1. 16. 97-112.
නීවරණ සූත්‍ර
483-498. “මහණෙනි, මේ නීවරණයෝ පසකි. කවර නම් පසක් ද යත්: කාමච්ඡන්දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධනීවරණය, උද්ධච්චකුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යනුයි. මහණෙනි, මේ වනාහි පංච නීවරණයෝයි. මහණෙනි, මේ පංච නීවරණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි -පෙ- සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පංච නීවරණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” යි වදාළ සේක.
1. 16. 113-128.
උපාදානස්කන්ධ සූත්‍ර
499-514. “මහණෙනි, මේ උපාදානස්කන්ධ පසකි. කවර නම් පසක් ද යත්: රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ වනාහි උපාදානස්කන්ධ පසයි. මහණෙනි, මේ උපාදානස්කන්ධ පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි -පෙ- සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ උපාදානස්කන්ධ පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” යි වදාළ සේක.
1. 16. 129-144.
ඕරම්භාගියසංයෝජන සූත්‍ර
515-530. “මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොටසට අයත්) සංයෝජන (බැඳීම්) පසකි. කවර පසක් ද යත්: සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය යි. මහණෙනි, මේ වනාහි ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය” යි.
1. 16. 145-160.
උද්ධම්භාගියසංයෝජන සූත්‍ර
531-546. “මහණෙනි, මේ උද්ධම්භාගිය (උඩ කොටසට අයත්) සංයෝජන (බැඳීම්) පසකි. කවර පසක් ද යත්: රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යි. මහණෙනි, මේ වනාහි උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය” යි.
(ඒසනා සූත්‍රයන් මෙන් සියලු පෙය්‍යාලයන්හි සූත්‍ර දහසය බැගින් විස්තර කළ යුතුය.)
දහසයවැනි ඕඝ වර්ගයයි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය ද, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යන සූත්‍රයි.
මාර්ග සංයුත්තය නිමි.
එහි වර්ග නාමාවලිය:
අවිජ්ජා වර්ගය පළමුවැන්නයි, විහාර වර්ගය දෙවැන්න යැයි කියනු ලැබේ. මිච්ඡත්ත වර්ගය තුන්වැන්නයි, පටිපත්ති වර්ගය හතරවැන්නයි. අඤ්ඤතිත්ථිය වර්ගය පස්වැන්නයි, සූරිය පෙය්‍යාලය හයවැන්නයි. ඒකධම්ම වර්ග දෙකකි, ගංගා පෙය්‍යාල ද හතරකි. අප්පමාද වර්ගය දහතුන්වැන්නයි, බල වර්ගය දහහතරවැන්නයි. ඒසනා වර්ගය පහළොස්වැන්නයි, ඕඝ වර්ගය දහසයවැන්නයි.