16. සංසට්ඨවාරය
‘අධිකරණ’ යැයි හෝ ‘සමථ’ යැයි හෝ කියන මේ ධර්ම එකිනෙක මිශ්‍ර වූ ඒවා ද, නැතහොත් මිශ්‍ර නොවූ ඒවා ද? මේ ධර්ම වෙන් කර කර ඒවායේ වෙනස පෙන්වා දීමට හැකි ද යත්:
“‘අධිකරණ’ යැයි හෝ ‘සමථ’ යැයි හෝ කියන මේ ධර්ම මිශ්‍ර නොවූ ඒවා ය, මිශ්‍ර වූ ඒවා නොවේ. මේ ධර්ම වෙන් කර කර ඒවායේ වෙනස පෙන්වා දීමට හැකිය” යැයි (යමෙක් කියයි නම්) ඔහුට ‘එසේ නොකියන්න’ යැයි කිව යුතුය. ‘අධිකරණ’ යැයි හෝ ‘සමථ’ යැයි හෝ කියන මේ ධර්ම මිශ්‍ර වූ ඒවා ය, මිශ්‍ර නොවූ ඒවා නොවේ. මේ ධර්ම වෙන් කර කර ඒවායේ වෙනස පෙන්වා දීමට නොහැකිය. ඒ කුමක් නිසා ද යත්: භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මේ අධිකරණ හතරකි, සමථ හතකි. අධිකරණ සමථවලින් සංසිඳෙයි. සමථ අධිකරණවලින් සංසිඳෙයි” යැයි වදාළ සේක් නොවේ ද? මෙසේ මේ ධර්ම මිශ්‍ර වූ ඒවා ය, මිශ්‍ර නොවූ ඒවා නොවේ. මේ ධර්ම වෙන් කර කර ඒවායේ වෙනස පෙන්වා දීමට නොහැකිම ය.
දහසයවන සංසට්ඨවාරය නිමි.
17. සම්මතිවාරය
විවාදාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද, අනුවාදාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද, ආපත්තාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද, කිච්චාධිකරණය සමථ කීයකින් සංසිඳෙයි ද යත්:
1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකාවෙන් ද යන සමථ දෙකෙන් සංසිඳෙයි.
2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ හතරෙන් සංසිඳෙයි.
3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ තුනෙන් සංසිඳෙයි.
4. කිච්චාධිකරණය සම්මුඛාවිනය නම් වූ එක ම සමථයෙන් සංසිඳෙයි.
1. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ පහෙන් සංසිඳෙයි.
2. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකාවෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ හතරෙන් සංසිඳෙයි.
3. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකාවෙන් ද යන සමථ දෙකෙන් සංසිඳෙයි.
4. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ හයෙන් සංසිඳෙයි.
5. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ හතරෙන් සංසිඳෙයි.
6. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ තුනෙන් සංසිඳෙයි.
7. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ හතෙන් සංසිඳෙයි.
8. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකාවෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද යන සමථ පහෙන් සංසිඳෙයි.
9. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සමථ කීයකින් සංසිඳෙයි ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ හයෙන් සංසිඳෙයි.