චෝදකයා තමා දවා ගැනීම
1. ක්‍රෝධ ඇති, බද්ධ වෛර ඇති, චණ්ඩ වූ, අනුන්ට පරිභව කොට කතා කරන යමෙක් ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
2. (“මෙසේ කියන්න, මෙසේ නොකියන්න” යි) කන් මුලට කොඳුරයි ද, වරදම සොයයි ද, විනිශ්චය පිරිහෙළයි ද, නොමඟ සේවනය කරයි ද (ඇවැත් පෙන්වයි ද), ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
3. නුසුදුසු කාලයේ (අවසර නොලබාම) අසත්‍ය වූ, රළු වූ, අයහපත පිණිස වූ වචනයෙන් චෝදනා කරයි ද, මෛත්‍රී සිත් නැතිව ද්වේෂයෙන් දූෂිත වූ සිතින් චෝදනා කරයි ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
4. ධර්මය හා අධර්මය නොදනී ද, ධර්මය හා අධර්මය ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
5. විනය හා අවිනය නොදනී ද, විනය හා අවිනය ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
6. වදාළ දේ හා නොවදාළ දේ නොදනී ද, වදාළ දේ හා නොවදාළ දේ ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
7. (බුදුරජාණන් වහන්සේ ආදීන් විසින්) පුරුදු කළ දේ හා පුරුදු නොකළ දේ නොදනී ද, පුරුදු කළ දේ හා පුරුදු නොකළ දේ ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
8. පනවන ලද දේ හා නොපනවන ලද දේ නොදනී ද, පනවන ලද දේ හා නොපනවන ලද දේ ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
9. ඇවැත හා නොඇවැත නොදනී ද, ඇවැත හා නොඇවැත ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
10. සැහැල්ලු ඇවැත් හා බරපතළ ඇවැත් නොදනී ද, සැහැල්ලු ඇවැත් හා බරපතළ ඇවැත් ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.
11. සාවසේස (ඉතිරියක් ඇති) ඇවැත් හා අනවසේස (ඉතිරියක් නැති) ඇවැත් නොදනී ද, සාවසේස හා අනවසේස ඇවැත් ගැන අදක්ෂ වේ ද, ඇවැතක් නොවන දෙයට “ඇවැතකි” යි චෝදනා නගයි ද, එබඳු චෝදකයා තමාම දවා ගනී.