4. 5.
1. රජුගේ විනෝද ගෘහයක් හෝ චිත්‍ර ශාලාවක් හෝ උපවනයක් හෝ විනෝද උයනක් හෝ විනෝද පොකුණක් හෝ බලන්නට යන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් රජුගේ විනෝද ගෘහය ද චිත්‍ර ශාලාව ද බලන්නට ගියාහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
2. දිගු කකුල් ඇති පුටුවක් හෝ පාදවල වන සතුන්ගේ රූප කැටයම් කළ ඇඳක් හෝ පරිහරණය කරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් දිගු කකුල් ඇති පුටුව ද එවැනි ඇඳ ද පරිහරණය කළාහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
3. නූල් කටින භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් නූල් කැටුවාහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
4. ගිහියන්ට මෙහෙවර කරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් ගිහියන්ට මෙහෙවර කළාහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
5. භික්ෂුණීන් විසින් “එන්න ආර්යාවෙනි, මේ අධිකරණය (ආරවුල) සංසිඳුවන්න” යි කියනු ලැබූ විට “හොඳයි” යි පොරොන්දු වී, එය සංසිඳුවන්නේත් නැති, සංසිඳුවීමට උත්සාහ කරන්නේත් නැති භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය, භික්ෂුණීන් විසින් “එන්න ආර්යාවෙනි, මේ අධිකරණය සංසිඳුවන්න” යි කියනු ලැබූ විට “හොඳයි” යි පොරොන්දු වී එය සංසිඳුවූයේ නැත; සංසිඳුවීමට උත්සාහ කළේ ද නැත; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: ධුරනික්ෂේප සමුට්ඨානයෙන් ය. -පෙ-
6. ගිහියෙකුට හෝ පිරිවැජියෙකුට හෝ පිරිවැජි කාන්තාවකට හෝ සිය අතින් කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ දෙන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය සිය අතින් ගිහියෙකුට කෑ යුතු දෙය ද බුදිය යුතු දෙය ද දුන්නා ය; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: එළකලෝම සමුට්ඨානයෙන් ය. -පෙ-
7. අවස් සිවුර (ඔසප් කාලයේදී පාවිච්චි කරන සිවුර) අනුන්ට නොදී පරිහරණය කරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අවස් සිවුර අනුන්ට නොදී පරිහරණය කළා ය; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: කඨින සමුට්ඨානයෙන් ය. -පෙ-
8. (දොර ජනෙල් සහිත) සෙනසුනක් (රැකගැනීම පිණිස අනුන්ට) භාර නොදී චාරිකාවේ යන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය (දොර ජනෙල් සහිත) සෙනසුනක් (රැකගැනීම පිණිස අනුන්ට) භාර නොදී චාරිකාවේ ගියා ය; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: කඨින සමුට්ඨානයෙන් ය. -පෙ-
9. තිරිසන් විද්‍යාව (බුදු දහමට අයත් නොවන ලෞකික ශිල්ප) ඉගෙන ගන්නා භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් තිරිසන් විද්‍යාව ඉගෙන ගත්තාහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: පදසෝධම්ම සමුට්ඨානයෙන් ය. -පෙ-
10. තිරිසන් විද්‍යාව උගන්වන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් (අනුන්ට හානි කරන) තිරිසන් විද්‍යාව ඉගැන්වූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: පදසෝධම්ම සමුට්ඨානයෙන් ය. -පෙ-
පස්වන චිත්තාගාර වර්ගය යි.
4. 6.
1. දැන දැනම භික්ෂූන් සිටින ආරාමයකට අවසර නොවිචාරා ඇතුළු වන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂුණීන් අවසර නොවිචාරා ආරාමයකට ඇතුළු වූහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති දෙකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: ධුරනික්ෂේප සමුට්ඨානයෙන් ය. -පෙ-
2. භික්ෂුවකට බැණ වදින, අවමන් කරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: විසාලා නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂුණීන් ආයුෂ්මත් උපාලි තෙරුන්ට බැණ වැදුණහ; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
3. චණ්ඩ ස්වභාවයෙන් යුක්තව භික්ෂුණී පිරිසට අවමන් කරන භික්ෂුණිය සම්බන්ධ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත්නුවරදී පනවන ලදී. කවරෙකු අරභයා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය අරභයා ය. කිනම් කරුණක් නිසා ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය චණ්ඩ ස්වභාවයෙන් යුක්තව භික්ෂුණී පිරිසට අවමන් කළා ය; ඒ කරුණ නිසා ය. පඤ්ඤත්ති එකකි. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-