7. 7.
1. අනාදරයෙන්, මිරිවැඩි දමාගෙන සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
2. අනාදරයෙන්, පාවහන් දමාගෙන සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
3. අනාදරයෙන්, යානයක සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
4. අනාදරයෙන්, ඇඳක (යහනක) සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
5. අනාදරයෙන්, (අත් ආදියෙන්) දණහිස් වටකොට බැඳගෙන හිඳින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
6. අනාදරයෙන්, (රෙදි ආදියෙන්) හිස වෙළාගෙන සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
7. අනාදරයෙන්, හිස වසා පොරවාගෙන සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
8. අනාදරයෙන්, තමා බිම හිඳගෙන, ආසනයක හිඳින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
ඇවැත් හටගන්නා ආකාර (ආපත්ති සමුට්ඨාන) හය අතුරෙන් එක් සමුට්ඨානයකින් හටගනී; කයෙන් ද වචනයෙන් ද සිතින් ද හටගනී -පෙ-
9. අනාදරයෙන්, තමා මිටි ආසනයක හිඳගෙන, උස් ආසනයක හිඳින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
10. අනාදරයෙන්, තමා සිටගෙන, හිඳගෙන සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
11. අනාදරයෙන්, තමා පසුපසින් යමින්, ඉදිරියෙන් යන කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
12. අනාදරයෙන්, තමා මඟින් පිටතින් යමින්, මඟේ යන කෙනෙකුට දහම් දෙසන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
13. අනාදරයෙන්, සිටගෙන මළ හෝ මුත්‍රා හෝ පහ කරන භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
ඇවැත් හටගන්නා ආකාර (ආපත්ති සමුට්ඨාන) හය අතුරෙන් එක් සමුට්ඨානයකින් හටගනී; කයෙන් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී -පෙ-
14. අනාදරයෙන්, නිල් (තණකොළ ආදිය) මත මළ හෝ මුත්‍රා හෝ කෙළ හෝ බහින භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය -පෙ-
15. අනාදරයෙන්, (පරිභෝජනයට ගන්නා) ජලයේ මළ හෝ මුත්‍රා හෝ කෙළ හෝ බහින භික්ෂුවට දුක්කට ඇවැත නියම කළ සේඛිය ශික්ෂාපදය කොහේ දී පනවන ලද්දේ ද යත්: සැවැත් නුවර දී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු (පරිභෝජනයට ගන්නා) ජලයේ මළ ද මුත්‍රා ද කෙළ ද බැහැර කළහ; ඒ කරුණ නිසා ය.
පැනවීම (පඤ්ඤත්ති) එකකි. අනු පැනවීම (අනුපඤ්ඤත්ති) එකකි.
ඇවැත් හටගන්නා ආකාර (ආපත්ති සමුට්ඨාන) හය අතුරෙන් එක් සමුට්ඨානයකින් හටගනී; කයෙන් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී -පෙ-
හත්වන පාදුකා වර්ගයයි.
සේඛිය ශික්ෂාපද හැත්තෑපහ නිමි.