1. 16. 81-96.
කාමගුණ සූත්‍ර
467-482. “මහණෙනි, මේ කාමගුණ පසකි. කවර නම් පසක් ද යත්: ඇසින් දත යුතු, ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, ප්‍රිය ස්වභාව වූ, කාමය පිණිස පවත්නා වූ, ඇලිය යුතු වූ රූපයෝ ය. කණින් දත යුතු ශබ්දයෝ ය -පෙ- නාසයෙන් දත යුතු ගන්ධයෝ ය -පෙ- දිවෙන් දත යුතු රසයෝ ය -පෙ- කයින් දත යුතු, ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, ප්‍රිය ස්වභාව වූ, කාමය පිණිස පවත්නා වූ, ඇලිය යුතු වූ ස්පර්ශයෝ ය. මහණෙනි, මේ වනාහි පංච කාමගුණයෝයි. මහණෙනි, මේ පංච කාමගුණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි -පෙ- සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පංච කාමගුණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” යි වදාළ සේක.
1. 16. 97-112.
නීවරණ සූත්‍ර
483-498. “මහණෙනි, මේ නීවරණයෝ පසකි. කවර නම් පසක් ද යත්: කාමච්ඡන්දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධනීවරණය, උද්ධච්චකුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යනුයි. මහණෙනි, මේ වනාහි පංච නීවරණයෝයි. මහණෙනි, මේ පංච නීවරණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි -පෙ- සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පංච නීවරණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” යි වදාළ සේක.
1. 16. 113-128.
උපාදානස්කන්ධ සූත්‍ර
499-514. “මහණෙනි, මේ උපාදානස්කන්ධ පසකි. කවර නම් පසක් ද යත්: රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ වනාහි උපාදානස්කන්ධ පසයි. මහණෙනි, මේ උපාදානස්කන්ධ පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි -පෙ- සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ උපාදානස්කන්ධ පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” යි වදාළ සේක.
1. 16. 129-144.
ඕරම්භාගියසංයෝජන සූත්‍ර
515-530. “මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොටසට අයත්) සංයෝජන (බැඳීම්) පසකි. කවර පසක් ද යත්: සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය යි. මහණෙනි, මේ වනාහි ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය” යි.