1. 8. 10.
ඵග්ගුණ සූත්‍රය
83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් ඇත්තේද? “ස්වාමීනි, යම් කනක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කනක් ඇත්තේද? “ස්වාමීනි, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් ඇත්තේද? “ස්වාමීනි, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් ඇත්තේද? “ස්වාමීනි, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් ඇත්තේද? “ස්වාමීනි, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් ඇත්තේද?” කියායි.
“ඵග්ගුණය, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් නැත්තේය. “ඵග්ගුණය, යම් කනක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කනක් නැත්තේය. “ඵග්ගුණය, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් නැත්තේය. “ඵග්ගුණය, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් නැත්තේය. “ඵග්ගුණය, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් නැත්තේය. “ඵග්ගුණය, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් නැත්තේය” යි වදාළ සේක.
ගිලාන වර්‍ගය නිමි.
එහි උද්දානය:
ගිලාන සූත්‍ර දෙකක් ද, රාධ සූත්‍ර තුනක් ද, අවිජ්ජා සූත්‍ර දෙකක් ද, භික්ඛු, ලෝක සහ ඵග්ගුණ සූත්‍ර ද වේ.
9. ඡන්න වර්‍ගය
1. 9. 1.
පලොක ධම්ම සූත්‍රය
84. සැවැත් නුවරදීය –
එසඳ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “ස්වාමීනි, ලෝකය ලෝකයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?,”
“ආනන්‍දය, යමක් වනාහි බිඳෙන ස්වභාවය ඇත්තේද, මෙය ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් බිඳෙන ස්වභාව ඇත්තේද? “ආනන්‍දය, ඇස වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රූපයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. චක්ඛු විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්‍දය, කන වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ශබ්දයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. සෝත විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්‍දය, නාසය වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ගන්‍ධයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ඝාණ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.
“ආනන්‍දය, දිව වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රසයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ජිව්හා විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්‍දය, කය බිඳෙන ස්වභාව ඇත්තේය. ස්පර්‍ශයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. කාය විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.
“ආනන්‍දය, සිත බිඳෙන ස්වභාව ඇත්තේය. ධර්‍මයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. මනෝ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය. “ආනන්‍දය, යමක් වනාහි බිඳෙන ස්වභාව ඇත්තේද, හෙතෙම ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේය” යි (වදාළ සේක.)
1. 9. 2.
සුඤ්ඤලෝක සූත්‍රය
85. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, ලෝකය සුන්‍යය, ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය සුන්‍යයයි කියනු ලැබේද?,” “ආනන්‍දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද, එහෙයින් ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් නම් ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද,