7. 5.
1. අගෞරවය නිසා ආහාර පිඬ මුවට ළං නොකළ විටම මුව විවර කරන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු අගෞරවය නිසා ආහාර පිඬ මුවට ළං නොකළ විටම මුව විවර කළහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
2. අගෞරවය නිසා වළඳන අතරේ සියලු ඇඟිලි (මුළු අතම) මුවෙහි දමන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
3. අගෞරවය නිසා ආහාර සහිත මුවින් කතා කරන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- එක් ආකාරයකින් හටගනී: කයින් ද වචනයෙන් ද සිතින් ද හටගනී. -පෙ-
4. අගෞරවය නිසා ආහාර පිඬු මුවට දමා දමා වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ- එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
5. අගෞරවය නිසා ආහාර පිඬු කඩ කඩා වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
6. අගෞරවය නිසා කම්මුලෙහි ආහාර රැස් කර කර වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
7. අගෞරවය නිසා අත් සොලවමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
8. අගෞරවය නිසා බත් ඇට විසුරුවමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
9. අගෞරවය නිසා දිව එළියට දමමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
10. අගෞරවය නිසා ‘චපු චපු’ යන හඬ නගමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
පස්වන කබළ වර්ගය යි.
7. 6.
1. අගෞරවය නිසා ‘සුරු සුරු’ යන හඬ නගමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: කොසඹෑ නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂූහු ‘සුරු සුරු’ යන හඬ නගමින් කිරි පානය කළහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
2. අගෞරවය නිසා අත ලෙව කමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
3. අගෞරවය නිසා පාත්රය ලෙව කමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
4. අගෞරවය නිසා තොල් ලෙව කමින් වළඳන භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය -පෙ-
5. අගෞරවය නිසා ඉඳුල් සහිත අතින් පැන් තලිය (වතුර බඳුන) පිළිගන්නා භික්ෂුවට දුක්කට ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: භග්ග ජනපදයේදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂූහු ඉඳුල් සහිත අතින් පැන් තලිය පිළිගත්හ. ඒ කරුණ නිසා ය.