ඒකවිධාදි වශයෙන් විනිශ්චය
අවිද්‍යාව-අඤ්ඤාණ හෙවත් ධර්මස්වභාවය හෝ ආලම්බනය නොදැනීමය, අදස්සන හෙවත් ධර්මස්වභාවය හෝ ආලම්බනය නොදැකීමය, මොහ හෙවත් ධර්මස්වභාවයෙහි හෝ ආලම්බනයෙහි මුළා වීමය යනාදි ස්වභාවයන්ගේ වශයෙන් ද, අනනුබොධාදීන්ගේ වශයෙන්ද එකවිධ වේ.
අප්පටිපත්ති නම්වූ නො පිළිපැදීම යයි කියන ලද දුක්ඛාදි චතුස්සත්‍යයන්හි මුළාවීම හෙවත් දෘෂ්ටි විප්රයුක්තතාවය, මිච්ඡාපටිපත්ති නම්වූ අසුභාදීන්හි සුභාදි විපර්‍ය්‍යාස සඞ්ඛ්‍යාත වූ වරදවා පිළිපැදීමය හෙවත් දෘෂ්ටි සම්ප්‍රයුක්තතාවය යනාදි වශයෙන් දුවිධ වේ.
සසංස්කාර, අසංස්කාරයන්ගේ වශයෙන්ද දුවිධ වේ
වෙදනාත්රය හා එකොත්පාදාදි භාවයෙන් සම්ප්රයෝගවීම් වශයෙන් ත්‍රිවිධ වේ.
චතුස්සත්‍යය ප්‍රතිවෙධ ඥානයට ප්රතිපක්ෂවීම් වශයෙන් චතුර්විධ වේ.
දෙව ගති, මනුෂ්‍ය ගති, නිරය ගති, ප්‍රේත ගති, තිරශ්චීන ගතීන්හි වරදවා ගැනීම් වශයෙන් පඤ්චවිධ වේ.
වාරාලම්බන වශයෙන් සියළුම ප්‍රතීත්‍ය සමුප්පාදාඞ්ගභූත වූ නාම ධර්මයන් විෂයෙහි ෂඩ්විධ වේ.
සංස්කාර — ආශ්‍රවයන්ට අරමුණු වූ ධර්මයන් විපාක ස්වභාවය උපදවන්නාවූ ධර්මයන් යනාදීන්ගේ වශයෙන් ඒකවිධ වේ.
කුසල සංස්කාර, අකුසල සංස්කාරයන්ගේ වශයෙන් ද්විධ වේ. එසේම පරිත්ත සංස්කාර මහද්ගත සංස්කාර වශයෙන්ද, හීන සංස්කාර මධ්‍යම සංස්කාර වශයෙන්ද, මිථ්යානියත සංස්කාර අනියත සංස්කාරයන්ගේ වශයෙන්ද ද්විධ වේ.
පුණ්‍යාභි සංස්කාර අපුණ්‍යාභි සංස්කාර අනෙඤ්ජාභි සංස්කාරයන්ගේ වශයෙන්ද, කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාරයන්ගේ වශයෙන්ද ත්‍රිවිධ වේ.
අණ්ඩජාදි චතුර්විධ යොනීන්හි ඇතුළත් අත්බැව්හි පැවැත්වීම් වශයෙන් චතුර්විධ වේ.
දෙවගති ආදි පඤ්චවිධ ගතීන්ට සත්ත්වයන් පමුණුවන හෙයින් පඤ්චවිධ වේ.
විඤ්ඤාණය - ලෞකික විපාක විඤ්ඤාණාදි වශයෙන්ද අව්‍යාකෘත, සංස්කෘත, සප්රත්යාදි භාවයෙන්ද, උපාදින්න, උපදානීය විපාක ධර්මාදීන්ගේ වශයෙන්ද එකවිධ වේ.
සහේතුක අහේතුක වශයෙන්ද, සසඞ්ඛාර අසඞ්ඛාර ආදීන්ගේ වශයෙන්ද ද්විධ වේ.
භවත්‍රයෙහි ඇතුළත්වීම් වශයෙන්ද, වේදනාත්‍රය හා එක්ව යෙදීම් වශයෙන්ද, අහේතුක විහේතුක ත්‍රිහේතුක වශයෙන්ද ත්‍රිවිධ වේ.
යොනි වශයෙන් චතුර්විධ වේ.
ගති වශයෙන් පඤ්චවිධ වේ.
නාම රූප - විඤ්ඤාණ සඞ්ඛ්‍යාත නිශ්රයස්ථාන ඇති හෙයින්ද නොහොත් විඤ්ඤාණයාගේ නිශ්රයස්ථාන වශයෙන් ද, කර්මයම ප්‍රත්‍යකොට පවත්නා වශයෙන්ද එකවිධ වේ.
සාලම්බන, අනාලම්බන වශයෙන් හෙවත් අරමුණු ගැනීම්, අරමුණු නො ගැනීම් වශයෙන් ද්විධ වේ.
යොනි වශයෙන් චතුර්විධ වේ.
ගති වශයෙන් පඤ්චවිධ වේ.
සළායතන - සඤ්ජාත සමෝසරණ වශයෙන් හෙවත් විඤ්ඤාණය හා සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ හැගන්නා තැන්, රැස්ව සිටිනා තැන් වශයෙන් එකවිධ වේ.
මහාභූත ප්‍රසාද, විඥානාදීන්ගේ වශයෙන් ද්විධ වේ.
ඝ්රාණාදිත්රයගේ සම්පත්තගොචරග්රාහය,
චක්ඛුශ්රෝතයන්ගේ අසම්පත්ත ගොචරග්රාහය
මනායතනයාගේ නොභය ගොචර ග්‍රාහය යනාදීන්ගේ වශයෙන් ත්‍රිවිධ වේ.
යොනි වශයෙන් චතුර්විධ වේ.
ගති වශයෙන් පඤ්චවිධ වේ.
අනිකුදු පදයන්ගේ එකවිධාදි භාවය මේ නයින් දතයුතු