ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
30
‘‘සබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පං වො, භික්ඛවෙ, පටිපදං දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමීති. කතමා ච සා, භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පා පටිපදා? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුං න මඤ්ඤති, චක්ඛුස්මිං න මඤ්ඤති, චක්ඛුතො න මඤ්ඤති, චක්ඛුං මෙති න මඤ්ඤති. රූපෙ න මඤ්ඤති, රූපෙසු න මඤ්ඤති, රූපතො න මඤ්ඤති, රූපා මෙති න මඤ්ඤති. චක්ඛුවිඤ්ඤාණං න මඤ්ඤති, චක්ඛුවිඤ්ඤාණස්මිං න මඤ්ඤති, චක්ඛුවිඤ්ඤාණතො න මඤ්ඤති, චක්ඛුවිඤ්ඤාණං මෙති න මඤ්ඤති. චක්ඛුසම්ඵස්සං න මඤ්ඤති, චක්ඛුසම්ඵස්සස්මිං න මඤ්ඤති, චක්ඛුසම්ඵස්සතො න මඤ්ඤති, චක්ඛුසම්ඵස්සො මෙති න මඤ්ඤති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති , තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තං මෙති න මඤ්ඤති...පෙ.... ජිව්හං න මඤ්ඤති, ජිව්හාය න මඤ්ඤති, ජිව්හාතො න මඤ්ඤති, ජිව්හා මෙති න මඤ්ඤති. රසෙ න මඤ්ඤති, රසෙසු න මඤ්ඤති, රසතො න මඤ්ඤති, රසා මෙති න මඤ්ඤති. ජිව්හාවිඤ්ඤාණං න මඤ්ඤති, ජිව්හාවිඤ්ඤාණස්මිං න මඤ්ඤති, ජිව්හාවිඤ්ඤාණතො න මඤ්ඤති, ජිව්හාවිඤ්ඤාණං මෙති න මඤ්ඤති. ජිව්හාසම්ඵස්සං න මඤ්ඤති, ජිව්හාසම්ඵස්සස්මිං න මඤ්ඤති, ජිව්හාසම්ඵස්සතො න මඤ්ඤති, ජිව්හාසම්ඵස්සො මෙති න මඤ්ඤති. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තං මෙති න මඤ්ඤති...පෙ.... මනං න මඤ්ඤති, මනස්මිං න මඤ්ඤති, මනතො න මඤ්ඤති, මනො මෙති න මඤ්ඤති. ධම්මෙ න මඤ්ඤති, ධම්මෙසු න මඤ්ඤති, ධම්මතො න මඤ්ඤති, ධම්මා මෙති න මඤ්ඤති. මනොවිඤ්ඤාණං න මඤ්ඤති, මනොවිඤ්ඤාණස්මිං න මඤ්ඤති, මනොවිඤ්ඤාණතො න මඤ්ඤති, මනොවිඤ්ඤාණං මෙති න මඤ්ඤති. මනොසම්ඵස්සං න මඤ්ඤති, මනොසම්ඵස්සස්මිං න මඤ්ඤති, මනොසම්ඵස්සතො න මඤ්ඤති, මනොසම්ඵස්සො මෙති න මඤ්ඤති . යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තං මෙති න මඤ්ඤති. සබ්බං න මඤ්ඤති, සබ්බස්මිං න මඤ්ඤති, සබ්බතො න මඤ්ඤති, සබ්බං මෙති න මඤ්ඤති. සො එවං අමඤ්ඤමානො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. අයං ඛො සා, භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පා පටිපදා’’ති. අට්ඨමං.
30
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියලු තෘෂ්ණාදී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ඒ සියලු හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව කවරේද?
“මහණෙනි, ඇස (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඥානය මම යයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඥානය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, කන (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කන කෙරෙහි මම ඇතැයි නොහඟියි. කන කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කන මාගේ යයි නොහඟියි. ශබ්දයන් මම යයි නොහඟියි. ශබ්දයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ශබ්දය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ශබ්දයෝ මාගේ යයි නොහඟියි. සෝත විඥානය මම යයි නොහඟියි. සෝත විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත විඥානය මාගේ යයි නොහඟියි. සෝත සම්ඵස්සය මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය මාගේ යයි නොහඟියි. සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, නාසය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. නාසය කෙරෙහි මම ඇතැයි නොහඟියි. නාසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. නාසය මාගේ යයි නොහඟියි. ගන්‍ධයන් මම යයි නොහඟියි. ගන්‍ධයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ගන්‍ධය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ගන්‍ධයෝ මාගේ යයි නොහඟියි. ඝාණ විඥානය මම යයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ විඥානය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, දිව (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රසයෝ මාගේ යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, කය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කය මාගේ යයි නොහඟියි. ස්පර්‍ශයන් මම යයි නොහඟියි. ස්පර්‍ශයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ස්පර්‍ශය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ස්පර්‍ශයෝ මාගේ යයි නොහඟියි. කාය විඥානය මම යයි නොහඟියි. කාය විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය විඥානය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය මම යයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය සම්ඵස්සය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මහණෙනි, සිත (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්‍මයන් මම යයි නොහඟියි. ධර්‍මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්‍මය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්‍මයෝ මාගේ යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය මම යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝවිඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
“මෙසේ නොහඟින්නාවූ හෙතෙම ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ ආශා නොකරන්නේය. ආශා නොකරන්නේ මේ ආත්මයෙහි පිරිනිවෙන්නේය. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලද්දේය. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට සුදුසුවූ ප්‍රතිපදාව වේය” යි (වදාළ සේක.)
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය