1. 16. 113-128.
8. උපාදානස්ඛන්ධ සූත්ර
499-514. “මහණෙනි, මේ උපාදානස්කන්ධ පසකි. කවර නම් පසක්ද? ඒ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියායි. මහණෙනි, මේ වනාහි උපාදානස්කන්ධ පසයි. මහණෙනි, උපාදාන ස්කන්ධපඤ්චකයාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 129-144.
9. ඕරම්භාගියසංයෝජන සූත්ර
515-530. “මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොට්ඨාශය නම්වූ එකොළොස් කාම භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්යාපාදය යන මොහුයි. මහණෙනි, මේ වනාහී ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 145-160.
10. උද්ධම්භාගියසංයෝජන සූත්ර
531-546. “මහණෙනි, මේ උද්ධම්භාගිය (උඩ කොට්ඨාශය වන රූපාරූප භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්යාව යන මොහුයි. මහණෙනි, මේ වනාහී උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පඤ්චකයාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය කිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
(ඒෂණා සූත්රාන්තයන් මෙන් සියලු පෙය්යාලයන්හි සොළොස් සූත්රාන්ත බැගින් විස්තර කළ යුතුය.)
ඕඝවග්ගො අට්ඨමො.
එහි උදානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය ද, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය සහ උද්ධම්භාගිය දැයි (මෙම වර්ගයෙ හි සූත්ර වෙත්).
මාර්ග සංයුත්තය නිමි.
එහි වර්ග උදානය:
අවිද්යා වර්ගය පළමුවැන්නයි, විහාර වර්ගය දෙවැන්න යැයි කියනු ලැබේ. මිච්ඡත්ත වර්ගය තෙවැන්නයි, පටිපත්ති වර්ගය සිව්වැන්නයි. අන්යතිර්ථිය වර්ගය පස්වැන්නයි, සූරියපෙය්යාල වර්ගය සයවැන්නයි. ඒකධම්ම පෙය්යාලය ද, ගංගා පෙය්යාල දෙක ද, පෙය්යාල සතර ද වෙත්. අප්පමාද වර්ගය තෙළෙස්වැන්නයි, බල වර්ගය තුදුස්වැන්නයි. ඒෂණා වර්ගය පසළොස්වැන්නයි, ඕඝ වර්ගය සොළොස්වැන්නයි.