2. අර්ත්ථ වශයෙන් විනිශ්චය මෙසේ දතයුතු.
1. අවිද්‍යාව. පුරන්නට හෝ සම්පූර්ණ කරන්නට නොහොත් රැස්කරන්නට නුසුදුසු වන අර්ත්ථයෙන්, කාය දුශ්චරිතාදීහු විඳීමට හෙවත් ලැබීමට නුසුදුසු ධර්මයෝයි එසේ අවින්දිය හෙවත් විඳීමට හෝ ලැබීමට නොසෑහෙන්නාවූ ඒ කාය දුශ්චරිතාදීහු විඳීද, ලබාද, එහෙයින් ඒ ධර්ම ජාතියට අවිද්‍යා යයි කියනු ලැබේ. තවද විඳීමට හෝ ලැබීමට සුදුසුවූ කාය සුවරිතාදිය නොවිඳීද, නොලබාද, එහෙයින් අවිද්‍යා යයි ද වේ.
ස්කන්ධයන්ගේ රාශ්යාර්ත්ථයද, ආයතනයන්ගේ ආයතනනාර්ත්ථයද, ධාතූන්ගේ ආත්ම ජීවයන් කෙරෙන් ශූන්‍ය භාවයද, සත්‍යයන්ගේ අවිපරීත හෙවත් නොවෙනස්වන සැබෑ බවද, ඉන්ද්රියයන්ගේ අධිපති භාවයද නොදන්නා ලද්දක්හු කරන බැවින්ද අවිද්‍යා නම් වේ.
එසේම දුක්ඛාදීන්ගේ පීඩනාර්ත්ථාදී වශයෙන් වදාළාවූ චතුර්විධ චතුර්විධවූ අර්ත්ථය හෙවත් ස්වභාවය නොදන්නා ලද්දක්හු කරන බැවින්ද අවිද්‍යා නම්.
කෙළවර නැත්තාවූ සසරෙහි සියලු අණ්ඩජාදීහු චතුර්විධ යෝනිය, දෙවගති ආදීවූ ගතිය, කාම රූප, අරූපාදී වූ භවය, නානාත්තකාය නානත්ත සඤ්ඤාදී වූ සප්ත විඤ්ඤාණස්ථිතිය, නවවිධ සත්තාවාසය යන තන්හි සත්ත්ව යන් පවත්වන හෙයින්ද අවිද්‍යා නම්.
පරමාර්ථ වශයෙන් වනාහි, අවිද්‍යමාන වූ හෙවත් නැත්තා වූ ස්ත්‍රීපුරුෂාදි වූ ප්රඥප්ති ධර්මයන්හි නොපැකිළ පවත්නා හෙයින්ද, පරමාර්ථවශයෙන් විද්‍යාමාන වූද ස්කන්ධා දීන්හි නොපවත්නා හෙයින්ද අවිද්‍යා නම්.
චක්ඛු විඤ්ඤාණාදීන්ගේ වස්තු ආලම්බන වූ ධර්මයන්ද, අවිද්‍යාදී පටිච්ච සමුප්පාද ධර්මයන්ද, ජරා මරණාදී වූ ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ද මුවහ කරන හෙයින් අවිද්‍යා නම්.
මේ අවිද්‍යා හේතුවෙන් නොහොත් අවිද්‍යාප්‍රත්‍යයෙන් හෙවත් අවිද්‍යා සඞ්ඛ්‍යාත උපකාර හේතුවෙන් සකස් කළ යුතු වූ ඵල ධර්මයට සංස්කාරයයි කියනු ලැබේ.
2 සංස්කාර. සංස්කාරයෝ ද්විවිධ වේ
- එනම්: 1. අවිද්‍යාප්‍රත්‍යයෙන් හටගත් සංස්කාරයෝය,
- සංස්කාර ශබ්දග්රහණයෙන් ආවාවූ සංස්- කාරයෝය.
අවිද්‍යාප්‍රත්‍යයෙන් සම්භව වූ සංස්කාරයෝ නම්:-
- පුණ්‍යාභි සංස්කාර
- අපුණ්‍යාභි සංස්කාර
- ආනෙඤ්ජාභි සංස්කාර
- කාය සංස්කාර
- වචී සංස්කාර
- චිත්ත සංස්කාර
සංස්කාර ශබ්දයෙන් ආ සංස්කාරයෝ නම්.
- සඞ්ඛත සඞ්ඛාර හෙවත් සියළුම හේතුව හා සමඟ පවත්නා වූ ධර්මයෝය.
- අභිසඞ්ඛත සඞ්ඛාර නම් වූ කර්ම හේතුවෙන් නිපන් ත්‍රෛභූමික රූපා රූප ධර්මයෝය.
- අභිසඞ්ඛරණක සඞ්ඛාර නම් වූ ත්‍රෛභූමික කුසලා කුසල චේතනාවෝය.
- පයොගාභිසඞ්ඛාර නම් වූ කායික චෛතසික වූ වීර්‍ය්‍යය යන මොව්හු වෙත්.
කාය සංස්කාරයෝ නම් කරජකය විසින් සකස් කරනු ලබන ආශ්වාස ප්රශ්වාසයෝයි.
වචි සංස්කාරයෝ නම් වාග්භේදකර ශබ්දද පිළියෙල කරන්නාවූ විතක්ක විචාරයෝයි.
චිත්තසංස්කාරයෝ නම් සිත සකස් කරන්නා වූ සංඥා වේදනාවන් නොහොත් විතක්ක විචාරයන් හැර ඉතිරි පනසක් පමණවූ චෛතසික සමූහයයි.
මේ සියල්ලම සඞ්ඛත සංස්කාරයන්ට ඇතුළත් වේ.
- විඤ්ඤාණ. ආරම්මණ විජානන ධර්ම ජාතය විඤ්ඤාණ නමි.
- නාමරූප නැඹුරුවේනුයි නාම නමි. විකාරයට පැමිණේනුයි රූප නමි.
- සළායතන. ආය භූතවූ, චිත්ත චෛතසික ධර්මයන් නොහොත් අනවරාග්ර සංසාරයෙහි ප්‍රවෘත්ත වූ, ආයභූත වූ සංස්කාර දුක්ඛයන් විතර කෙරේද, තනාද, ඉතා දික් වූ සංසාර වෘත්ත දුක්ඛයන් පවත්වාද, ඒ හෙයින් ඒ චක්ෂුරාදී වූ ධර්මයෝ ආයතන නම් වෙත්.
- ඵස්සය අරමුණු පහස්නේ ඵස්ස නමි.
- වේදනා. අරමුණු රස අනුභව කෙරේනුයි වේදනා නමි.
- තණ්හා. අරමුණු ආස්වාදය කරනු කැමති වේනුයි තණ්හා නම්.
- උපාදාන. දැඩිකොට ගනිනුයි උපාදාන නම්.
- භව. උත්පත්ති භවය ඇති කරන්නාවූ කර්ම භවය භව නම්.
- ජාති. ඉපදීම හෝ පහළවීම ජාති නම්.
- ජරා. දිරණ බව හෝ පැරණි බව ජරා නම්. මරණ. ස්කන්ධයන්ගේ නැතිවීම, චුතිය, මරණ නම්. සොක. ශෝක කිරීම සොක නම්. පරිදෙව. හැඬීම හෝ වැළපීම පරිදෙව නම්, දුක්ඛ යම් වේදයිතයෙක් දුක් උපදවාද ඒ වේදයිතය දුක්ඛ නම්. දොමනස්ස. දුෂ්ට වූ සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවය දොමනස්ස නම්. උපායාස දැඩිවූ ආයාසය හෙවත් චිත්තපීඩාව උපායාස නම්.