6. 1.
1. අනාදරයෙන් (නොසැලකිල්ලෙන්) ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ අඳින භික්ෂුව කොපමණ ඇවැත්වලට පැමිණේ ද යත්: අනාදරයෙන් ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ අඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි. අනාදරයෙන් ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ අඳින භික්ෂුව මේ එක් ඇවැතට පැමිණේ.
2. අනාදරයෙන් ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ පොරවන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් ශරීරය විවෘත කරගෙන ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් ශරීරය විවෘත කරගෙන ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් අත හෝ පය හෝ සොලවමින් (සෙල්ලම් කරමින්) ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් අත හෝ පය හෝ සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
7. අනාදරයෙන් ඒ ඒ තැන බලමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
8. අනාදරයෙන් ඒ ඒ තැන බලමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
9. අනාදරයෙන් (එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ) ඔසවාගත් සිවුරු ඇතිව ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
10. අනාදරයෙන් (එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ) ඔසවාගත් සිවුරු ඇතිව ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
පළමුවැනි පරිමණ්ඩල වර්ගයයි.
6. 2.
1. අනාදරයෙන් මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
2. අනාදරයෙන් මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් උස් හඬ, මහ හඬ නඟමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් උස් හඬ, මහ හඬ නඟමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් කය සොලවමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් කය සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
7. අනාදරයෙන් උරහිස සොලවමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
8. අනාදරයෙන් උරහිස සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
9. අනාදරයෙන් හිස සොලවමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
10. අනාදරයෙන් හිස සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
දෙවැනි උජ්ජග්ඝික වර්ගයයි.