2. අනන්තරූපනිශ්‍රය ප්‍රත්‍යය
ප්‍රත්‍යය ධර්ම
අර්‍හත් චුති චිත්තය හැර පූර්‍ව පූර්‍ව වූ
එකුන් අනූ (89) චිත්තය
චෛතසික දෙ පනසය (52).
යන මොව්හු අනන්තරූප නිශ්‍රය ප්‍රත්‍යය ධර්මයෝයි.
ප්‍රත්‍යොත්පන්න ධර්ම
අර්‍හන්ත චුති චිත්තය සහිතවූ පශ්චිම පශ්චිම වූ
එකුන් අනූ (89) චිත්තය
චෛතසික දෙපනසය (52)
යන මොව්හු අනන්තරූපනිශ්‍රය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයෝයි.
ප්‍රත්‍යනීක ධර්ම
චිත්තජ රූපයෝය
ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය
බාහිර රූපයෝය
ආහාරජ රූපයෝය
සෘතුජ රූපයෝය අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝය
ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝය
යන මොව්හු අනන්තරූපනිශ්‍රය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීකයෝය.