1. 7.
සේඛියා කාණ්ඩය
7. 1.
1. ශික්ෂාපද පැනවීමට සුදුසු කාලය දන්නා, ශික්ෂාපද පැනවීමට කරුණු දකින ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, අගෞරවය නිසා ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලෙන සේ සිවුර අඳින භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු ඉදිරියෙන් ද පිටුපසින් ද එල්ලෙන සේ සිවුරු ඇන්දෝ ය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
2. අගෞරවය නිසා ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලෙන සේ සිවුර පොරවන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු ඉදිරියෙන් ද පිටුපසින් ද එල්ලෙන සේ සිවුරු පෙරෙව්වෝ ය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
3. අගෞරවය නිසා කය විවෘත කරගෙන ගම ඇතුළට යන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- ෂඩ්වර්ගික භික්ෂූහු කය විවෘත කරගෙන ගම ඇතුළට ගියෝ ය. ඒ කරුණ නිසා ය. -පෙ-
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
4. අගෞරවය නිසා කය විවෘත කරගෙන ගම ඇතුළේ හිඳින භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- ෂඩ්වර්ගික භික්ෂූහු කය විවෘත කරගෙන ගම ඇතුළේ හිඳගත්තෝ ය. ඒ කරුණ නිසා ය. -පෙ-
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
5. අගෞරවය නිසා අත හෝ පය හෝ සොලවමින් ගම ඇතුළට යන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- ෂඩ්වර්ගික භික්ෂූහු අත ද පය ද සොලවමින් ගම ඇතුළට ගියෝ ය. ඒ කරුණ නිසා ය. -පෙ-
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
6. අගෞරවය නිසා අත හෝ පය හෝ සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- ෂඩ්වර්ගික භික්ෂූහු අත ද පය ද සොලවමින් ගම ඇතුළේ හිඳගත්තෝ ය. ඒ කරුණ නිසා ය. -පෙ-
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී.
7. අගෞරවය නිසා ඒ ඒ තැන බලමින් ගම ඇතුළට යන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- ෂඩ්වර්ගික භික්ෂූහු තැනින් තැන බලමින් ගම ඇතුළට ගියෝ ය. ඒ කරුණ නිසා ය. -පෙ-
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී.
8. අගෞරවය නිසා ඒ ඒ තැන බලමින් ගම ඇතුළේ හිඳින භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- ෂඩ්වර්ගික භික්ෂූහු තැනින් තැන බලමින් ගම ඇතුළේ හිඳගත්තෝ ය. ඒ කරුණ නිසා ය. -පෙ-
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී.
9. අගෞරවය නිසා එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ සිවුර ඔසවාගෙන ගම ඇතුළට යන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු සිවුර ඔසවාගෙන ගම ඇතුළට ගියෝ ය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී.
10. අගෞරවය නිසා එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ සිවුර ඔසවාගෙන ගම ඇතුළේ හිඳින භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු සිවුර ඔසවාගෙන ගම ඇතුළේ හිඳගත්තෝ ය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී.
පළමුවන පරිමණ්ඩල වර්ගයයි.