3. ආපත්ති සමුට්ඨාන ගාථා
1. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික සමුට්ඨාන (කයින් ඇවැත් හටගන්නා ආකාර) වදාරන ලද්දේ ද, එයින් හටගන්නා ඇවැත් කීයක් දැයි ඔබෙන් විමසමි. එය කියනු මැනවි.
2. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික සමුට්ඨාන වදාරන ලද්දේ ද, එයින් හටගන්නා ඇවැත් (දුක්කට, ථුල්ලච්චය, සංඝාදිසේස, පාචිත්තිය, පාටිදේසනීය යන) පහකි. ඔබට මෙය කියමි.
3. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් වාචසික සමුට්ඨාන (වචනයෙන් ඇවැත් හටගන්නා ආකාර) වදාරන ලද්දේ ද, ඒ වාචසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් කීයක් දැයි ඔබෙන් විමසමි. එය කියනු මැනවි.
4. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් වාචසික සමුට්ඨාන වදාරන ලද්දේ ද, ඒ වාචසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් (දුක්කට, ථුල්ලච්චය, සංඝාදිසේස, පාචිත්තිය යන) හතරකි. ඔබට මෙය කියමි.
5. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික වාචසික සමුට්ඨාන (කයින් හා වචනයෙන් ඇවැත් හටගන්නා ආකාර) වදාරන ලද්දේ ද, ඒ කායික වාචසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් කීයක් දැයි ඔබෙන් විමසමි. එය කියනු මැනවි.
6. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික වාචසික සමුට්ඨාන වදාරන ලද්දේ ද, ඒ කායික වාචසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් (දුක්කට, ථුල්ලච්චය, සංඝාදිසේස, පාචිත්තිය, පාටිදේසනීය යන) පහකි. ඔබට මෙය කියමි.
7. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික මානසික සමුට්ඨාන (කයින් හා සිතින් ඇවැත් හටගන්නා ආකාර) වදාරන ලද්දේ ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් කීයක් දැයි ඔබෙන් විමසමි. එය කියනු මැනවි.
8. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික මානසික සමුට්ඨාන වදාරන ලද්දේ ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් (පාරාජිකා, දුක්කට, ථුල්ලච්චය, සංඝාදිසේස, පාචිත්තිය, පාටිදේසනීය යන) හයකි. ඔබට මෙය කියමි.
9. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් වාචසික මානසික සමුට්ඨාන (වචනයෙන් හා සිතින් ඇවැත් හටගන්නා ආකාර) වදාරන ලද්දේ ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් කීයක් දැයි ඔබෙන් විමසමි. එය කියනු මැනවි.
10. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් වාචසික මානසික සමුට්ඨාන වදාරන ලද්දේ ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් (පාරාජිකා, දුක්කට, ථුල්ලච්චය, සංඝාදිසේස, පාචිත්තිය, දුබ්භාසිත යන) හයකි. ඔබට මෙය කියමි.
11. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨාන (කයින්, වචනයෙන් හා සිතින් ඇවැත් හටගන්නා ආකාර) වදාරන ලද්දේ ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් කීයක් දැයි ඔබෙන් විමසමි. එය කියනු මැනවි.
12. විභඞ්ගය මනාව දත් තැනැත්ත, විවේකය දුටු, ලෝ සතුන්ට හිත වූ, අනන්තය දුටු මුනීන්ද්රයන් වහන්සේ විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨාන වදාරන ලද්දේ ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් හටගන්නා ඇවැත් (පාරාජිකා, දුක්කට, ථුල්ලච්චය, සංඝාදිසේස, පාචිත්තිය, පාටිදේසනීය යන) හයකි. ඔබට මෙය කියමි.
තුන්වන ආපත්ති සමුට්ඨාන ගාථා නිමි.
4. විපත්ති පච්චය වාරය (විපත්ති හේතුවෙන් ඇවැත්වලට පැමිණීම පිළිබඳ කොටස)
1. සීලවිපත්තිය හේතුවෙන් ඇවැත් කීයකට පැමිණේ ද යත්: සීලවිපත්තිය හේතුවෙන් ඇවැත් හතරකට පැමිණේ: භික්ෂුණිය දැන දැනම පාරාජිකා ඇවැතක් සඟවයි නම් පාරාජිකා ඇවැත් වේ. සැකයෙන් යුතුව සඟවයි නම් ථුල්ලච්චය ඇවැත් වේ. භික්ෂුව සංඝාදිසේස ඇවැතක් සඟවයි නම් පාචිත්තිය ඇවැත් වේ. තමාගේ දුට්ඨුල්ල (බරපතළ) ඇවැතක් සඟවයි නම් දුක්කට ඇවැත් වේ. සීලවිපත්තිය හේතුවෙන් මේ ඇවැත් හතරට පැමිණේ.
ඒ ඇවැත් සතර වැදෑරුම් විපත්ති අතුරෙන් විපත්ති කීයකට අයත් වේ ද? -පෙ- හත් වැදෑරුම් සමථ අතුරෙන් සමථ කීයකින් සංසිඳේ ද යත්:
ඒ ඇවැත් සතර වැදෑරුම් විපත්ති අතුරෙන් සමහර විට සීලවිපත්තියට ද සමහර විට ආචාරවිපත්තියට ද යන විපත්ති දෙකට අයත් වේ. හත් වැදෑරුම් ඇවැත් කොටස් අතුරෙන් සමහර විට පාරාජිකා ඇවැත් කොටසට ද, සමහර විට ථුල්ලච්චය ඇවැත් කොටසට ද, සමහර විට පාචිත්තිය ඇවැත් කොටසට ද, සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යන ඇවැත් කොටස් හතරට ඇතුළත් වේ. හය වැදෑරුම් ආපත්ති සමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයකින් හටගනී: කයින් ද වචනයෙන් ද සිතින් ද හටගනී. සතර වැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණය වේ. හත් වැදෑරුම් සමථ අතුරෙන් සමහර විට සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, සමහර විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනෙන් සංසිඳේ.
2. ආචාරවිපත්තිය හේතුවෙන් ඇවැත් කීයකට පැමිණේ ද යත්: ආචාරවිපත්තිය හේතුවෙන් එක් ඇවැතකට පැමිණේ: ආචාරවිපත්තිය සඟවයි නම් දුක්කට ඇවැත් වේ. ආචාරවිපත්තිය හේතුවෙන් මේ එක් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත සතර වැදෑරුම් විපත්ති අතුරෙන් විපත්ති කීයකට අයත් වේ ද? -පෙ- හත් වැදෑරුම් සමථ අතුරෙන් සමථ කීයකින් සංසිඳේ ද යත්: