3. ලක්‍ෂණාදි වශයෙන් විනිශ්චය.
1. අවිජ්ජා
අඤ්ඤාණ ලක්ඛණා - නොදැනීම ලක්‍ෂණ කොට ඇත්තීය, හෙවත් ඇතිසැටි දැනීම ලක්‍ෂණ කොට ඇති ඥානයට ප්‍රතිපක්‍ෂභාව සඞ්ඛ්‍යාත ලක්‍ෂණ ඇත්තීය.
සම්මොහන රසා - සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා තත් සමඞ්ගි පුද්ගලයා වැඩියක් මුළා කරවන කෘත්‍යය ඇත්තීය.
ඡාදන පච්චුපට්ඨාන - ආලම්බන ස්වභාවය වසන දහමක් වශයෙන් නුවණට වැටහේ.
- සඞ්ඛාර
අභිසඞ්ඛරණ ලක්ඛණා - සකස්කොට කිරීම හෝ මොනවට පිළියෙල කිරීම ලක්‍ෂණ කොට ඇත්තාහ.
ආයූහන රසා - ප්‍රතිසන්ධි ජනනය පිණිස උත්සාහ කරන කෘත්‍යය ඇත්තේය, නොහොත් රාශි භූතව නාමරූප සඞ්ඛ්‍යාත ඵල ධර්‍මයන් කරන නොහොත් රැස් කරන කෘත්‍යය ඇත්තේය.
චෙතනා පච්චුපට්ඨානා - ව්‍යාපාර භාවය යයි කියන ලද චෙතනා භාවයෙන් නුවණට වැටහෙන්නේය.
අවිජ්ජා පදට්ඨානා - අවිද්‍යාව ආසන්න කාරණ කොට ඇත්තේය.
- විඤ්ඤාණං
විජානන ලක්ඛණං - විශේෂ වශයෙන් අරමුණු දැනගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය.
පුබ්බඞ්ගම රසං - වෙදනාදී නාමස්කන්‍ධත්‍රය රූප ස්කන්‍ධය යන මොවුනට පෙරදැරිව පවත්නා හෙයින් පූර්‍වඞ්ගම කෘත්‍යය ඇත්තේය.
පටිසන්‍ධි පච්චුපට්ඨානං - පළමු භවය හා ගැළපීම නුවණට වැටහේ.
සඞ්ඛාර පදට්ඨානං - සංස්කාරයන් ආසන්න කාරණකොට ඇත්තේය, නොහොත්,
වත්‍ථාරම්මණ පදට්ඨානං - වස්තු ආලම්බනයන් ආසන්න කාරණ කොට ඇත්තේය.
- නාමරූප
- නාමය
නමන ලක්ඛණං - අරමුණට නමන ලක්‍ෂණ ඇත්තේය.
සම්පයොග රසං - සිත හා සමඟද, ඔවුනොවුන් හා සමඟද චතුර්විධ සම්ප්‍රයොග ලක්‍ෂණ ඇති කොට යොදන කෘත්‍යය ඇත්තේය.
අවිනිබ්භොග පච්චුපට්ඨානං - චිත්තය හා විනිර්භොගය නොකට හැකිව හෙවත් සිත හා වෙන් නොකොට හැකිව නුවණට වැටහීම වේ නොහොත් වෙදනාදී ත්‍රිවිධ ස්කන්‍ධයන් ඔවුනොවුන් වෙන් නොකොට හැකි ධර්මයක්ව නුවණට වැටහීම වේ.
විඤ්ඤාණ පදට්ඨානං - විඤ්ඤාණය ආසන්න කාරණ කොට ඇත්තේය.
රූපං
රූප්පන ලක්ඛණං - විකාරයට පැමිණීම ලක්‍ෂණ කොට ඇත්තේය.
විකීරණ රසං - ඔවුනොවුන් සම්ප්‍රයොග ලක්‍ෂණ රහිතවන බැවින් විකීර්ණ කෘත්‍යය ඇත්තේය. හෙවත් සුණුවන කිස ඇත්තේය.
අව්‍යාකෘත පච්චුපට්ඨානං - අව්‍යාකෘත භාවයෙන් නුවණට වැටහේ, නොහොත් අව්‍යාකෘතත්‍වය යයි කියන ලද අනාලම්බන භාවයෙන් නුවණට වැටහීම වේ.
විඤ්ඤාණ පදට්ඨානං - විඤ්ඤාණය ආසන්න කාරණා කොට ඇත්තේය.
- ආයතනං
ආයතන ලක්ඛණං - ගළපන ලක්‍ෂණ ඇත්තේය, නොහොත් සංසාර වෘත්තදුක්ඛය විස්තර කරණ ලක්‍ෂණ ඇත්තේය.
දස්සනාදි රසං - දර්‍ශනාදියට කරුණුවන කිස ඇත්තේය
වත්‍ථුද්වාරභාව පච්චුපට්ඨානං - යෙදෙන පරිද්දෙන් පඤ්චවිඤ්ඤාණ ධාතු, මනො ධාතු, මනො විඤ්ඤාණ ධාතූන්ගේ වස්තුද්වාර භාවයෙන් නුවණට වැටහීම වේ.
නාමරූප පදට්ඨානං - නාම රූපය ආසන්න කාරණ කොට ඇත්තේය.
- ඵස්සො
ඵුසණ ලක්ඛණො - අරමුණු පහස්නා ලක්‍ෂණ ඇත්තේය.
සඞ්ඝට්ටන රසො - ආලම්බන සංඝර්‍ෂණ කෘත්‍යය හෙවත් අරමුණු ගැටීම කෘත්‍යය ඇත්තේය
සඞ්ගති පච්චුපට්ඨානො - වස්තු ආලම්බන විඤ්ඤාණයන්ගේ සමාගමයව, එක්වීමව, නුවණට වැටහේ.
සළායතන පදට්ඨානො - ෂඩායතනය ආසන්න කාරණ කොට ඇත්තේය.
- වෙදනා
අනුභවන ලක්ඛණා - අනුභව කිරීම ලක්‍ෂණ කොට ඇත්තීය.
විසය රස සම්භොග රසා - ආලම්බන රසාස්වාදය කෘත්‍යය කොට ඇත්තීය.
සුඛ දුක්ඛ පච්චුපට්ඨානා - සුව දුක් පියවිව නුව ණට වැටහීම වේ.
එස්ස පදට්ඨානා - ස්පර්ශය ආසන්න කාරණ කොට ඇත්තීය.
- තණ්හා හෙතුලක්ඛණා - දුකට කරුණු වන බව ලක්‍ෂණ කොට ඇත්තීය. අභිනන්‍දන රසා - ඒ ඒ අරමුණු, ඒ ඒ භූමි, ඒ ඒ භවයන්හි වැඩියක් ඇලෙන කිස ඇත්තීය. අතික්කිභාව පච්චුපට්ඨානා - චිත්තයාගේ හෝ පුද්ගලයාගේ හෝ රූපාදීන්හි ඇතැයි යන තෘප්ති රහිත භාවයෙන් නුවණට වැටහීම වේ. වෙදනා පදට්ඨානා - වෙදනාව ආසන්න කාරණා කොට ඇත්තීය.
- උපාදානං ගහණ ලක්ඛණං - අරමුණු දැඩි කොට ගන්නා ලක්‍ෂණ ඇත්තේය. අමුඤ්චන රසං - තෘෂ්ණා දෘෂ්ට්‍යාභිනිවෙශයාගේ වශයෙන් ගත් අරමුණු නොමුදන කෘත්‍යය ඇත්තේය. තණ්හාදළහත්ත දිට්ඨි පච්චුපට්ඨානං - කාමූපාදානය තෘෂ්ණාවගේ දැඩි බවව, සෙසු උපාදානයන් දෘෂ්ටිව නුවණට වැටහීම වේ. තණ්හා පදට්ඨානං - තෘෂ්ණාව ආසන්න කාරණා කොට ඇත්තේය.
10. භවො
කම්ම කම්මඵල ලක්ඛණො - කර්ම භව, උත්පත්ති භව වශයෙන් හටගන්වන, හටගන්නා කිස ඇත්තේය.
කුසලාකුසලව්‍යාකත පච්චූපට්ඨානො - කර්ම භව වශයෙන් කුසල් අකුසල්වද, උත්පත්ති භව වශයෙන් අව්‍යාකෘතවද නුවණට වැටහීම වේ.
උපාදාන පදට්ඨානා - උපාදානය ආසන්න කාරණා කොට ඇත්තේය.
11. ජාති -
තත්‍ථ තත්‍ථ භවෙ පඨමාභිනිබ්බත්ති ලක්ඛණා - ඒ ඒ භවයෙහි පළමුව ඉපදීම ලක්‍ෂණකොට ඇත්තීය.
නියාතන රසා - පළමු උපන් ආත්මභාවය එළවා දීමක් බඳු කෘත්‍යය ඇත්තීය, හෙවත් එසේනම් ගනීවායි ගිවිස ගැන්මක් වැනිව පවත්නා කිස ඇත්තීය.
අතීතභවතො ඉධ උම්මුජ්ජන පච්චුපට්ඨානා - අතීත භවයෙන් මේ ප්‍රත්‍යුත්පන්න භවයෙහි සන්තතියගේම මතුවීම වැටහීම කොට ඇත්තීය.
12. ජරා -
ඛන්‍ධ පරිපාක ලක්ඛණා - පඤ්චස්කන්‍ධයන්ගේ මිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තීය.
මරණූපනයන රසා - මරණයට එළවීම් කිස ඇත්තීය.
යොබ්බන විනාස පච්චුපට්ඨානා - යොවුන් බව නැසීම් වශයෙන් වැටහෙන්නීය.
මරණං-
චුති ලක්ඛණං- චුතවීම ලක්‍ෂණ කොට ඇත්තේය, හෙවත් ප්‍රත්‍යක්‍ෂවූ ආත්මභාවයෙන් ගිලිහීම ස්වභාවය ඇත්තේය.
වියෝග රසං- සම්ප්‍රාප්ති භවයෙහි ස්කන්ධයන් කෙරෙන් වෙන්වීම් කෘත්‍යය ඇත්තේය.
විප්පවාස පච්චුපට්ඨානං- පූර්‍ව භවයෙහි හෝ පූර්‍ව භවය හා වියෝව විසීම් වශයෙන් වැටහෙනුය.
සොක-
අන්තො නිජ්ඣාන ලක්ඛණො- අභ්‍යන්තරයෙහිම හෙවත් ළෙහි තුළම හැකුළුණාවූ සිතීම ලක්‍ෂණ කොට ඇත්තේය, හෙවත් ඇතුළතම වියලීම තැවීම ලක්‍ෂණ කොට ඇත්තේය.
චෙතසො පරිනිජ්ඣායන රසො- චිත්තයාගේ දැවීම් කිස ඇත්තේය.
අනුසොචන පච්චුපට්ඨානො- ඒ ඒ ගුණදෙස් අනු ගමනය කොට පසුතැවීමව වැටහෙනුය.
පරිදෙව-
ලාලප්පන ලක්ඛණො- නැවත නැවත තෙපලීම ලක්‍ෂණ කොට ඇත්තේය.
ගුණදොස පරිකිත්තනරසො- ගුණ දොස් හඟවන කිස ඇත්තේය.
සම්භව පච්චුපට්ඨානො- නොනැවතී, නොපිහිටි බවක්ව වැටගිම ඇත්තේය.
දුක්ඛ:
පීඩන ලක්‍ෂණ-කය පෙළන ලක්‍ෂණ ඇත්තේය.
අඥානයන්ට දොම්නස් උපදවන කිස ඇත්තේය.
කායිකාබාධය වැටහීම් කොට ඇත්තේය.
හෙවත් කායික පීඩාවක්ව වැටහෙන්නේය.
දොමනස්ස:
සිත පෙළන ලක්‍ෂණ ඇත්තේය
සිතට හිංසා කරණ කෘත්‍යය ඇත්තේය.
මානසික ව්‍යාධියක් බව වැටහීම් කොට ඇත්තේය.
හෙවත් සිතෙහි ලෙඩ බවක්ව වැටහෙන්නේය.
උපායාස:
බ්‍යාසනතිලක්ඛණා-විරූපවූ ආසඞ්ග සඞ්ඛ්‍යාත ආසක්තීයෙහි නියමයෙන් බැඳුනු බව ලක්‍ෂණ කොට ඇත්තේය.
නිත්‍ථුනන රසො-තැතනුම් කරණ කිස ඇත්තේය.
විසාද පච්චුපට්ඨානා-සිතෙහි යටපත් බවක්ව වැටහෙන්නේය.