අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දුරෙහි වූ සංස්කාරයෝ-

අකුසල චේතනාව, කුසල අව්‍යාකෘත චේතනාවන්ගෙන් දුරය.

කුසල අව්‍යාකෘත චෙතනාවෝ අකුසල චෙතනාවෙන් දූරය.

කුසල චෙතනාව අකුසල අව්‍යාකෘත චෙතනාවන්ගෙන් දූරය.

අකුසල අව්‍යාකෘත චෙතනාව කුසල චෙතනාවෙන් දූරය.

අව්‍යාකෘත චෙතනාව, කුසල් අකුසල් චෙතනාවන්ගෙන් දූරය.

කුසල් අකුසල් චෙතනාවෝ අව්‍යාකෘත චෙතනාවෙන් දූරය.

දුක්වූ වේදනාවෙන් යුක්තවූ චෙතනාව, සැප වූද, සැප දුක් නොවන්නාවූද වේදනාවන් හා යුක්තවූ චෙතනාවන්ගෙන් දූරය.

සැප වූද, සුවදුක් නොවන්නාවූද වේදනාවන් හා යුක්තවූ චෙතනාව දුක්වූ වේදනාව හා යුක්තවූ චෙතනාවෙන් දූරය.

සැපවූ වේදනාව හා යුක්තවූ චෙතනාව, දුක්වූද, සුව දුක් නොවන්නා වූ ද වේදනාවන් හා යුක්ත වූ චෙතනාවෙන් දූරය.

දුක් වූ ද, සුව දුක් නොවන්නාවූ ද වේදනාවන් හා යුක්තවූ චෙතනාව සැප වූ වේදනාව හා යුක්ත වූ චෙතනාවෙන් දූරය.

සුවදුක් නොවන්නා වූ වේදනාව හා යුක්තවූ චෙතනාව සැප හා දුක් ඇති වේදනාවන් හා යුක්තවූ චෙතනාවන්ගෙන් දූරය.

සුවදුක් වේදනාවන් හා යුක්තවූ චෙතනාව සුවදුක් නොවූ වේදනාව හා යුක්තවූ චෙතනාවෙන් දූරය.

සන්හුන් නොවූවහුගේ චෙතනාව, සන්සුන් වූවහුගේ චෙතනාවෙන් දුරය.

සන්හුන් වූවහුගේ චෙතනාව, සන්සුන් නොවූවහුගේ චෙතනාවෙන් දුරය.

කෙලෙස් සහිත චෙතනාව; කෙලෙස් රහිත චෙතනා වෙන් දුරය.

කෙලෙස් රහිත චෙතනාව, කෙලෙස් සහිත චෙතනා වෙන් දුරය.

මෙය දූරෙහි වූ සංස්කාරයෝයයි කියනු ලැබේ.

සමීපයෙහි වූ සංස්කාරයෝ-

අකුසල චෙතනාව අකුසල චෙතනාවගේ සමීපයෙහිය.

කුසල චෙතනාව, කුසල චෙතනාවගේ සමීපයෙහිය.

අව්‍යාකෘත චෙතනාව, අව්‍යාකෘත චෙතනාවගේ සමීපයෙහිය.

දුක්වූ වෙදනාවන් හා යුක්තවූ චෙතනාව දුක්වූ වෙදනා වන් හා යුක්තවූ චෙතනාවගේ සමීපයෙහිය.

සැපවූ වෙදනාව හා යුක්තවූ චෙතනාව, සැපවූ වෙදනාව හා යුක්තවූ චෙතනාවගේ සමීපයෙහිය.

සුවදුක් නොවන වෙදනාව හා යුක්තවූ චෙතනාව, සුව දුක් නොවන වෙදනාව හා යුක්තවූ චෙතනාවගේ සමීපයෙහිය.

සන්සුන් නොවූවහුගේ චෙතනාව, සන්හුන් නොවූව හුගේ චෙතනාවගේ සමීපයෙහිය.

සන්හුන් වූවහුගේ චෙතනාව, සන්සුන් වූවහුගේ චෙතනාවගේ සමීපයෙහිය.

කෙලෙස් සහිත චෙතනාව, කෙලෙස් සහිත චෙතනා වගේ සමීපයෙහිය.

කෙලෙස් රහිත චෙතනාව, කෙලෙස් රහිත චෙතනා වගේ සමීපයෙහිය.

මෙය සමීපයෙහි වූ සංස්කාරයෝ යයි කියනු ලැබේ. ඒ ඒ චෙතනාවක් හා සමකොට දූරෙහි වූ ද, සමීපයෙහිවූ ද චෙතනාවෝ දතයුතු.