ඖදාරික වූ ද සියුම් වූ ද සංස්කාරයෝ -
අකුසල චෙතනාව ඖදාරිකය. කුසල අව්‍යාකෘත චෙතනාව සියුම් ය.
කුසල් අකුසල් චෙතනාව ඖදාරිකය. අව්‍යාකෘත චෙතනාව සියුම්ය.
දුක්වූ වෙදනාව හා යුක්තවූ චෙතනාව ඖදාරිකය. සැප වූ ද, සැප දුක් නොවන්නාවූ ද වෙදනා හා යුක්තවූ චෙතනාව සියුම්ය.
සුව දුක් ඇති වෙදනා හා යුක්තවූ චේතනාව ඖදාරිකය. දුක් නොවූ, සුව නොවූ වෙදනාව හා යුක්ත වූ චේතනාව සියුම්ය.
සන්හුන් නොවූවහුගේ චේතනාව ඖදාරිකය. සන්සුන් වූවහුගේ චේතනාව සියුම්ය.
කෙලෙස් සහිත චේතනාව ඖදාරිකය. කෙලෙස් රහිත චේතනාව සියුම්ය.
මෙසේ ඒ ඒ චේතනාවක් හා සමකොට ඖදාරික චේතනාවද, සියුම් වූ චේතනාවද දතයුතු.
අකුසල චේතනාව හීනය. කුසල අව්‍යාකෘත චේතනාව ප්‍රණීතය.
කුසල් අකුසල් චේතනාවෝ හීනය. අව්‍යාකෘත චේතනාව ප්‍රණීතය.
දුක්වූ වෙදනාව හා යුක්තවූ චේතනාව හීනය. සැප වූද, සැප දුක් නොවන්නාවූ ද, වෙදනාව හා යුක්තවූ චේතනාව ප්‍රණීතය.
සැප දුක් වෙදනාවන් හා යුක්තවූ චේතනාව හීනය. සුව දුක් නොවූ වෙදනාව හා යුක්තවූ චේතනාව ප්‍රණීතය.
සන්හුන් නොවූවහුගේ චේතනාව හීනය. සන්හුන් වූවහුගේ චේතනාව ප්‍රණීතය.
කෙලෙස් සහිත චේතනාව හීනය. කෙලෙස් රහිත චේතනාව ප්‍රණීතය.
මෙසේ ඒ ඒ චේතනාවන් හා සමකොට හීනවූ ද ප්‍රණීතවූද චේතනාවෝ දතයුතු.