4. 7.
1. ගැබිනි කාන්තාවක් උපසම්පදා කරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් ගැබිනි කාන්තාවක් උපසම්පදා කරවූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
2. කිරි පොවන මවක් උපසම්පදා කරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් කිරි පොවන මවක් උපසම්පදා කරවූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
3. වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව නොහික්මුණු සික්ඛමානාවක් උපසම්පදා කරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව නොහික්මුණු සික්ඛමානාවක් උපසම්පදා කරවූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
4. වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව හික්මුණු නමුත් භික්ෂුණී සංඝයා විසින් සම්මත නොකරන ලද සික්ඛමානාවක් උපසම්පදා කරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව හික්මුණු නමුත් භික්ෂුණී සංඝයා විසින් සම්මත නොකරන ලද සික්ඛමානාවක් උපසම්පදා කරවූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
5. විවාහ වූ, වයස අවුරුදු දොළහ නොපිරුණු කාන්තාවක් උපසම්පදා කරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් විවාහ වූ, වයස අවුරුදු දොළහ නොපිරුණු කාන්තාවක් උපසම්පදා කරවූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
6. විවාහ වූ, වයස අවුරුදු දොළහ පිරුණු නමුත් වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව නොහික්මුණු කාන්තාවක් උපසම්පදා කරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් විවාහ වූ, වයස අවුරුදු දොළහ පිරුණු නමුත් වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව නොහික්මුණු කාන්තාවක් උපසම්පදා කරවූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
7. විවාහ වූ, වයස අවුරුදු දොළහ පිරුණු, වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව හික්මුණු නමුත් භික්ෂුණී සංඝයා විසින් සම්මත නොකරන ලද කාන්තාවක් උපසම්පදා කරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් විවාහ වූ, වයස අවුරුදු දොළහ පිරුණු, වසර දෙකක් ධර්ම හයෙහි ශික්ෂාව හික්මුණු නමුත් භික්ෂුණී සංඝයා විසින් සම්මත නොකරන ලද කාන්තාවක් උපසම්පදා කරවූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
8. තමාගේ සද්ධිවිහාරිණිය (තමා යටතේ උපසම්පදාව ලැබූ ශිෂ්‍ය භික්ෂුණිය) උපසම්පදා කරවා, වසර දෙකක් (ධර්මය උගන්වා දීම ආදියෙන්) තමා ද සංග්‍රහ නොකරන, අනුන් ලවා ද සංග්‍රහ නොකරවන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය සද්ධිවිහාරිණියක උපසම්පදා කරවා වසර දෙකක් තමා ද සංග්‍රහ නොකළා ය, අනුන් ලවා ද සංග්‍රහ නොකෙරෙව්වා ය; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: ධුරනික්ෂේප සමුට්ඨානයෙන් ය. -පෙ-
9. තමා උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට වසර දෙකක් උපස්ථාන නොකරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට වසර දෙකක් උපස්ථාන නොකළහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: පළමු පාරාජික සමුට්ඨානයෙන් ය. -පෙ-
10. තමාගේ සද්ධිවිහාරිණිය උපසම්පදා කරවා, ඇය තමා ද (වෙනත් තැනකට) කැඳවාගෙන නොයන, කැඳවාගෙන යෑමට අනෙකෙකුට ද නියෝග නොකරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය සද්ධිවිහාරිණියක උපසම්පදා කරවා ඇය තමා ද කැඳවාගෙන නොගියා ය, කැඳවාගෙන යෑමට අනුන්ට ද නියෝග නොකළා ය; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: ධුරනික්ෂේප සමුට්ඨානයෙන් ය. -පෙ-
හත්වන ගබ්භිනී වර්ගය යි.