1. 3. 9.
සප්පායපටිපදා සූත්‍රය
31. සැවැත්නුවරදී–
මහණෙනි, සියලු (රාගාදී)ී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරමි. එය අසව්.
මහණෙනි, සියලු හැඟීම් නැසීමට උපකාරවූ ඒ ප්‍රතිපදාව කවරේද?
මහණෙනි, මෙහි මහණතෙම ඇස මම යයි නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
මහණෙනි, යමක් මම යයි හඟී ද, යමක් කෙරෙහි මම ඇතැයි හඟී ද, යමක් කෙරෙන් අනිකක් මම යයි හඟී ද, යමක් මාගේ යයි හඟී ද, එයින් එය අන් ආකාරයකට ම වෙයි. අන් ආකාරයකට පත් වන්නා වූ, භවයෙහි ඇලුණා වූ ලෝකයා භවයට ම ඇලෙයි. -පෙ-
දිව මම යයි නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍ය වූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රසයන් මම යයි නොහඟියි -පෙ- ජිව්හාසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද මම යයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි ද නොහඟියි. එය කෙරෙන් අනිකක් මම යයි ද නොහඟියි. එය මාගේ යයි ද නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟී ද, යමක් කෙරෙහි මම ඇතැයි හඟී ද, යමක් කෙරෙන් අනිකක් මම යයි හඟී ද, යමක් මාගේ යයි හඟී ද, එයින් එය අන් ආකාරයකට ම වෙයි. අන් ආකාරයකට පත් වන්නා වූ, භවයෙහි ඇලුණා වූ ලෝකයා භවයට ම ඇලෙයි. -පෙ-
මහණෙනි, මෙහි මහණතෙම සිත මම යයි නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්මයන් මම යයි නොහඟියි. ධර්මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්මයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්මය මාගේ යයි නොහඟියි. මනෝ විඤ්ඤාණය මම යයි නොහඟියි. මනෝ විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝ විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝ විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනෝ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනෝ සම්ඵස්සය මාගේ යයි නොහඟියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.
මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, එයින් එය අන් ආකාරයක් වේ. අන් ආකාරයක්වූ, භවයෙහි ඇළුනාවූ, ලෝවැසි තෙම භවයටම ඇලෙයි.