6. 2.
1. අනාදරයෙන් මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
2. අනාදරයෙන් මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් උස් හඬ, මහ හඬ නඟමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් උස් හඬ, මහ හඬ නඟමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් කය සොලවමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් කය සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
7. අනාදරයෙන් උරහිස සොලවමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
8. අනාදරයෙන් උරහිස සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
9. අනාදරයෙන් හිස සොලවමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
10. අනාදරයෙන් හිස සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
දෙවැනි උජ්ජග්ඝික වර්ගයයි.
6. 3.
1. අනාදරයෙන් ඉණෙහි අත් තබාගෙන ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
2. අනාදරයෙන් ඉණෙහි අත් තබාගෙන ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් හිස වසා පොරවාගෙන ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් හිස වසා පොරවාගෙන ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් පාදවල ඉදිරි කොටසින් හෝ විලුඹෙන් හෝ ඇවිදිමින් ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් අකවටු ගසාගෙන (දෙදණ වටා අතින් හෝ රෙද්දකින් හෝ වෙළාගෙන) ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
7. අනාදරයෙන් නොසැලකිල්ලෙන් පිණ්ඩපාතය පිළිගන්නා භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
8. අනාදරයෙන් එහෙ මෙහෙ බලමින් පිණ්ඩපාතය පිළිගන්නා භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
9. අනාදරයෙන් සූපය (හොද්ද) ම බොහෝ සේ පිළිගන්නා භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
10. අනාදරයෙන් මුදුන් වන සේ පුරවන ලද පිණ්ඩපාතය පිළිගන්නා භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
තෙවැනි ඛම්භකත වර්ගයයි.
6. 4.
1. අනාදරයෙන් නොසැලකිල්ලෙන් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
2. අනාදරයෙන් එහෙ මෙහෙ බලමින් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් එහෙ මෙහෙ හාරමින් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් සූපය (හොද්ද) ම බොහෝ සේ වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් බත් ගොඩ මුදුනෙන් මඩිමින් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් සූපය හෝ ව්‍යංජනය හෝ බතින් වසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.