නවවන ශික්ෂාපදයයි.
8. 5. 10.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන් චපු චපු ශබ්ද නඟමින් වළඳති. -පෙ-
“චපු චපු ශබ්ද නඟමින් නොවළඳන්නෙමියි හික්මිය යුතුය.”
2. චපු චපු ශබ්ද නඟමින් නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් චපු චපු ශබ්ද නඟමින් වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදයයි.
පස්වන කබළ වර්ගයයි.