2. 5.
පාටිදේසනීය කාණ්ඩය
1. ගිතෙල් ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
2. තල තෙල් ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
3. මී පැණි ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
4. උක් හකුරු ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
5. මාළු ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
6. මස් ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
7. කිරි ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
8. මී කිරි ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගන්නී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
පාටිදේසනීය ඇවැත් අට නිමි.
දෙවන කතාපත්ති වාරය නිමි.