16. සමුච්චය වාරය
1. මෛථුන ධර්මය සේවනය කිරීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: මෛථුන ධර්මය සේවනය කිරීම නිසා ඇවැත් හතරකට පැමිණේ. දිරාපත් නොවූ සිරුරක නිමිත්තෙහි මෛථුන ධර්මය සේවනය කරයි නම් පාරාජික ඇවැත වේ. බොහෝ දුරට දිරාපත් වූ සිරුරක නිමිත්තෙහි මෛථුන ධර්මය සේවනය කරයි නම් ථුල්ලච්චය ඇවැත වේ. ඇරගත් මුඛයක කොතැනක හෝ නොගැටෙන සේ අංගජාතය (පුරුෂ නිමිත්ත) ඇතුළු කරයි නම් දුක්කට ඇවැත වේ. ලාකඩයෙන් කළ නිමිත්තක (සේවනය කිරීමෙහි) පාචිත්තිය ඇවැත වේ. මෛථුන ධර්මය සේවනය කිරීම නිසා මේ ඇවැත් හතරට පැමිණේ.
2. ඒ ඇවැත්, විපත්ති (පිරිහීම්) හතර අතුරෙන් විපත්ති කීයකට අයත් වේද? ඇවැත් කොටස් හත අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේද? ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනීද? අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණයද? සමථ හත අතුරෙන් සමථ කීයකින් සංසිඳේද යත්:
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් ඇතැම් විටෙක සීල විපත්තියට (සීලය පිරිහීමට) ද, ඇතැම් විටෙක ආචාර විපත්තියට (හැසිරීම පිරිහීමට) දැයි විපත්ති දෙකකට අයත් වේ. ඇවැත් කොටස් හත අතුරෙන් ඇතැම් විටෙක පාරාජික ඇවැත් කොටසට ද, ඇතැම් විටෙක ථුල්ලච්චය ඇවැත් කොටසට ද, ඇතැම් විටෙක පාචිත්තිය ඇවැත් කොටසට ද, ඇතැම් විටෙක දුක්කට ඇවැත් කොටසට දැයි ඇවැත් කොටස් හතරකට ඇතුළත් වේ. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයෙන් ද සිතින් ද හටගනී, වචනයෙන් හටනොගනී. අධිකරණ හතර අතුරෙන් ඇවැත් පිළිබඳ අධිකරණය (ආපත්තාධිකරණය) යි. සමථ හත අතුරෙන් ඇතැම් විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, ඇතැම් විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි සමථ තුනකින් සංසිඳේ. -පෙ-
3. අගෞරවය නිසා පරිභෝජනය කරන ජලයට මළ හෝ මුත්රා හෝ කෙළ හෝ කිරීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: අගෞරවය නිසා පරිභෝජනය කරන ජලයට මළ හෝ මුත්රා හෝ කෙළ හෝ කිරීම නිසා දුක්කට ඇවැත නම් වූ එක් ඇවැතකට පැමිණේ. අගෞරවය නිසා පරිභෝජනය කරන ජලයට මළ හෝ මුත්රා හෝ කෙළ හෝ කිරීම නිසා මේ එක් ඇවැතට පැමිණේ.
4. ඒ ඇවැත, විපත්ති හතර අතුරෙන් විපත්ති කීයකට අයත් වේද? ඇවැත් කොටස් හත අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේද? ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනීද? අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණයද? සමථ හත අතුරෙන් සමථ කීයකින් සංසිඳේද යත්:
ඒ ඇවැත, විපත්ති හතර අතුරෙන් ආචාර විපත්තිය නම් වූ එක් විපත්තියකට පමණක් අයත් වේ. ඇවැත් කොටස් හත අතුරෙන් දුක්කට ඇවැත් කොටස නම් වූ එක් ඇවැත් කොටසකට ඇතුළත් වේ. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයෙන් ද සිතින් ද හටගනී, වචනයෙන් හටනොගනී. අධිකරණ හතර අතුරෙන් ඇවැත් පිළිබඳ අධිකරණය (ආපත්තාධිකරණය) යි. සමථ හත අතුරෙන් ඇතැම් විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, ඇතැම් විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි සමථ තුනකින් සංසිඳේ.
අටවැනි සමුච්චය වාරය නිමි.
ප්රත්යය වාර අට නිමි.
මහා විභඞ්ගයේ මහා වාර දහසය නිමි.
මහා විභඞ්ගය ද නිමි.