අභිජ්ඣාකායගන්ථ - ව්‍යාපාද කායගන්ථ - සීලබ්බත පරාමාස කායගන්ථ - ඉදං සච්චාභිනිවේස කායගන්ථ කියා ග්‍රන්ථ සතරෙකි.
‘අභිජ්ඣා’ කායගන්ථ යනු ලෝභය ය. කාමරාග රූපරාග-අරූපරාග වශයෙන් පවත්නා සකල ලෝභය ම එයට ඇතුළත් වේ. ‘ව්‍යාපාද කායග්‍රන්ථය’ යනු අනේකාකාරයෙන් ඇති වන ද්වේෂය ය. ‘සීලබ්බත පරාමාස කායගන්ථය’ යනු සසර දුකින් මිදීමට කරුණු නො වන ගෝ - ශීල, ගෝ - ව්‍රතාදිය නිවන් මග යයි තදින් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ය. ‘ඉදං සච්චාභිනිවේස කායගන්ථ’ යනු සත්‍යය මෙය ම ය. අනික් සියල්ල බොරු ය කියා නිත්‍ය ආත්මයක් ඇත ය යනාදීන් වරදවා ගත් දෙයක් තදින් ම ගන්නා දෘෂ්ටිය ය.
සීලබ්බත පරාමාස - ඉදංසච්චාභිනිවේස යන දෙක ම ධර්‍ම වශයෙන් ගන්නා කල්හි එක ම දෘෂ්ටි චෛතසිකය ය. එබැවින් ලෝභය - ද්වේෂය - දෘෂ්ටිය යි ධර්ම වශයෙන් ග්‍රන්ථ තුනක් ම වන්නේ ය. මේ ධර්මයෝ තිදෙන සත්ත්වයා හට සංසාරයෙන් බැහැර විය නො හෙන පරිද්දෙන්, මරණින් මතු භව පරම්පරාව සිඳී නො යන පරිද්දෙන්, වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කෙරෙති. එබැවින් ඒ ධර්මයෝ ග්‍රන්ථ නම් වෙති.