1. 16. 81-96.
6. කාමගුණ සූත්‍ර
467-482. “මහණෙනි, මේ කාමගුණ පසකි. කවරනම් පසක්ද යත්? චක්ෂුර්විඥානයෙන් දතයුතු ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ රූපයෝ වෙත්ද? සෝත විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ ශබ්දයෝ වෙද්ද? ඝාණ විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ ගන්ධයෝ වෙද්ද? ජිව්හා විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ රසයෝ වෙද්ද, කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියස්වභාවවූ, කාමයපිණිස පවත්නාවූ, ඇලියයුතුවූ ස්පර්ශයෝ වෙද්ද, මහණෙනි, මේ වනාහි පඤ්චකාම ගුණයෝයි. මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතුයයි” වදාළසේක.
1. 16. 97-112.
7. නීවරණ සූත්‍ර
483-498. “මහණෙනි, මේ නීවරණයෝ පසකි. කවර නම් පසක්දයත්? කාමච්ඡන්දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථිනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යනුයි. මහණෙනි, මේ වනාහි පඤ්චනීවරණයෝයි. මහණෙනි, මේ පඤ්චනීවරණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්චනීවරණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතු යයි” වදාළසේක.
1. 16. 113-128.
8. උපාදානස්ඛන්ධ සූත්‍ර
499-514. “මහණෙනි, මේ උපාදානස්කන්ධ පසකි. කවර නම් පසක්ද? ඒ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියායි. මහණෙනි, මේ වනාහි උපාදානස්කන්ධ පසයි. මහණෙනි, උපාදාන ස්කන්ධපඤ්චකයාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 129-144.
9. ඕරම්භාගියසංයෝජන සූත්‍ර
515-530. “මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොට්ඨාශය නම්වූ එකොළොස් කාම භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මොහුයි. මහණෙනි, මේ වනාහී ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.