අභිධර්මාර්ථ ප්‍රදීපිකා

1. ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය

ප්‍රත්‍යය ධර්‍ම

ගරු කළයුතු වූ වර්‍තමාන වූ ද, අතීතවූ ද, අනාගතවූ ද, ඉෂ්ටනිෂ්ඵන්න රූප අටළොසය.

ද්වෙෂමූල, මොහමූල, දුක්ඛ සහගත කාය විඥානයන් හැර සිත් සූ අසූවය.

ද්වෙෂ, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, විචිකිච්ඡා හැර ඉතිරි චෛතසික සත් සාළිසය (47).

කාලමුක්ත වූ නිර්‍වාණය

යන ෂඩාරම්මණයෝ ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය වන ධර්‍මයෝයි.

ප්‍රත්‍යොත්පන්න ධර්‍ම

ගරු කළයුතු ධර්‍මයන් ගරුකොට අරමුණු කරන්නාවූ ලොභ මූල සිත් අටය. මහා කුසල් සිත් අටය, මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය ලොකොත්තර සිත් අටය,

ද්වෙෂ, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, විචිකිච්ඡා, අප්‍රමාණ්‍ය යන් හැර චෛතසික පන්සාළිසය (45).

යන මොවුහු ආරම්මණූපනිස්සය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත් පන්නයෝයි.

ප්‍රත්‍යනික ධර්‍ම

යම්කිසි ධර්‍මයක් ගරුකොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද කිසි ධර්‍මයක් ගරුකොට අරමුණු නොකරන්නා වූද,

ලෞකික සිත් එක් අසූවය

චෛතසික දෙ පනසය (52)

චිත්තජ රූපයෝය

ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය

බාහිර රූපයෝය

ආහාරජ රූපයෝය

සෘතුජ රූපයෝය

අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝය

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය

යන මොව්හු ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක යෝයි.