14. අධිකරණවාරය
1. කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර (සංඝයා විසින් සංසිඳවිය යුතු කරුණු) අතුරෙන් කුමන අධිකරණය ද යත්: කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණය (ඇවැත් පිළිබඳ අධිකරණය) යි. -පෙ-
2. මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණය ද යත්: මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණය යි.
හයවැනි අධිකරණවාරය නිමි.
15. සමථවාරය
1. කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, සමථ හත (අධිකරණ සංසිඳවන ක්රම) අතුරෙන් සමථ කීයකින් සංසිඳේ ද යත්: කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, සමථ හත අතුරෙන් සමථ තුනකින් සංසිඳේ: සමහර විට සම්මුඛාවිනයෙන් (සංඝයා ඉදිරියේ විනය අනුව සංසිඳවීමෙන්) ද පටිඤ්ඤාතකරණයෙන් (වරද කළ තැනැත්තා පිළිගත් පරිදි කටයුතු කිරීමෙන්) ද, සමහර විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් (තණකොළවලින් වසා දමන්නාක් මෙන් සංසිඳවීමෙන්) ද සංසිඳේ. -පෙ-
2. මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, සමථ හත අතුරෙන් සමථ කීයකින් සංසිඳේ ද යත්: මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, සමථ හත අතුරෙන් සමථ තුනකින් සංසිඳේ: සමහර විට සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, සමහර විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද සංසිඳේ.
හත්වැනි සමථවාරය නිමි.