14. යත්ථවාරය
1. යම් තැනක යේභුය්යසිකාව ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබේ. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි යේභුය්යසිකාව ලැබේ. එහි සතිවිනය නොලැබේ, එහි අමූළ්හවිනය නොලැබේ, එහි පටිඤ්ඤාතකරණය නොලැබේ, එහි තස්සපාපිය්යසිකාව නොලැබේ, එහි තිණවත්ථාරකය නොලැබේ.
2. යම් තැනක සතිවිනය ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබේ. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි සතිවිනය ලැබේ. එහි අමූළ්හවිනය නොලැබේ, එහි පටිඤ්ඤාතකරණය නොලැබේ, එහි තස්සපාපිය්යසිකාව නොලැබේ, එහි තිණවත්ථාරකය නොලැබේ, එහි යේභුය්යසිකාව නොලැබේ.
3. යම් තැනක අමූළ්හවිනය ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබේ. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි අමූළ්හවිනය ලැබේ. එහි පටිඤ්ඤාතකරණය නොලැබේ, එහි තස්සපාපිය්යසිකාව නොලැබේ, එහි තිණවත්ථාරකය නොලැබේ, එහි යේභුය්යසිකාව නොලැබේ, එහි සතිවිනය නොලැබේ.
4. යම් තැනක පටිඤ්ඤාතකරණය ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබේ. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි පටිඤ්ඤාතකරණය ලැබේ. එහි තස්සපාපිය්යසිකාව නොලැබේ, එහි තිණවත්ථාරකය නොලැබේ, එහි යේභුය්යසිකාව නොලැබේ, එහි සතිවිනය නොලැබේ, එහි අමූළ්හවිනය නොලැබේ.
5. යම් තැනක තස්සපාපිය්යසිකාව ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබේ. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි තස්සපාපිය්යසිකාව ලැබේ. එහි තිණවත්ථාරකය නොලැබේ, එහි යේභුය්යසිකාව නොලැබේ, එහි සතිවිනය නොලැබේ, එහි අමූළ්හවිනය නොලැබේ, එහි පටිඤ්ඤාතකරණය නොලැබේ.
6. යම් තැනක තිණවත්ථාරකය ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබේ. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි තිණවත්ථාරකය ලැබේ. එහි යේභුය්යසිකාව නොලැබේ, එහි සතිවිනය නොලැබේ, එහි අමූළ්හවිනය නොලැබේ, එහි පටිඤ්ඤාතකරණය නොලැබේ, එහි තස්සපාපිය්යසිකාව නොලැබේ.
7. යම් තැනක යේභුය්යසිකාව වේ නම්, එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනක සම්මුඛාවිනය වේ නම්, එහි යේභුය්යසිකාව වෙයි. එහි සතිවිනය නොවෙයි, එහි අමූළ්හවිනය නොවෙයි, එහි පටිඤ්ඤාතකරණය නොවෙයි, එහි තස්සපාපිය්යසිකාව නොවෙයි, එහි තිණවත්ථාරකය නොවෙයි.
8. යම් තැනක සතිවිනය වේ නම්, එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනක සම්මුඛාවිනය වේ නම්, එහි සතිවිනය වෙයි. එහි අමූළ්හවිනය නොවෙයි, එහි පටිඤ්ඤාතකරණය නොවෙයි, එහි තස්සපාපිය්යසිකාව නොවෙයි, එහි තිණවත්ථාරකය නොවෙයි, එහි යේභුය්යසිකාව නොවෙයි. (සම්මුඛාවිනය මුල් කොට -පෙ-)
9. යම් තැනක තිණවත්ථාරකය වේ නම්, එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනක සම්මුඛාවිනය වේ නම්, එහි තිණවත්ථාරකය වෙයි. එහි යේභුය්යසිකාව නොවෙයි, එහි සතිවිනය නොවෙයි, එහි අමූළ්හවිනය නොවෙයි, එහි පටිඤ්ඤාතකරණය නොවෙයි, එහි තස්සපාපිය්යසිකාව නොවෙයි.
චක්කපෙය්යාලය යි.
දහහතරවන යත්ථවාරය නිමි.
15. සමථවාරය
1. යම් අවස්ථාවක සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකාවෙන් ද අධිකරණය සංසිඳේ ද, ඒ අවස්ථාවේ යම් තැනක යේභුය්යසිකාව ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි යේභුය්යසිකාව ලැබෙයි. එහි සතිවිනය නොලැබෙයි, එහි අමූළ්හවිනය නොලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නොලැබෙයි, එහි තස්සපාපිය්යසිකාව නොලැබෙයි, එහි තිණවත්ථාරකය නොලැබෙයි.
2. යම් අවස්ථාවක සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සංසිඳේ ද, ඒ අවස්ථාවේ යම් තැනක සතිවිනය ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි සතිවිනය ලැබෙයි. එහි අමූළ්හවිනය නොලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නොලැබෙයි, එහි තස්සපාපිය්යසිකාව නොලැබෙයි, එහි තිණවත්ථාරකය නොලැබෙයි, එහි යේභුය්යසිකාව නොලැබෙයි.
3. යම් අවස්ථාවක සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද අධිකරණය සංසිඳේ ද, ඒ අවස්ථාවේ යම් තැනක අමූළ්හවිනය ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි අමූළ්හවිනය ලැබෙයි. එහි පටිඤ්ඤාතකරණය නොලැබෙයි, එහි තස්සපාපිය්යසිකාව නොලැබෙයි, එහි තිණවත්ථාරකය නොලැබෙයි, එහි යේභුය්යසිකාව නොලැබෙයි, එහි සතිවිනය නොලැබෙයි.
4. යම් අවස්ථාවක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද අධිකරණය සංසිඳේ ද, ඒ අවස්ථාවේ යම් තැනක පටිඤ්ඤාතකරණය ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි. එහි තස්සපාපිය්යසිකාව නොලැබෙයි, එහි තිණවත්ථාරකය නොලැබෙයි, එහි යේභුය්යසිකාව නොලැබෙයි, එහි සතිවිනය නොලැබෙයි, එහි අමූළ්හවිනය නොලැබෙයි.
5. යම් අවස්ථාවක සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්යසිකාවෙන් ද අධිකරණය සංසිඳේ ද, ඒ අවස්ථාවේ යම් තැනක තස්සපාපිය්යසිකාව ලැබේ නම්, එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනක සම්මුඛාවිනය ලැබේ නම්, එහි තස්සපාපිය්යසිකාව ලැබෙයි. එහි තිණවත්ථාරකය නොලැබෙයි, එහි යේභුය්යසිකාව නොලැබෙයි, එහි සතිවිනය නොලැබෙයි, එහි අමූළ්හවිනය නොලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නොලැබෙයි.