1. 8. 10.
ඵග්ගුණ සූත්‍රය
83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් ඇසකින් පනවන්නෙක් (දක්වන්නෙක්) පනවන්නේ ද, එබඳු ඇසක් ඇත්තේද? ස්වාමීනි, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් කනකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කනක් ඇත්තේද? ස්වාමීනි, … යම් නාසයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු නාසයක් ඇත්තේද? ස්වාමීනි, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් දිවකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු දිවක් ඇත්තේද? ස්වාමීනි, … යම් කයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කයක් ඇත්තේද? ස්වාමීනි, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් සිතකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු සිතක් ඇත්තේද?” කියායි.
“ඵග්ගුන, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් ඇසකින් පනවන්නෙක් (දක්වන්නෙක්) පනවන්නේ ද, එබඳු ඇසක් නැත්තේමය. ඵග්ගුන, … යම් කනකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කනක් නැත්තේමය. ඵග්ගුන, … යම් නාසයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු නාසයක් නැත්තේමය. ඵග්ගුන, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් දිවකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු දිවක් නැත්තේමය. ඵග්ගුන, … යම් කයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කයක් නැත්තේමය. ඵග්ගුන, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් සිතකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු සිතක් නැත්තේමය” යි වදාළ සේක.
අටවැනි ගිලාන වර්ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
ගිලාන නමින් සූත්‍ර දෙකක් ද, රාධ නමින් තවත් සූත්‍ර තුනක් ද, අවිජ්ජා නමින් සූත්‍ර දෙකක් ද, භික්ඛු, ලෝක, ඵග්ගුන යන සූත්‍ර ද කියන ලදී.
9. ඡන්න වර්‍ගය
1. 9. 1.
පලොක ධම්ම සූත්‍රය
84. සැවැත් නුවරදීය –
එසඳ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “ස්වාමීනි, ලෝකය ලෝකයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?,”
“ආනන්දය, යමක් බිඳෙන ස්වභාව ඇත්තේ ද, මෙය ආර්ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ආනන්දය, බිඳෙන ස්වභාව ඇත්තේ කුමක් ද? ආනන්දය, ඇස වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රූපයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. චක්ඛු විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද බිඳෙන ස්වභාව ඇත්තේය -පෙ-
“ආනන්‍දය, දිව වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රසයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ජිව්හා විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්‍දය, කය බිඳෙන ස්වභාව ඇත්තේය. ස්පර්‍ශයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. කාය විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.
“ආනන්‍දය, සිත බිඳෙන ස්වභාව ඇත්තේය. ධර්‍මයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. මනෝ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්‍දය, යමක් වනාහි බිඳෙන ස්වභාව ඇත්තේද, හෙතෙම ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේය” යි (වදාළ සේක.)
1. 9. 2.
සුඤ්ඤලෝක සූත්‍රය
85. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, ලෝකය සුන්‍යය, ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය සුන්‍යයයි කියනු ලැබේද?,” “ආනන්‍දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද, එහෙයින් ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් නම් ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද,