
චෛතසික සත්විස්සය (27) යන ප්රත්යොත්පන්න ධර්මයෝ යි.
මෙහි අනුවාද වශයෙන්,
ආරම්මණූපනිස්සයො
- චක්ඛුං ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති, තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති. (චක්ෂුප්රසාදය ගරුකොට ආස්වාදනය කරන කල්හි සොමනස් සහගත ලොභමූල සිත් සතරටද, අභිනන්දනය හෙවත් ප්‍රීතියෙන් සතුටුවන කල්හි, ප්‍රීතිය ප්‍රධාන ලොභ මූල සිත් සතරටද, රාගය උපදනා කල්හි ලොභ මූල සිත් අටටද, මගේ ඇසය යනාදී වශයෙන් වරදවා ගන්නා කල්හි දිට්ඨි සම්ප්‍රයුක්ත ලොභ මූල සිත් සතරටද, ඒ චක්ෂුප්රසාදය ආරම්මණූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සොතං, ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොට්ඨබ්බෙ, වත්ථුං, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති, තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති. (ශ්‍රෝතප්‍රසාදය, ඝාණප්‍රසාදය, ජිව්හාප්‍රසාදය, කායප්‍රසාදය, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, හදය වස්තුවය, විපාක ක්‍රියා සිත්ද, ගරුකොට ආස්වාදනය, අභිනන්දනය කරන කල්හි රාගයත් දිට්ඨියත් උපදී.)
මෙහිදී ශ්රෝතප්රසාදාදිය ආරම්මණුපනිශ්රය ප්‍රත්‍යය ධර්ම වශයෙන්ද, ලෝභ මූල සිත් අට ප්රත්යොත්පන්න ධර්ම වශයෙන්ද ගතයුතු.
අනන්තරූප නිස්සයො.
ආවජ්ජනා අකුසලානං ඛන්ධානං උපනිස්සය පච්චයෙන පච්චයො.
(ආවජ්ජනා චිත්තය අකුසලස්කන්ධයන්ට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අකුසල ජවනයන් උපදනා මනොද්වාරික චිත්ත වීථියෙහි මනොද්වාරාවජ්ජන චිත්තයට අනතුරුව ප්‍රථම අකුසල ජවනය උපදී. මෙහිදී මනොද්වාරාවජ්ජන චිත්තය ප්‍රථම අකුසල ජවනයට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
පඤ්චද්වාරික චිත්ත වීථින්හි වොට්ඨපන චිත්තයට අනතුරුව ප්‍රථම අකුසල ජවනය උපදී. මෙහිදී ඒ වොට්ඨපන චිත්තය ප්‍රථම අකුසල ජවනයට අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
මෙසේ ආවජ්ජන වොට්ඨපන කෘත්‍යයෙන් උපදනා මනොද්වාරාවජ්ජන චිත්තය, එයට අනතුරුව උපදනා ප්‍රථම අකුසල ජවනයට අනන්තරූපනිශ්රය ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
පකතූපනිස්සයො.
- කායිකං සුඛං උපනිස්සාය පාණං හනති, අදින්නං ආදියති, මුසා භණති, පිසුණං භණති, ඵරුසං භණති, සම්ඵං පලපති, සන්ධිං ඡින්දති, නිල්ලොපං හරති, එකාගාරිකං කරොති, පරිපන්ථෙ තිට්ඨති, පරදාරං ගච්ඡති, ගාමඝාතං කරොති, නිගමඝාතං කරොති, මාතරං ජීවිතා වොරොපෙති, පිතරං ජීවිතා වොරොපෙති, අරහන්තං ජීවිතා වොරොපෙති, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙති, සංඝං භින්දති.
(කායික සැපය උපනිශ්‍රය කොටගෙන අන්‍යයන්ගේ ප්‍රාණය නසයි හිමියන් විසින් නුදුන් දෙය පැහැර ගනී, බොරු කියයි, කේලාම් කියයි, රළු වචන කියයි, නිරර්ථක කථා කරයි, ගෙවල් බිඳී, සැඟවී සිට පැහැරගනී, බොහෝ දෙනා එක්ව එක් ගෙයක් වටකොට වස්තුව පැහැරගනී; මග රැක සිට අනුන්ගේ වස්තුව පැහැරගනී, පරභාර්ය්යාවන් කරා යෙයි, ගම් කොල්ලකයි, නියම්ගම් කොල්ලකයි, මව ජීවිතයෙන් තොර කරයි, පියා ජීවිතයෙන් තොර කරයි, රහතුන් ජීවිතයෙන් තොර කරයි, දුෂ්ට සිතින් තථාගත සිරුරෙහි ලේ උපදවයි, සංඝයා බිඳී.)
මෙහිදී අව්‍යාකෘත ධර්මයක් වූ කායික සුඛය, පකතූපනිශ්රය ප්‍රත්‍යය වන ධර්මයයි: පරපණ නැසීම් ආදියෙහිදී උපදනා දොළොස් අකුසල් සිත් හා සත්විසි චෛතසිකයෝද ප්රත්යොත්පන්න ධර්මයෝ යි.
3. කායිකං දුක්ඛං, උතු, භොජනං, සෙනාසනං උපනිස්සාය පාණංහනති, අදින්නං ආදියති, මුසා භණති, පිසුණං භණති, ඵරුසං භණති, සම්ඵංපලපති, සන්ධිං ජින්දති, නිල්ලොපං හරති, එකාගාරිකං කරොති, පරිපන්ථෙ තිට්ඨති, පරදාරං ගච්ඡති, ගාමඝාතං කරොති, නිගමඝාතං කරොති, මාතරං ජීවිතා වොරොපෙති, පිතරං ජීවිතා වොරොපෙති, අරහන්තං ජීවිතා වොරොපෙති, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙති, සංඝං භින්දති.
(කායික දුක්ඛය, සෘතුවය, භොජනය, සෙනාසනය යන අව්‍යාකෘත ධර්මයන් උපනිශ්‍රය කොටගෙන අන්‍යයන්ගේ ප්‍රාණය නසයි, හිමියන් විසින් නුදුන් දෙය පැහැර ගනී, බොරු කියයි, කේලාම් කියයි, රළු වචන කියයි, නිරර්තක කථා කරයි, ගෙවල් බිඳී, සැඟවී සිට පැහැරගනී, බොහෝ දෙනා එක්ව එක් ගෙයක් වටකොට වස්තුව පැහැර ගනී, මගරැක සිට අනුන්ගේ වස්තුව පැහැර ගනී, පරභාර්ය්යාවන් කරා යයි, ගම් කොල්ලකයි, නියම්ගම් කොල්ලකයි, මව ජීවිතයෙන් තොරකරයි, පියා ජීවිතයෙන් තොරකරයි, රහතුන් ජීවිතයෙන් තොරකරයි, දුෂ්ට සිතින් තථාගත සිරුරෙහි ලේ උපදවයි, සංඝයා බිඳී.)
3 කායිකං සුඛං, කායිකං දුක්ඛං, උතු, භෝජනං, සේනාසනං රාගස්ස, දොසස්ස, මෝහස්ස, මානස්ස, දිට්ඨියා, පත්ථනාය උපනිස්සය පච්චයෙන පච්චයො.
(කායික සුඛය, කායික දුක්ඛය, ඍතුවය, භෝජනය, සේනාසනය යන අව්‍යාකෘත ධර්මයෝ රාගයට ද, ද්වේෂයට ද, මෝහයට ද, මානයට ද, දිට්ඨියට ද, ප්රාර්ත්ථනාවට ද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙසේ කායික සුඛය, කායික දුක්ඛය, ඍතුව, භෝජනය, සේනාසනය යන ධර්මයන්ගේ උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබීමෙන් රාග, ද්වේෂ, මෝහ මාන, දිට්ඨි, ප්රාර්ත්ථනාදිය උපදනා කල්හි ඒ කායික සුඛ ආදිය රාගාදීන් ප්‍රධාන දොළොස් අකුසල චිත්තයන්ට පකතුපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම “අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.