1. 9. 2.
සුඤ්ඤලෝක සූත්‍රය
85. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, ලෝකය සුන්‍යය, ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය සුන්‍යයයි කියනු ලැබේද?,” “ආනන්‍දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද, එහෙයින් ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් නම් ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද,
“ආනන්දය, ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වන්නේ කුමක් ද? ආනන්දය, ඇස වනාහි ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වෙත්. චක්ඛු විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. චක්ඛු සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. චක්ඛු සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ආනන්දය, කන වනාහි ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ශබ්දයෝ ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වෙත්. සෝත විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. සෝත සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. සෝත සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ආනන්දය, නාසය වනාහි ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ගන්ධයෝ ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වෙත්. ඝාණ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ඝාණ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ඝාණ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ආනන්දය, දිව වනාහි ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. රසයෝ ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වෙත්. ජිව්හා විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ජිව්හා සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ආනන්දය, කය වනාහි ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ස්පර්ශයෝ ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වෙත්. කාය විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. කාය සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. කාය සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ආනන්දය, සිත වනාහි ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ධර්මයෝ ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වෙත්. මනෝ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. මනෝ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. මනෝ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ. ආනන්දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයකින් හෝ ශූන්‍ය වේ ද, එහෙයින් ‘ලෝකය ශූන්‍යය’ යි කියනු ලැබේ” යි වදාළ සේක.
1. 9. 3.
සංඛිත්තධම්ම සූත්‍රය
86. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, එබඳු ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දේශනා කරන්නේනම් මැනවැයි, කියායි.
“ආනන්දය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ආනන්දය, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ආනන්දය, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ඝාන විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ඝාන සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ඝාන සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”