1. 3. 8.
සමුග්ඝාතසාරුප්පසුත්තං
30. සැවැත්නුවරදී–
“මහණෙනි, සියලු තෘෂ්ණාදී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, ඒ සියලු (තෘෂ්ණා, මාන, දෘෂ්ටි වශයෙන් වන) හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව කවරේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ ඇස (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛුවිඤ්ඤාණය මම යයි නොහඟියි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. චක්ඛුවිඤ්ඤාණය මාගේ යයි නොහඟියි. චක්ඛුසම්ඵස්සය මම යයි නොහඟියි. චක්ඛුසම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛුසම්ඵස්සය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. චක්ඛුසම්ඵස්සය මාගේ යයි නොහඟියි. චක්ඛුසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද මම යයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. -පෙ-
දිව (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රසයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. රසයෝ මාගේ යයි නොහඟියි. ජිව්හාවිඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. ජිව්හාවිඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හාසම්ඵස්සය මම යයි නොහඟියි.
ජිව්හාසම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හාසම්ඵස්සය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. ජිව්හාසම්ඵස්සය මාගේ යයි නොහඟියි. ජිව්හාසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද මම යයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. -පෙ-
මහණෙනි, සිත (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්‍මයන් මම යයි නොහඟියි. ධර්‍මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්‍මය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්‍මයෝ මාගේ යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය මම යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝවිඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝවිඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
සියල්ල (මම යයි) නොහඟියි, සියල්ල කෙරෙහි නොහඟියි, සියල්ලෙන් (අන්‍යවූවක්) නොහඟියි, සියල්ල මාගේ යයි නොහඟියි. මෙසේ නොහඟින්නාවූ හෙතෙම ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ ආශා නොකරන්නේය. ආශා නොකරන්නේ මේ ආත්මයෙහි පිරිනිවෙන්නේය. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලද්දේය. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි.
මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට සුදුසුවූ ප්‍රතිපදාව වේය” යි (වදාළ සේක.)
1. 3. 9.
සප්‌පායපටිපදා සූත්‍රය
31. සැවැත්නුවරදී–
මහණෙනි, සියලු (රාගාදී)ී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරමි. එය අසව්.
මහණෙනි, සියලු හැඟීම් නැසීමට උපකාරවූ ඒ ප්‍රතිපදාව කවරේද?